ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කල විමල්ගේ බිරියගේ පාස්පෝට් නඩුවේ තීන්දුව මාර්තු 10 වනදා

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කල විමල්ගේ බිරියගේ පාස්පෝට් නඩුවේ තීන්දුව මාර්තු 10 වනදා

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍යතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීම සම්බන්ධයෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ හෙවත් රණසිංහ රන්දුනු මුදියන්සේලාගේ ශීර්ෂා උදයන්ති මහත්මියට එරෙහිව ගොනු කර ඇති නඩුවේ තීන්දුව ලබන මාර්තු 10 වනදාට ප්‍රකාශයට පත්කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියම කළේය. නඩුවේ පැමිණිල්ලේ සහ විත්තියේ සාක්ෂි විභාගය අවසන් කිරීමෙන් අනතුරුව මෙසේ තීන්දුව…

ඩ්‍රෝන ප්‍රහාරයකින් ලාංකිකයකුට තුවාලයි
|

ඩ්‍රෝන ප්‍රහාරයකින් ලාංකිකයකුට තුවාලයි

යේමනයේ හූති කැරැලිකරුවන් එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් ශ්‍රී ලාංකිකයන් ඇතුළු 12 දෙනකු තුවාල ලබා ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි. සෞදි අරාබිය සහ යේමනය අතර දේශසීමාවේ සෞදි අරාබියේ අබා ජාත්‍යන්තර ගුවන් තොටුපොළට මෙම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වී තිබේ. සෞදි අරාබිය මූලිකත්වයෙන් ක්‍රියාත්මක ඒකාබද්ධ හමුදා යේමනයේ ක්‍රියාත්මක හූති කැරැලිකරුවන්ට එරෙහිව සටන් වදියි.

strick

හෙද නිලධාරීන්ගේ සංගමය වර්ජනයෙන් ඉවත්වෙයි

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කරමින් තිබූ වැඩවර්ජනයට එරෙහිව නිකුත් කර ඇති අධිකරණ නියෝගය හේතුවෙන් වර්ජනය අත්හිටුවු බව රජයේ හෙද ධාරීන්ගේ සංගමය සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි. සෙසු වෘත්තීය සමිති අඛණ්ඩ වර්ජනයේ නිරත වන බවත් රජයේ හෙද ධාරීන්ගේ සංගමය පවසයි.

අදත් (13)තද වැසි

අදත් (13)තද වැසි

උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත්, ඇතැම් ස්ථානවලට මි.මී 100 ක පමණ තද වැසි ඇතිවිය හැක. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුවසහ බස්නාහිර පළාත්වලත් නුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී….

athurudhan

අතුරුදහන්වූවන්ගේ ඥාතීන් ජනාධිපතිට විරෝධය විරෝධය පලකරයි

වවුනියාවට ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විරෝධය පලකරමින් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පිරිසක් වවුනියාව පම්පමඩුවේ අද විවෘත කළ විශ්ව විද්‍යාලය ඇතුළුවීමට උත්සහ කළ අවස්ථාවේ මාර්ග බාධක යොදා නතර කිරීමත් සමග අතුරුදහන්වූ ඥාතීන් සහ පොලිසිය අතර දැඩි නොසන්සුන්තාවක් ඇති තත්ත්වයක් වූහ. විරෝධතාකරුවන් විශ්ව විද්‍යාලය අසලට යාම වළක්වාලමින් පොලිසිය හා යුද හමුදාව වවුනියාව, පම්පමඩුව යුද හමුදා කඳවුර අසල මාර්ග…

Local government elections

පළාත් පාලන මැතිවරණය මිශ්‍ර ක්‍රමයකට – කාන්තා නියෝජනයත් වැඩි කරයි

කේවල සහ සමානුපාතික නියෝජන ක්‍රමයන් මිශ්‍ර වූ ක්‍රමයක් යටතේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවධානය යොමුවී ඇත. ඒ අනුව නියෝජිතයින් සියයට 60 ක් කේවල ක්‍රමය යටතේද සියයට 40ක් සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ ද තෝරාගැනීම පිළිබඳ සාකච්ඡා විය. එසේම පළාත් පාලන මැතිවරණයේදී කාන්තා නියෝජනය වැඩි කිරීම…

power-cut

විදුලිය කපන්න අවසර ඉල්ලයි

ඉදිරි මාස තුනක කාලයේ විදුලිය කප්පාදුවක් සිදු කිරීමට අවශ්‍ය බව විදුලි බල මණ්ඩලය දැනුම් දී ඇත. ඒ සදහා අනුමැතිය දෙන්නැයි මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලා ඇත. කොමිසම පවසන්නේ විදුලිය පරිභෝජනය අවම කර සහාය ලබා නොදුනහොත් ඒ සඳහා අවසර දිය යුතු තත්ත්වයක් උදා වී ඇති බවයි. “ඉදිරි මාස 3ක විදුලි කප්පාදුවකට අවසරය ඉල්ලා සිටියා. විදුලි පරිභෝජනය අවම…

basil-rajapaksha

විදේශ විනිමය හිඟය තාවකාලික තත්ත්වයක්

රට තුළ පවතින විදේශ විනිමය හිඟය තාවකාලික තත්ත්වයක් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. මුදල් අමාත්‍යාංශයේ පැවති රැස්වීමකදී අමාත්‍යවරයා කියා සිටියේ, ඒ මගින් ජනතාවට ඇතිවන බලපෑම අවම කිරීම රජයේ අපේක්ෂාව බවයි. අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟයකින් තොරව පාරිභෝගිකයින් වෙත ලබාදීම සඳහා ජනාධිතිවරයා විසින් පත්කල කමිටුවේ පළමු රැස්වීම අද මුදල් අමාත්‍යාංශයේදී පැවැත්වුණා. එහිදී වැඩි අවදානයක් යොමුව ඇත්තේ…

mangala
| |

අභාවප්‍රාප්ත කෘතහස්ත දේශපාලඥයකු වූ මංගල සමරවීර මහතා වෙනුවෙන් වූ ශෝක‌ යෝජනාව

හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ මංගල සමරවීර මහතා කොවිඩ් වෛරසය අසාදනය වීම හේතුවෙන් කොළඹ, පෞද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත විය. ඔහු මිය යන විට 65 වන වියේ පසු විය. 1983 වර්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර සංවිධායකවරයා වශයෙන් දේශපාලනයට පිවිසි මංගල සමරවීර මහතා, 1989දී පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වශයෙන් තේරී පත් වුණි. 1994 වර්ෂයේ දී හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග…

thirigu-piti

තිරිගු පිටි නොමැතිව බේකරි හිමියෝ අසරණ වෙති

මෙරට පිහිටි ප්‍රධාන තිරිගු පිටි සමාගම් ඉල්ලුමට සරිලන තිරිගු පිටි තොග නිකුත් නොකිරිම නිසා තම ව්‍යාපාර කටයුතුවලට බාධා එල්ලවී ඇතැයි හැටන් ප්‍රදේශයේ බේකරි හිමියෝ සහ සිල්ලර සහ තොග වෙළෙන්දෝ කියා සිටිති. පිටි එජන්තවරුන්  තමන් වෙත තිරිගු පිටි ඉතා සිමිත ප්‍රමාණයක් නිකුත් කරන බව හැටන් ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව පවසයි. දැනට එම සමාගම  තිරිගු පිටි කිලෝවක් රු…