lanka-sathosa

සතොසින් මත්පැන්

ලංකා සතොස තවත් අළෙවිසල් රැසකට මත්පැන් අලෙවි කිරීමේ බලපත්‍ර ඉල්ලා ඇති බවත් රට පුරා ලංකා සතොස 27 ක මේ වන විටත් මත්පැන් අළෙවිසල් ක්‍රියාත්මක වන බවත් සුරාබදු දෙපාර්තමේන්තුවේ උසස් නිලදාරියෙක් පැවසීය. සතොස ඉල්ලීම පිළිබඳව සළකා බලමින් සිටින බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.

china-smart-phone
|

ආරක්ෂක හේතූන් මත චීන ජංගම දුරකථනවලට තහනමක්

චීන ජංගම දුරකථන සහ තාක්ෂණික උපකරණ කිහිපයක් මිලදීගැනීම අත්හිටුවීමට අමෙරිකාව සැරසෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. අලෙවිකිරීම තහනම් කිරීමට සැරසෙන්නේ Huawei, ZTE, Hytera Communications Corp , Hangzhou Hikvision Digital Technology Co සහ Zhejiang Dahua Technology Co යන සමාගම්වල ජංගම දුරකථන සහ තාක්ෂණික උපකරණයි. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ ආරක්ෂක හේතූන් මත මෙම තීරණය…

hrc

පොලිස් ආඥා පනත යොදාගෙන මූලික අයිවාසිකම් කඩකරන්න එපා

දේශපාලන පක්‍ෂ, වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන එක්ව අද (2) පැවැත්වීමට නියමිත සාමකාමී පාගමන නැවැත්වීමට පොලිස් ආඥාා පනතේ ප්‍රතිපාදන පාවිච්චි කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කළහොත් බරපතල ප්‍රතිවිපාක ඇති විය හැකි බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පවසයි. අද පැවැත්වෙන පාගමන අධීක්‍ෂණය කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන්…

strick

ආර්ථිකය යළි පිබිදීමක් පෙන්නුම් කෙරෙන අවස්ථාවක අද විරෝධතාව සුදුසු නොවේ

රජය ගෙන යන මර්දනකාරී වැඩපිළිවෙලට විරෝධය පළ කරමින් අද (02) දින කොළඹ දී විරෝධතා රැලියක් සහ පෙළපාලියක් සංවිධානය කර තිබේ. අඬපණ වු ආර්ථිකය යළි පිබිදීමක් පෙන්නුම් කෙරෙන අවස්ථාවක මෙවැනි විරෝධතා දැක්වීම සුදුසු නොවන බව ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය. දේශපාලන පක්ෂ, වෘත්තිය සමිති, සිවිල් සංවිධාන සහ ගාලු මුවදොර අරගලකරුවන් පිරිසක් ඇතුළු පාර්ශව මෙය සංවිධානය කර…

kadurata
|

කඳුරට දෙමළ ප්‍රජාව සමාජයට ඒකාබද්ධ කරීමට කමිටුවක්

කඳුරට සම්භවයක් ඇති දෙමළ ජනතාව තවදුරටත් ශ්‍රී ලාංකේය සමාජයට ඒකාබද්ධ කරන්නේ කෙසේද යන්න සොයා බැලීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. කඳුරට සම්භවයක් ඇති දෙමළ ජනතාවගෙන් ඇතැම් පිරිසක් සාර්ථක ලෙස ශ්‍රී ලාංකීය සමාජයට ඒකාබද්ධ වී ඇති නමුත්, තවත් පිරිසක් එහිදි අසාර්ථක වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඔවුන්ට සහාය වීමට කටයුතු කරන…

adiwasi
|

ආදිවාසී පවුල්වල දරුවන් කුසගින්නේ

පවතින ආර්ථික අහේනිය සහ සීඝ්‍රයෙන් බඩු මිල ඉහළ යෑමත් සමග පීඩාවට පත්ව සිටින තම ආදිවාසී පවුල්වල දරුවන්හට නිසි ආහාර වේලක් ලබාදීමට නොහැකිවීමෙන් කුසගින්නේ දවස ගත කරන ඔවුන් නිවෙස්වල මෙන්ම පාසල්වලට යෑමේදී කලන්තය සැදී බිම ඇද වැටීම මහා අවාසනාවන්ත තත්ත්වයකට පත්ව ඇති බව දිඹුලාගල දලුකාන ආදිවාසී නායකා කේ.ලිසිනෝනා මහත්මිය සඳහන් කළාය. දිඹුලාගල දලුකාන, පරණ මිල්ලාන, කොළකනවාඩිය,…

bread

පාන් මිල අද අඩුවේ

පාන් ගෙඩියක් රුපියල් 10ත් 20ත් අතර මිලකින් අද (31) සිට අඩු කිරීමට නියමිතයි. සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළේ ඔවුන්ගේ විධායක සභාව රැස්වී මේ සම්බන්ධයෙන් අවසන් ගන්නා බවයි. ආනයනික තිරිඟු පිටි ප්‍රමාණවත් පරිදි වෙළඳපොලේ පැවතීම මෙලෙස මිල අඩු කිරීමට හේතු වී තිබෙනවා.

traindwn

සීඝ්‍රගාමී දුම්රියේ මැදිරියක් ගැලවී යයි

මහනුවර සිට කොළඹ කොටුව දක්වාද ඉන් අනතුරුව ගාල්ල සහ මාතර දක්වා ධාවනය වෙමින් පැවති සීඝ්‍රගාමී දුම්රියේ මැදිරියක් වේයන්ගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (26) පෙරවරුවේ ගැලවී ගොස් තිබෙනවා. දුම්රියෙන් ගැලවී ගිය දුම්රිය මැදිරිය සකස් කිරීමෙන් අනතුරුව මද වේලාවකට පසු ධාවනයේ යෙදීමට කටයුතු කෙරුණ බවයි වාර්තා වන්නේ. මේ අතර ඉහල කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට පසුගිය දින කිහිපය…

wasikili

වැසිකිලි සිහිනය හීනයක්ම වෙයි

වැසිකිලි පෝච්චි ආනයනය සඳහා තාවකාලික තහනමක් පැනවීමට 1969 අංක 01 දරණ ආනයන හා අපනයන පාලන පනත යටතේ නිකුත් කෙරුණු ගැසට් පත්‍රයක් සඳහා අනුමැතිය ලබාදීම කල්දැමීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා. ඒ, ගැසට් පත්‍ර 05 ක් එම කාරක සභාව හමුවේ සලකා බැලුනු අවස්ථාවේදීයි. වැසිකිලි පෝච්චි ආනයනය සඳහා තාවකාලික තහනමක් පැනවීමට නිකුත් කර තිබූ…

parliament-of-sri-lanka Mesothelioma attorney specialized Best-structured settlement annuity companies Purchase structured settlements Offshore accident lawyer premium

22 සම්මතවීමත් සමඟ 21ට හැරෙයි

22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ඊයේ (21) වැඩි ඡන්දයෙන් සම්මත වුණි. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක්වන්නේ 21වන සංශෝධනය ලෙසය. මෙම ව්‍යවස්ථා සංශෝධනයේ මූලික කාර්යයක් වන්නේ විධායක ජනාධිපතිවරයා සතු තනි බලය යම් අධීක්ෂණයකින් හා සුපරීක්ෂාකාරීව ක්‍රියාත්මක කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සභාවක් පාර්ලිමේන්තුව තුළ ස්ථාපිත කිරීමය. දස දෙනකුගෙන් යුත් එම ව්‍යවස්ථාදායක සභාවට කථානායක, අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ…