ලෝක හෙවිවේට් බොක්සිං කිරුළ  බ්‍රිතාන්‍යයේ ඇන්තනි ජොෂුවාට

ලෝක හෙවිවේට් බොක්සිං කිරුළ බ්‍රිතාන්‍යයේ ඇන්තනි ජොෂුවාට

ඇමරිකාවේ නිව්යෝක් නුවරදී තමා පරාජය ලැබූ මෙක්සිකෝවේ ඇන්ඩි රුයිස් පරදවා නැවතත් ලෝක හෙවිවේට් බොක්සිං කිරුළ දිනාගැනීමට බ්‍රිතාන්‍යයේ ඇන්තනි ජොෂුවා ඊයේ සමත්වුණා. රියාද් නුවර දිරියා ක්‍රීඩාගාරයේ 14,000 කට අධික ක්‍රීඩාලෝලීන් ඉදිරියේ පැවති එම තරගයේදී ජොෂුවා, ඇන්ඩි රුයිස් වට තුනකදී ලකුණුවලින් පරාජයට පත් කරනු ලැබුවා.

ටෙනිස්ශූර රොජර් ෆෙඩරර්ගේ ජීවමාන රුවක් සහිත රිදි කාසියක්

ටෙනිස්ශූර රොජර් ෆෙඩරර්ගේ ජීවමාන රුවක් සහිත රිදි කාසියක්

ස්විට්සර්ලන්තය ප්‍රථම වතාවට ජීවමාන පුද්ගලයෙකුගේ ජයග්‍රහණය සනිටුහන් කිරිම සඳහා ස්විට්සර්ලන්තයේ ෆ්‍රෑන්ක් (ඩොලර් 20) රිදී කාසියක් නිකුත් කර තිබේ. ප්‍රසිද්ධ ,ප්‍රවිණ ටෙනිස්ශූර රොජර් ෆෙඩරර්ගේ ජීවමාන රුවක් සහිතව මෙලෙස රීදි කාසිය නිකුත් කර තිබේ. තිස් අට හැවිරිදි රොජර් ස්විට්සර්ලන්තයේ වඩාත්ම සාර්ථක තනි ක්‍රීඩකයා මෙන්ම ඔහු ස්විට්සර්ලන්තයේ පුණ්‍ය ආයතන ක්‍රියාකිරිකයෙකු වේ. ස්විට්සර්ලන්ත ජාතික රොජර් ෆෙඩරර්ට රිදී කාසියක් පිරිනැමූ…

ස්විට්සර්ලන්තයේ බර්න් ක්‍රිඩාංගනයට  යළි පැරණි නම ලබා දෙයි
|

ස්විට්සර්ලන්තයේ බර්න් ක්‍රිඩාංගනයට  යළි පැරණි නම ලබා දෙයි

1954 ලෝක කුසලාන පාපන්දු  අවසන් මහා තරගය පැවැත්වූ බර්න් ක්‍රීඩාංගණය එහි මුල් නම වු වැන්ක්ඩෝෆ් ක්‍රිඩාංගනය ලෙස යළි නම් කර තිබේ. නව අනුග්‍රාහක ගනුදෙනුවක් වෙනුවෙන් මෙලෙස ‌‌ වැන්ක්ඩෝෆ් ක්‍රීඩාංගනයේ නම යථා තත්වයට පත් කර තිබේ. 1925 දී ඉදිකරන මෙහි  1954 දී ලේක කුසලාන අවසන් පාපන්දු තරඟය පැවැත්විණි. මෙහිදි  බටහිර ජර්මනිය හංගේරියාව 3-2ක් ලෙස ප්‍රසාදයට පත්…

‘කලම්බු සුපර් ක්‍රොස් – 2019’ ධාවන තරඟාවලිය වැලිසරදී සාර්ථකව නිමාවට පත්වේ

‘කලම්බු සුපර් ක්‍රොස් – 2019’ ධාවන තරඟාවලිය වැලිසරදී සාර්ථකව නිමාවට පත්වේ

ශ්‍රී ලංකා නාවික හමුදාව තෙවනවරටත් ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය හා එක්ව  සංවිධානය කරනු ලැබූ ‘කලම්බු සුපර් ක්‍රොස් – 2019’  තරඟාවලිය වැලිසර පිහිටි නාවික හමුදා මෝටර් රථ ධාවන පථයේදී සාර්ථක අයුරින් නිමාවට පත්විය. තිස් වසරක කුරිරු යුද්ධයේදී මාතෘ භූමිය වෙනුවෙන් දිවි කැපකල හා ආබාධිත තත්ත්වයට ලක් වූ නාවික රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වල…

ශ්‍රී ලංකා පිල කාන්තා වොලිබෝල් ඉසව්වේ අවසන් පූර්ව වටයට

ශ්‍රී ලංකා පිල කාන්තා වොලිබෝල් ඉසව්වේ අවසන් පූර්ව වටයට

13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා වොලිබෝල් ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම සහ මාලදිවයින් කණ්ඩායම අතර තරගයෙන් වට 3ට 0ක් ලෙස පහසුවෙන් ජයගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.තරගයේ ලකුණු සටහන දැක්වුණේ 25ට 15ක්, 25ට 18ක් සහ 25ට 14ක් ලෙසයි. ශ්‍රී ලංකාව සහ සත්කාරක නේපාලය අතර අවසන්…

අන්තර් බලඇණි වොලිබෝල් තරඟාවලිය – 2019

අන්තර් බලඇණි වොලිබෝල් තරඟාවලිය – 2019

ගජබා රෙජිමේන්තු “අන්තර් බලඇණි වොලිබෝල් තරඟාවලිය – 2019” නොවැම්බර් මස 22 සිට 24 දින දක්වා අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථාන ක්‍රීඩා පිටියේදී පැවැත්විණි. මෙම තරඟාවලිය සෙබළුන්ගේ ක්‍රිඩා කුසලතා ඉහල නැංවීම සහ ගජබා රෙජිමේන්තුවේ නිලධාරින් සහ සෙසු නිලයින් අතර සහජීවනය මෙන්ම අවබෝධය වැඩි දියුණු කිරීමේ අරමුණින් සංවිධානය කරනු ලැබීය. තරඟාවලිය සඳහා කණ්ඩායම් 18 කට වැඩි සංඛ්‍යාවක්…

රොදර්හැමි සර්කිටි මීටි – 2019

රොදර්හැමි සර්කිටි මීටි – 2019

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සුභ සාධක ව්‍යාපෘති සදහා අධාර පිණිස සංවිධානය කරනු ලැබු රොදර්හැමි සර්කිටි මීටි 2019 ත්‍රාසය භිතිය සමගින් උද්වේගකාරී ක්‍රිඩාශීලීත්වයක් පිළිඹිබු කරමින් කටුකුරුන්ද ගුවන් හමුදා කදවුරේදී 2019 නොවැමිබර් මස 24 වන දින සාර්ථකව නිමාවට පත්වු අතර මෙම තරගාවලියේ ත්‍යාග හා කුලාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන අරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස්…

Sandy Bay Navy Cup 2019’ ගොල්ෆ් තරඟාවලිය ත්‍රිකුණාමලයේදී!
|

Sandy Bay Navy Cup 2019’ ගොල්ෆ් තරඟාවලිය ත්‍රිකුණාමලයේදී!

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ ‘Sandy Bay Navy Cup 2019’ ගොල්ෆ් තරඟාවලිය 2019 නොවැම්බර් 24 වන දින ත්‍රිකුණාමලය, සැන්ඩි බේ ගොල්ෆ් පිටියේදී (Sandy Bay golf course ) පවත්වන ලදී. මෙම තරඟාවලිය ආධුනික, නිලධාරි සහ ශූරතා වශයෙන් කාණ්ඩ තුනක් යටතේ පැවැති අතර, ආධුනික කාණ්ඩයට ප්‍රධාන තරඟාවලීන් සඳහා ක්‍රීඩා නොකළ නාවික හමුදා නිලධාරින් සහ…

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගෙන් උතුරේ ක්‍රීඩකයින්ට පුහුණුවක්!

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගෙන් උතුරේ ක්‍රීඩකයින්ට පුහුණුවක්!

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය ගේ මඟ පෙන්වීම මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 51 වන සේනාංකය විසින් උතුරේ ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා සංවිධානය කරන ලද පූර්ණ දින ක්‍රිකට් පුහුණු කඳවුරක් ඉකුත් ඉරිදා (24) දින යාපනය ශාන්ත පැට්‍රික් විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. මෙම අවස්ථාව අර්ධද්වීපයේ සිටින තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින් අතර ක්‍රීඩා කුසලතා වැඩි…

අබුඩාබිහි T10  ශුරතාව  මරාතා ඇරබියන්ස්ට

අබුඩාබිහි T10 ශුරතාව මරාතා ඇරබියන්ස්ට

ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පරාජය කරමින් අබුඩාබිහි පැවැති T10 තරගාවලියේ ශුරතාව දිනාගැනීමට මරාතා ඇරබියන්ස් කණ්ඩායම ඊයේ (24) රාති‍්‍රයේ සමත් විය. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරතවීමට කසුන් රාජිත සහ ලසිත් මාලිංගට හැකිවුණේ ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ප‍්‍රබල අභියෝගයක් එල්ල කරමින්. පළමුව පන්දුවට පහරදුන් ඩෙකෑන් කණ්ඩායම නියමිත පන්දුවාර 10 දී කඩුළු 08 කට ලකුණු 87 ක් රැස්කළේය.මරාතා ඇරබියන්ස් කණ්ඩායම…