palindara

පාලින්ද නුවර , ගලහිටි, විදිය බණ්ඩාර ජන උදාන ගම්මානයේ වැඩ කටයුතු අතර මග නතරවි පදිංචි ජනතාව සිව් වසරක් තිස්සේ බොන්න වතුර නැතිව අසරණවි සිටිති. 2019 වසරේදි පදිංචියට පැමිණි ජනතාවට ගේ දොර හදා ගන්නට ආධාර , ආදායම් මාර්ග නැතිව පදිංචිකරුවන් 52 දෙදෙනාගෙන් පිරිසක්මේ වන විට ගම් බිම් අතහැර ගොසිනි.

ගංවතුරින් , නායයාමෙන් අසරණව යන එන මං නැතිවු ජනතාවගෙන් පාලින්දනුවර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මගින් ඉඩම් කච්චේරි පවත්වා තෝරාගත් පිරිසක් මෙසේ වැඩ කටයුතු අතරමග නතරවු උදා ගමේ දුක් විදිති. රුපියල් ලක්ෂ දහයක් වැයකර ගම්මානයට ජල ව්‍යාපෘතියක් ආරම්භ ක්‍රියාත්මක කර ඇතත් එය අතරමග නතරව ගමේ ජනතාවට බොන්න වතුර සොයා ඈත ගම්මානවලට යාමට සිදුව තිබේ.

පානිය ජල ව්‍යාපෘතිය සදහා විශාල ළිදක් ඉදිකර, උස් ස්ථානයක කුළුණු මත ජල ටැංකියක් ඉදිකර ප්‍රධාන නළ එළා ජල මෝටරයක් පවා සවි කර ඇතත් එයට විදුලිය ලබාදි ගමේ ජනතාවට වතුර දෙන්නට පියවර නොගැනිමෙන් කොවිඩ් අවදානම පවා නොතකා බොන්න වතුර සොයා ගෙන්ගෙට යාමට ජනතාවට සිදුව තිබේ.

කේ.ඒ. නදිශා සෙව්වන්දි මහත්මිය.
—————————————

පදිංචියට ඇවිල්ලා අවුරුදු හතරක් වෙනවා. අපට බොන්න , නාන්න වතුර නෑ. ගේ හදා ගන්න දෙනව කිව්ව ආධාරය අතරමග නතර වුණා. ගංවතුරින්, නාය යාමෙන් අසරණ වන පාලින්ද නුවර අපට දැන් බොන්න වතුර නැතිව දුක් විදිනවා.කුලි වැඩ කර ජිවත්වන අපට බොන්න වතුර හොයන්න ගියාම රස්සාවක් කරන්න යන්න වෙලාවක් නෑ.

ඒ.ජී. සදරේණු මහත්මිය.
————————–

ළිදක් කපල, ටැංකි ගහල, ප්‍රධාන නළ පද්දතිය එළා තියෙනව. විශාල මෝටරයක් දාල අවුරුදු හතරක් තිස්සේ ඒව කැලෑවට යනවා. මේව අපරාදෙ විනාශ වෙනවා. අපට බොන්න වතුර නෑ ලක්ෂ ගානක් රජයේ මුදල් විනාශ වෙනවා. කියන්න තියෙන හැම නිළධාරියටම කියල තියෙනව නමුත් වෙච්ච දෙයක් නෑ. අපට වතුරත් නෑ.

එස්. ඒ. කුමාරසිරි මහතා.
————————–

ගම්මානයේ පාරවල් හේදිල ගිහිල්ල, වතුර නැති නිසා මිනිස්සු ගෙවල් අතහැර දාල ගිහිල්ලා . නමුත් අපට යන්න තැනක් නැ. ගේ හදා ගන්න ආධාර දෙනව කියල ඒක අතර මග නතර වෙලා . ගෙවල් හැදිල්ලත් අතර මග නතර වෙලා ගිහිල්ලා.කොවිඩ් වසංගතය නිසා මොන නිති දැම්මත් බොන්න වතුර ටිකක් හොයා ගන්න යන්න වෙලා තියෙනවා.නිළධාරින්ට, දේශපාලඥයින්ට කිව්වත් තවම අපට වතුර ටිකවත් ගන්න බැරි වුණා.

එස්. පොද්දෙණිය – මිගහතැන්න

 

gossip lanka hot news

Similar Posts