threwida-hamudawa

ත්‍රිවිධ හමුදාවෙන් නීත්‍යානුකූල නොවන ලෙස ඉවත්ව සිටින අයට නිවේදනයක්

නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා පොදු සමා කාලය හෙටින් ආරම්භ වේ. ඒ අනුව හෙට (15) සිට දෙසැම්බර් මස 31වන දින දක්වා එම පොදු සමා කාලය ලබාදී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය. මේ වසරේ ඔක්තෝබර් මස 25 වනදා හෝ ඊට පෙර නිවාඩු නොලබා සේවයට වාර්තා නොකළ…

ranil5

රටපුරා සන්නද්ධ හමුදා කැඳවයි

මහජන ආරක්ෂාව සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට අදාළ ආඥාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කරනු ලැබ ඇත. ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත්තේ මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වෙනි වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල අනුවය.

athurudahan
|

අතුරුදන්වූවන්ගේ පවුල්වල ඥාතීන්ගෙන් ඉල්ලීමක්

තම ජීවනෝපාය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සහන ලබාදෙන ලෙස අතුරුදන්වූවන්ගේ පවුල්වල ඥාතීන් පූර්ව කොමිෂන් සභා සහ කමිටුවල තීරණ ඇගයීම හා ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සඳහන් කර තිබේ. එම කොමිසමේ සාමාජිකයින් පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයින් හමුවූ අවස්ථාවේදී ඔවුන් මේ බව ප්‍රකාශ කළ බව කොමිසමේ ප්‍රකාශකයෙකු පැවසුවේය. ගැටුම් පැවති කාලවකවානුවේදී එල්.ටී.ටී.ඊ…

twitter
|

ලොව ධනවත්ම පුද්ගලයා ට්විටර් ජාලය හිමිකරගනී

ලොව ධනවත්ම පුද්ගලයෙකු ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Elon Musk ට්විටර් සමාජ මාධ්‍ය ජාලයේ හිමිකාරිත්වය ලබාගැනීමට අදාළ ගෙවීම් අවසන් කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ අමෙරිකානු ඩොලර් බිලියන 44ක් වැයකරමින් ට්විටර් ආයතනයේ බහුතර කොටස් මිලදීගැනීම හරහා ඔහු එහි හිමිකාරිත්වය තහවුරු කරගෙන ඇති බවය. එමෙන්ම සිය අයිතිය තහවුරු කරගත් පසු Elon Musk විසින් එම…

risi-sunak

ලංකාව කොයි තරම් අප්සට් රටක් ද?,ඒ්ත් එංගලන්තෙ!!

රිෂි සුනාක් එක්සත් රාජධානිය අගමැති ධූරයට පත්වීම තීන්දු වීමත් සමගම “ලංකාව කොයි තරම් අප්සට් රටක් ද?” යන සුපුරුදු අඳෝනාව ඇසෙන්නට පටන් ගනිමින් තිබේ. ලංකාවේ අවුල් ගොඩක් තිබෙන බව ඇත්තක් නමුත් මේ රිෂි සුනාක් ගේ පත්වීම සම්බන්ධයෙන් ලංකාවේ ගොඩක් දෙනා හිතන විදිය නම් කරුණුමය අතින් හොඳටම වැරදිය. ලංකාව ආගම්වාදී ගෝත්‍රික රටක් බවත් එංගලන්තය එහෙම නොවන බවත්…

stonis
|

ස්ටෝනිස් ගේ ප්‍රහාරයෙන් ඕස්ට්‍රේලියාවට කඩුලු 7ක ජයක්

ඕස්ට්‍රේලියානු පිතිකරු මාර්කස් ස්ටෝනිස් ගේ ප්‍රවේගකාරී පිතිහරඹය නිසා ශ්‍රී ලංකාව සමග පැවති විස්සයි 20 ලෝක කුසලාන තරගයෙන් කඩුලු 07ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියාව සමත් වුවා. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 6ක් දැවී ලකුණු 157ක් රැස් කර ගනු ලැබුවා. ලකුණු 158ක ඉලක්කයක් හඹා යෑමට පැමිණි ඕස්ට්‍රේලියාව…

food
|

පෝෂ්‍යදායී ආහාර වේලක් ලැබෙන්නේ ජනතාවගෙන් 5න් එකකට පමණයි

නිසි පෝෂණය සහිත ආහාර වේලක් ලැබෙන ප්‍රමාණය රටේ ජනතාවගෙන් 5න් එකක් වන බවත් රටේ ජනතාවගේ ආදායමෙන් සියයට 75ක්ම ආහාර සදහා වියදම් වන බවත් අනාවරණ වී තිබෙනවා. ඒ, ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හදුනාගැනීම සදහා වන ජාතික සභා අනුකමිටුවේදීයි. එම අනුකමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ ප්‍රධානත්වයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී රැස් වුණා….