ඔස්ට්‍රලේෂියා පිස්තෝල වෙඩිතැබීමේ තරඟාවළියේදී ශ්‍රී ලංකාව ලෝකඩ පදක්කමක් දිනාගනී

ඔස්ට්‍රලේෂියා පිස්තෝල වෙඩිතැබීමේ තරඟාවළියේදී ශ්‍රී ලංකාව ලෝකඩ පදක්කමක් දිනාගනී

2019 ඔස්ට්‍රලේෂියා ප්‍රායෝගික පිස්තෝල වෙඩි තැබීමේ තරඟාවළිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම  කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපලින් දිවයිනට පැමිණියහ. මෙම තරඟාවළිය 2019 නොවැම්බර් මස 10 වන දින සිට 18 වන දින දක්වා පිලිපීනයේ බැටන්ගාස් නුවරදී පැවැත්විණි. මිලි මීටර් 9 නිශ්පාදන අංශය යටතේ සහභාගී වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එහි ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත්වූහ. ශ්‍රී…

ක්‍රීඩිකා  ඇලිස් පෙරී  බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරඟයෙන් ඉවත් කරයි

ක්‍රීඩිකා  ඇලිස් පෙරී  බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරඟයෙන් ඉවත් කරයි

සිඩ්නි සික්සර්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩිකා  ඇලිස් පෙරී හදිසි ආබාධයකට ලක් වීම  නිසා සති 3ක කාලයක් ඔස්ට්‍රේලියානු කාන්තා බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් කර තිබේ. 29 හැවිරිදි ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩිකා ඇලිස් පෙරී ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලිය අතරතුරදී ආබාධයකට ලක් වුණි. පසුගිය දා පැවැති සිඩ්නි සික්සර්ස් කණ්ඩායම සහ මෙල්බරන් රෙනගේඩ්ස් කණ්ඩයම් අතර…

ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළක්වීමේ පනත් කෙටුම්පත සම්මත වේ

ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළක්වීමේ පනත් කෙටුම්පත සම්මත වේ

ක්‍රීඩාවල තරඟ පාවා දීම, දුෂණය, නීති විරෝධී මෙහෙයවීම සහ නීති විරෝධී ඔට්ටු ඇල්ලීම යන චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් වන තැනැත්තන්ට රු. මිලියන 100 නොඉක්මවන දඩයක් හෝ වසර 10 නොඉක්මවන සිර දඬුවමක් හෝ එම දඬුවම් දෙකම පැමිණවීමට හැකිවන පරිදි සකස් කළ ක්‍රීඩා වලට සම්බන්ධ වැරදි වැලැක්වීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ඒකමතිකව සම්මත විය. ක්‍රීඩාවල පවතින දුෂණය අක්‍රමිකතා වැලැක්වීමේ…

ලෝක ශූරතා කායවර්ධන තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

ලෝක ශූරතා කායවර්ධන තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

ඩුබායිහි පැවැති ලෝක ශූරතා කායවර්ධන තරගාවලියේදී කිලෝග්‍රෑම් 65 බර පන්තියේ, රන් හා රිදි පදක්කම් දිනා ගැනීමට ශ්‍රී ලංකා නියෝජනය කළ වයි.ජී.අමිල සහ එම්. රාජකුමරාන් සමත් වූහ. ඔවුන් අද (11) පෙ.ව.5.30 ට කටුනායක ගුවන්තොටුපොලෙන් මෙරටට පැමිණීමට නියමිතයි.

T 10 සඳහා ශ‍්‍රී ලංකා කී‍්‍රඩකයින් 15 ක්

T 10 සඳහා ශ‍්‍රී ලංකා කී‍්‍රඩකයින් 15 ක්

අබුඩාබිහි පැවැත්වෙන T 10 තරගාවලිය සඳහා ශ‍්‍රී ලංකා කී‍්‍රඩකයින් 15 දෙනෙකු තෝරාගෙන ඇත. ලසිත් මාලිංග, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් ජනිත් පෙරේරා, තිසර පෙරේරා, නුවන් ප‍්‍රදීප් , නිරෝෂන් දික්වැල්ල ෂෙහාන් ජයසූරිය, දසුන් ශානක, වනිඳු හසරංග , මලින්ද පුෂ්පකුමාර, දුෂ්මන්ත චමීර, අසේල ගුණරත්න, කෙවින් කොත්තිගොඩ , ප‍්‍රභාත් ජයසූරිය සහ භානුක රාජපක්ෂ එම ක්‍රීඩකයින් තරගාවලියට සහභාගීවීමට නියමිතය. එක් කණ්ඩායමකට…

දකුණු අප්‍රිකාවට පැමිණි රග්බි ශූරයන්ට ඉහළ පිළිගැනීමක්

දකුණු අප්‍රිකාවට පැමිණි රග්බි ශූරයන්ට ඉහළ පිළිගැනීමක්

2019 ලෝක කුසලාන රග්බි ශූරතාව දිනු දකුණු අප්‍රිකා කණ්ඩායමට එරට ක්‍රීඩාලෝලීන්ගෙන් ඔවුන්ට හිමි වුණේ ඉහළ පිළිගැනීමක් ලැබිණි. ජපානයේ පැවති 9වන ලෝක කුසලාන රග්බි තරගාවලියේ ශූරයින් ලෙස කිරුළ පැලදුවේ දකුණු අප්‍රිකාවයි. ඒ එංගලන්තය ලකුණු  32 ට 12 ක් ලෙස පරාජය කරමින්.  

වසරේ විශිෂ්ටතම රග්බි ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව ලෙස පීටර් – එමිලි සම්මාන දිනා ගනී

වසරේ විශිෂ්ටතම රග්බි ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව ලෙස පීටර් – එමිලි සම්මාන දිනා ගනී

ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වූ ලෝක රග්බි සම්මේලනය විසින් සංවිධානය කළ 2019 වාර්ෂික රග්බි සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම රග්බි ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට දකුණු අප්‍රිකාවේ පීටර් ස්ටීප් ඩූ ටොයිට් හා වසරේ විශිෂ්ටතම කාන්තා රග්බි ක්‍රීඩිකාවට හිමි සම්මානය හිමිවූයේ එංගලන්තයේ එමිලි ස්කාරට්ටයි. ලෝක කුසලාන රග්බි තරගාවලිය අවසන් වී පැය 24 ක් ඇතුළත මෙම සම්මාන උළෙල මෙවර…

වෙබ්එළිස් කුසලානය දකුණු අප්‍රිකානුවන්ට

වෙබ්එළිස් කුසලානය දකුණු අප්‍රිකානුවන්ට

රග්බි ලෝක කුසලාන අවසන් මහ තරගයේදී එංගලන්තය ලකුණු 32 – 12 ක් ලෙසින් පරාජය කළ දකුණු අප්‍රිකානුවෝ තුන්වැනි වරටත් වෙබ්එළිස් කුසලානය දිනා ගෙන තිබේ. ජපානයේ යොකොහමා ක්‍රිඩාංගණයේදි මෙම රග්බි ලෝක කුසලාන තරඟය පැවැත්විණි. ඒහිදි දකුණු අප්‍රිකාව දඬුවම් පහර 6 කින් සහ ගෝල දිනුම් 2 කින් ලකුණු ලබාගත්තේය. එංගලන්ත කණ්ඩායම දඬුවම් පහර 4 කින් ලකුණු ලබාගත්තේය….

අන්තර් රෙජිමේන්තු පාපන්දු තරඟාවලිය අවසන් වේ!

අන්තර් රෙජිමේන්තු පාපන්දු තරඟාවලිය අවසන් වේ!

යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු පාපන්දු තරඟාවලිය – 2019 හි අවසන් තරඟය බදාදා (30)දින සන්ධ්‍යාවේ කොළඹ තුරඟ තරඟ පිටියේදී පැවැත්විණි. යුද්ධ හමුදා පාපන්දු කමිටුවේ සභාපති මෙන්ම යුද්ධ හමුදා මූලස්ථානයේ විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් අතුල කොඩිප්පිලි විසින් කරන ලද ආරාධනයකට අනුව මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහභාගි විය. තරඟාවලියේ අවසන්…

ශකීබ් අල් හසන්ට තරග තහනමක්

ශකීබ් අල් හසන්ට තරග තහනමක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකයේ නීති කඩකළ බවට චෝදනා ලැබු බංග්ලාදේශ නායක ශකීබ් අල් හසන්ට වසරක් අත්හිටවු වසර දෙකක තරග තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. 2018 වසරේ ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේදී පැවති තුන්කොන් එක්දින තරගාවලියේදී සහ එම වසරේම පැවති ඉන්දියන් ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියෝජනය කළ ශකීබ් අල් හසන්…