හොරුන් නොවන පිරිසක් පාලකයන් ලෙස පත්කරගැනීම කියන මිථ්‍යාව පසුපස යන අයටයි මේ කියන්නෙ. මුළු ලංකාවම හොරු. හොරකමේ තරාතිරම විතරයි වෙනස්. මාත් ජවිපෙ දේශපාලනය කරපු තහනම් කාලෙ ජවිපෙ විවෘතවම මංකොල්ලකෑවා. හිරු කණ්ඩායමට වැඩකරද්දි මං රජයේ සේවයෙන් පුළුවන් තරම් නිවාඩු අරගත්තා විතරක් නෙමෙයි නෝපේත් ගිහින් අර සංවිධානෙට වැඩකළා. ඒවත් හොරකම් තමයි. කෙනෙකුට කියන්නට පුළුවන් ඒවා කළේ පෞද්ගලික වාසි වෙනුවෙන් නෙමෙයි කියලා. නැහැ. ඒවායින් මං වගේ මෝඩයන් පෞද්ගලික වාසි නොගත්තට ගත්ත අය ගත්තා. ඊනියා විප්ලවවාදීන්ගේ හොරවැඩ ඕනැ තරම් කියන්න පුළුවන්. ඒවා තරමින් පුංචියි. චේතනාවෙන් එකයි. ලංකාවේ දේශපාලනය හොරකම එක්ක ඇතුළතින්ම සම්බන්ධයි. මේ වෙලාවෙ…
Read MoreTag: unusum puwath
සුසිල් ප්‍රේමජයන්ත වහාම ක්‍රියාත්මක වන පරිදි ඇමතිකමින් ඉවත් කෙරේ
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාව එම අමාත්‍ය තනතුරින් ඉවත් කර තිබෙනවා. ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාට පැවරී ඇති බලතල අනූව මෙම ඉවත්කිරීම සිදුකර ඇති බව වාර්තා වෙයි. සුසිල් ප්‍රේමජයන්ත මහතා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.
Read Moreලිට්රෝ ගෑස් සැපයුම මන්දගාමී වෙයි
ලිට්රෝ ගෑස් කිලෝ 12.5 සිලින්ඩර දිනකට 40,000 ක් පමණ නිෂ්පාදනය කර බෙදාහරින බවත් නිෂ්පාදනයේ මන්දගාමී තත්ත්වයක් හේතුවෙන් වෙළඳපොලේ වර්තමාන දැඩි හිඟය නිර්මාණය වී ඇති බවත් ලිට්රෝ ගෑස් සමාගමේ ආරංචි මාර්ග සදහන් කරයි. ලිට්රෝ සමාගම මීට පෙර සාමාන්‍ය දිනකදී ගෑස් සිලින්ඩර 80,000 ත් 100,000 ත් අතර සංඛ්‍යාවක් නිෂ්පාදනය කර වෙළෙඳපොලට මුදාහරින බව කී එම නිලධාරියා ප්‍රමිතිය පිළිබඳව මතුවූ ගැටලුවත් සමඟ නිෂ්පාදන ධාරිතාව අඩකින් පමණ අඩුවී ඇති බව ද සඳහන් කළේය.
Read Moreපහළ වායුගෝලය කැළඹෙයි – දිවයිනටම ගිගුරුම් සහිත වැසි
දිවයින ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද (23) සිට දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂාකරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. සෙසු ප්‍රදේශවල යහපත් කාලගුණ තත්ත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටීයි.
Read Moreමන්ත්‍රීවරුන්ට වාහන ඕන දෙයියනේ – මේක හරි අසාධාරණයි
විදුලිය ඉන්ධන ජලය ගෑස් ආදිය සඳහා සහනාධාර දෙනවාට තමන් විරුද්ධ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සඳහන් කරයි. තමන් භාවිතා කරන විදුලිය ඉන්ධන ගෑස් වලට තමන් ගෙවිය යුතු බවත් වෙන කිසිවෙකු මුදල් ගෙවිය යුතු නැති බවත් ඔහු පැවසීය. ‘මන්ත්‍රීවරුන්ට වාහන ඕන දෙයියනේ. මන්ත්‍රීවරුන් හැම මඟුල් ගෙදරම යන්න ඕනෑ හැම මළ ගෙදර යන්න ඕනෑ. මේක හරි අසාධාරණයි’ යයිද ඔහු එහිදී තව දුරටත් කියා සිටියේය.
Read MoreICC යේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට මහේලත් එකතුවෙයි
අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් අයි.සී.සී හෝල් ඔෆ් ෆෙම් හෙවත් ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන ඇතුළත් කර තිබෙනවා. මහේල ජයවර්ධන අයි.සී.සී හෝල් ඔෆ් ෆෙම් ලැයිස්තුවට ඇතුළත් කෙරුණේ 1996 – 2016 කාලයට අදාළවයි. ශ්‍රී ලංකාවෙන් මීට පෙර අයි.සී.සී හෝල් ඔෆ් ෆෙම් හෙවත් ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට ඇතුලත්ව සිටියේ මුත්තයියා මුරලිදරන් සහ කුමාර් සංගක්කාර පමණයි. unusum puwath
Read Moreමාඔය පිටාර ගලයි
ගංගා ඇළ දොළ ආශ්‍රිතව පිහිටා ඇති නගර බොහොමයක් ද ඉහළ ගිය ජළ කඳ හේතුවෙන් යට වී ගියා. සතියකට ආසන්න කාලයක් අඛණ්ඩව ඇද හැලෙන මෙම වර්ෂාව හේතුවෙන් අද උදෑසන වනවිටත් ගිරිඋල්ල නගරය ජලයෙන් යට වී තිබිණි. මා ඔය පිටාර ගැලීම හේතුවෙන් මෙලෙස නගරයේ ව්‍යාපාරික ස්ථාන බොහොමයක් අඩි 4 ක පමණ ජල කඳකින් වැසී ගොස් තිබුණු අතර නගරය හරහා ගමනාගමන කටයුතුවලට ද බරපතළ බාධා එල්ල වී ඇත.
Read More