dadi-miduma

මධ්‍යම කදුකරයේ දැඩි මීදුම් තත්වයක්

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින වැසි හා විටින් විට පවතින දැඩි මීදුම් තත්වයන් හේතුවෙන් මෙම ප්‍රදේශයන් තුල විවිධ රථ වාහන අනතුරු ඇතිවිමේ අවදානමක් පවතින බව හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම ප්‍රදේශයන්ට පවතතින වැසි සමග විවිට විට දැඩි මීදුම් තත්වයන් පවතින බවත්…

ganwathu

කැලණි සහ කළු, අත්තනගලු ඔය ආශ්‍රිත සුළු ගංවතුර තත්ත්වයක්

කළු, කැලණි ගංඟා සහ අත්තනගලු ඔය ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක මේ වනවිට සුළු ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එහි ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂ එස්.පී.සී. සුගීෂ්වර මහතා සඳහන් කළේ, අද දිනයේ ලැබෙන වැසි අනුව මෙම ගංවතුර මට්ටම තවදුරටත් ඉහළ යා හැකි බවය. මේ අතර කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නායයෑම් පිළිබඳ…

pohora

කාබනික පොහොර යොදන ගොවීන්ට රුපියල් 20,000ක සහනාධාරයක්

2022 – 23 මහ කන්නයේ දී සියයට 70ක් රසායනික පොහොරත්, සියයට 30ක් කාබනික පොහොරත් වී වගාව සඳහා යෙදවීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කර තිබෙනවා. ඒ යටතේ හොඳම කාබනික පොහොර ගොවීන්ට ලබා දීමට පියවර ගන්නා බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ. පසුගිය කාලයේ මෙන් අපද්‍රව්‍ය කාබනික පොහොර ලෙස ගොවිජනතාවට අලෙවි කිරීමට මෙම මහ කන්නයේ දී කිසිවෙකුටත් ඉඩ…

social-media

“සමාජ මාධ්‍ය පාලනය නොකර ඉන්න බෑ” – ජනමාධ්‍ය ඇමති

පාර්ලිමේන්තුවේ ස්වයං විනයක් නැතිව තිබිය දී සමාජ මාධ්‍යයට ස්වයං නියාමනයක් පවත්වාගෙන යාමට දියුණු රටවල මෙන් අපේ රටට නොහැකියැයි ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවේ දී කීවේය. මාධ්‍ය වාරණය කිරීම හෝ සීමා පැනවීම රජයේ ප්‍රතිපත්තිය නොවෙයි. මාධ්‍ය සංවිධානන, සිවිල් ක්‍රියාකාරිකයන් සහ ප්‍රධානන සමාජ මාධ්‍ය ජාල ආයතන අතර රජයේ ඒකබද්ධ නියාමන ප්‍රතිපත්තියක් සැකසීමට සියලු රටවල් පිළිගෙන ඇති නියාමන…

desaguna
|

දේශගුණික විපර්යාස වළක්වා ගැනීමට දිගු කාලීන සැලැස්මක්

ආර්ථිකය සහ පරිසරය නිරන්තරයෙන් බැඳී පවතින බැවින් වැඩි වෙමින් පවත්නා කාලගුණික සහ දේශගුණික විපර්යාස වළක්වා ගැනීමට දිගු කාලීන සැලැස්මක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය. රුවන් විජයවර්ධන මහතා මේ බව සඳහන් කළේ පසුගියදා තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැති “දේශගුණික මූල්‍යකරණය” (Climate Finance) පිළිබඳ සංවාදයේ සමාරම්භක සැසිය අමතමිනි….

sapugaskanda

සපුගස්කන්ද තෙල් පිරිපහදුව තාවකාලිකව වසා දමයි

සපුගස්කන්ද තෙල් පිරිපහදුව තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. විදේශ විනිමය හිඟය හේතුවෙන් මෙරටට ගෙන්වා ඇති තුන්වන බොරතෙල් නෞකාවේ ඇති තොගය ගොඩබෑමට නොහැකි වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

unhr unhrc members unhrc president unhrc full form unhrc mun unhrc headquarters unhrc resolution un human rights council members 2023 unhrc sri lanka

UNHCRහිදී ශ්‍රී ලංකාව ගැන යෝජනාව සම්මතයි

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ. යෝජනාවට පක්ෂව හිමිවූ ඡන්ද සංඛ්‍යාව 20 කි.ඊට විපක්ෂව ඡන්ද 07 ක් හිමිවිය. ඡන්ද විමසීමට ප්‍රථම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකාවේ අනුමැතියකින් හෝ උපදේශනයකින් තොරව ඉදිරිපත් කළ නව යෝජනාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කරන බව විදේශ කටයුතු…

නවරාත්‍රි පුජාව හා නවරාත්‍රි උත්සවය ඉතා උසස් ආකාරයෙන්
|

නවරාත්‍රි පුජාව හා නවරාත්‍රි උත්සවය ඉතා උසස් ආකාරයෙන්

නවරාත්‍රි පුජාව හා නව රාත්‍රි උත්සවය ඉතා උසස් ආකාරයෙන් හැටන් ශා/ගේබ්‍රියල් බාලිකා ජාතික පාසැලේදි පවත්වන ලදි. එම විදුහලේ විදුහල්පතිනි දයා වීරතුංග මහත්මියගේ උපදෙස් මත එම විදුහලේ ගුරුවරුන් සිසුවියන් විසින් මෙම පුජාව හා උත්සවය පවත්වන ලදි. නව රාත්‍රි පුජාවන් පිලිබදව පවත්වන ලද තරගාවලියේන් ජය ගත් සිසුවියන් සදහා සහාතික පත් ලබා දිමද මෙහිදි සිදු කරන ලදි. මනුර…

train schedule train booking today train time table train schedule sri lanka train booking sri lanka tomorrow train time table train schedule new sri lanka train

අනුරපුර වන්දනාවට සති අන්ත සුඛෝපභෝගි දුම්රියක්

අනුරාධපුර සිද්ධස්ථාන වැඳපුදා ගැනීමේ අපේක්ෂාවෙන් පසුවන බැතිමතුන්ගේ පහසුව සඳහා සුඛෝපභෝගි දුම්රිය සේවයක් ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව කොළඹ කෙටුවේ සිට අනුරාධපුරය දක්වා ගමන් කරන මේ සුඛෝපභෝගි දුම්රිය එළඹෙන 08 දා සිට ආරම්භ කෙරෙන අතර, එදින පෙරවරු 9.20ට කොළඹ, කොටුවෙන් ගමන් ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ගම්පහ, වේයන්ගොඩ, පොල්ගහවෙල දුම්රිය ස්ථානවල…

sanjeewa-wimala
|

සංජීව විමලගුණරත්න, රාජ්‍ය නොවන සංවිධාන ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයට

තරුණ සිවිල් සමාජ ක්‍රියාකාරිකයකු වන සංජීව විමලගුණරත්න, රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් කර තිබේ. කැලණිය විශ්ව විද්‍යාලයේ වාණිජ විද්‍යාවේදී විශේෂවේදී උපාධියත්, වාණිජ විද්‍යාපති උපාධිය සහ සමාජීය විද්‍යා පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත් හදාරා ඇති සංජීව විමලගුණරත්න, සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ දේශීය කටයුතු අධ්‍යක්ෂවරයා ලෙස මෙයට පෙර කටයුතු කර තිබිණ….