joo
|

රුසියාවට සහාය දක්වන රටවලට අනතුරු ඇඟවීමක්

අමෙරිකාව විසින් රුසියාවට පනවනු ලැබූ දැඩි සම්බාධක සඳහා විකල්ප භාවිත කිරීම තුන්වැනි ලෝක යුද්ධයක අවදානම මතු කරනු ඇතැයි අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කර තිබේ. අන්තර්ජාතික නීතියට පටහැණිව කටයුතු කිරීමෙන් වන්දි ගෙවීමට සිදු වනු ඇතැයි සෙසු රටවලට අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ.    

winds

දිස්ත්‍රීක්ක කිහිපයකට වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ සිහින් වැසි වාර කීපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ඌව සහ නැගෙනහිර පළාත් වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් පස්වරු 02.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. එමෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්ක සුළගේ වේගය ද…

death

ඉන්ධන පිරවුම්හලකදී පුද්ගලයෙකු ඝාතනය කරයි

නිට්ටඹුව පොලිස් වසමේ හොරගොල්ල ඉන්ධන පිරවුම්හල අසලදී තියුණු ආයුධයකින් පහරදී 28 හැවිරිදි කොළඹ 14 ප්‍රදේශයේ පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. ඉන්ධන ලබාගැනීමට පැමිණි යතුරුපැදිකරුවෙකු හා ත්‍රිරෝද රථ රියදුරෙකු අතර ඇතිවූ ආරවුලකින් පසුව අනතුරුව තුවාලකරුව වතුපිටිවල රෝහල ඇතුළත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව පොලීසිය පවසයි.

death

ඉන්ධන පෝලිමේ සිටි පුද්ගලයෙක් මරුට

මහනුවරදී ඉන්ධන ලබාගැනීමට පෝලිමේ සිටි 71 හැවිරිදි පුද්ගලයෙක් ද වැටී මියගොස් ඇති බව වාර්තා වී තිබේ. අධික උෂ්ණත්වය නිසා ඇදවැටී මිය ගිය බව තවදුරටත්සදහන් වෙයි.

බලශක්ති අර්බුදය කළමනාකරණය ගැනීමට යෝජනාවලියක්
|

බලශක්ති අර්බුදය කළමනාකරණය ගැනීමට යෝජනාවලියක්

පවතින ලෝක බලශක්ති අර්බුදය කළමනාකරණය ගැනීම සඳහා තාවකාලික විසඳුම් අඩංගු යෝජනාවලියක් ජාත්‍යන්තර බලශක්තිය ආයතන විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එම යෝජනාවලිය මෙසේය. අධිවේගී මාර්ගවල වේග සීමා අවම වශයෙන් පැයට කිලෝමීටර 10 කින් අඩු කරන්න. හැකි සෑම විටම සතියේ දින තුනක් දක්වා නිවසේ සිට වැඩ කරන්න. ඉරිදා දිනය නගර වාහනවලින් තොර කරන්න. පොදු ප්‍රවාහනය භාවිතා කිරීම…

srilanka

රටවල් රැසකින් ශ්‍රී ලංකාවෙන් සහාය ඉල්ලයි

යුක්‍රේනය වෙනුවෙන් හඩ නැගීමට සහාය වන ලෙස බටහිර රටවල් 14ක් මෙරට රජයෙන් ඉල්ලීමක් කර තිබේ. ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් එම රටවල රාජ්‍ය තාන්ත්‍රිකයින් මේ බව අවධාරණය කර ඇති බව සඳහන්ය. එබැවින් යුක්‍රේනය සහ ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාව සඳහා සහාය වන්නැයි රටවල් රැසක තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

දින තුනකට පසුව ඩීසල් ලැබෙයි

දින තුනකට පසුව ඩීසල් ලැබෙයි

හැටන් ඉන්දන හලකට දින තුනකට පසුව ඩීසල් ලැබිමත් සමග ඩිසල් ලබා ගැනිම සදහා රථ වාහන විශාල ප්‍රමාණයක් පොලිමේ රැදි සිටින අයුරු දක්නට හැක. හැටන් නගරයේ පවතින මෙම ඉන්දන හලට ලැබුන ඩීසල් ලබා ගැනිම සදහා රථ වාහන හා බූලී රැගත් පිරිස් පොලිමේ රැදි සිටින අයුරු මෙම ඡායාරුපවලින් දැක්වේ. ඩිසල් හිගය හේතුවෙන් හැටන් සිට ධාවනය වන පුද්ගලික…

Water_Cut

වියළි කාලගුණය නිසා ජලය බේදාහරින්නේ දින දෙකයි

මධ්‍යම කදුකරය තුල පවතින වියළි කාලගුණික තත්වයන් හේතුවෙන් ජල මණ්ඩලය මගින් බේදාහරින ජලය දින දෙකකට වරක් ලබා දිමට ජල මණ්ඩලයේ හැටන් පාරිභෝගි මධ්‍යස්ථානය විසින් පියවර ගෙන ඇත. මෙම තත්වයන් පිලිබදව ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරිම සදහා හැටන් ජල පාරිභෝගික මධ්‍යස්ථානය ශබ්ද විකාශන යනුත්‍ර මගින් ප්‍රචාරටන් සිදු කරන අතර එම ප්‍රචාරයන් මගින් ඔවුන් පවසනුයේ හැටන් දික්ඔය ප්‍රදේශයන්ට…

china-omicron
|

නව ඔමික්‍රොන් ප්‍රභේදයක් නිසා චීනයේ ප්‍රාන්ත 13ක් යළි ලොක්ඩවුන්

බී.ඒ2 වර්ගයේ ඔමික්‍රෝන් වයිරසයේ අනු ප්‍රභේදයක් හඳුනා ගැනීමත් සමඟ මිලියන 50ක ජනතාවක් සිටින ප්‍රාන්ත 13ක් යළි වසා දැමීමට චීන බලධාරීන් කටයුතු කර තිබේ. නව කොරෝනා වයිරසය ශීඝ්‍රයෙන් පැතිර යෑමේ අවදානමක් පවතින බව විශේෂඥයන් අනතුරු අගවා තිබේ. වයිරසය පැතිරීම වේගවත් විය හැකි බවත් ඔවුහු කියා සිටිති.

viduli-bila

විදුලි බිලත් ඉහළට

විදුලි බිල වැඩි කරමින් රුපියල් කෝටි දහහතර දාහක අමතර ආදායමක් ලබාගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර ඇත. ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කළ විදුලි බිල වැඩි කිරීමේ යෝජනාවලිය ලැබුණු බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක කියා සිටියේය. එම යෝජනාවලිය අධ්‍යයනය කර සංශෝධන සහිතව අනුමැතිය ලබාදෙන බව සභාපතිවරයා කීවේය.