අබිරහස් ඝාතනයේ සැකකරුවන් දින තුනක් ඇතුලත අත්අඩංගුවට

අබිරහස් ඝාතනයේ සැකකරුවන් දින තුනක් ඇතුලත අත්අඩංගුවට

හංවැල්ල පොලිස් වසමේ කොස්වත්ත තුන්මෝදර ප්‍රදේශයේ පිහිටි කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයට ඉකුත්  වෑන් රථයකින් කඩාවැදුණු හත් දෙනෙකුගෙන් සමන්විත පිරිසක් විහාරාධිපති උඩුවිල ධම්මසිරිතිස්ස ස්වාමීන් වහන්සේට පහරදී විහාරයේ සිටි පිරිස දනගස්වා විහාරාධිපති හිමියන් පැහැරගෙන ගොස් ඝාතනය කල සිද්ධියට සම්බන්ධ  ප්‍රධාන සැකකාරිය ඇතුළු තිදෙනෙක් හා ඝාතනය සඳහා යොදාගත් යතුරුපැදියක් හා වාහන දෙකක්  අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත්  අපරාධ කොට්ඨාසය නිලධාරීන්ට…

රතුළුනු කිලෝව 600යි

රතුළුනු කිලෝව 600යි

රතුළුනු මිල දැඩි ලෙස ඉහල යාමත් සමග රතුළුනු බාවිතයට ගැනිමට නොහැකි තත්වයක් පවතින බව හැටන් ප්‍රදේශයේ බොහෝ පිරිස් පවසති. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස් පවසනුයේ හැටන් නගරයේ රතුළුනු කිලෝව මේ වන විට රුපියල් හයසියයත් හය සියහැට දක්වාත්   ( 600/=ත් 660/=ත්) ඉහල මිලකට අලෙවි වන බවත්ය. රතුළුනු මිල මෙසේ දැඩි ලෙස ඉහල යාමත්…

නාගරික මංත්‍රිවරයකුගේ දියණියකට කොවිඩ්

නාගරික මංත්‍රිවරයකුගේ දියණියකට කොවිඩ්

හැටන් දික්ඔය නගර සභාවේ නාගරික මංත්‍රිවරයකුගේ දියණියක් කොවිඩ් ආසාදිතයකු බවට හදුනා ගැනිමෙන් පසුව එම  දියණිය ඇසුරු කල පාසල් සිසුවියන් හතර දෙනකු ඇතුළු දස දෙනකු ස්වයං නිරෝධානයට ලක් කර එම දස දෙනා පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගෙන ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්. ආර්. එස්. මැදවෙල මහතා පවසන ලදි….

වටවල, බිංඔය, මවුන්ට්ජින්, ඉන්ජස්ට්‍රි, වතු වලින් කොවිඩ් ආසාදිතයන්

වටවල, බිංඔය, මවුන්ට්ජින්, ඉන්ජස්ට්‍රි, වතු වලින් කොවිඩ් ආසාදිතයන්

වටවල පුද්ගලික ඇගලුම් කම්හලින් කොවිඩ් 19 ආසාදිතයන් වැඩි වශයෙන් හමුවිමත් සමග අඹගමුව ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ වතු කරය තුල කොවිඩ් 19 වසංගතය වර්ධනය විමේ අවදනමක් පවතින බව අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන එම නිලධාරියා පවසනුයේ මේ වන විට වටවල පුද්ගලික ඇගලුම් කම්හල තුලින් කොවිඩ් 19 ආසාදිතයන්…

අම්පාර ග්‍රාම නිලධාරි වසම් 4කට සංචරණ සීමා

අම්පාර ග්‍රාම නිලධාරි වසම් 4කට සංචරණ සීමා

කොරෝනා කොවිඩ් 19 ආසාධිත පුද්ගලයින් පස්දෙනෙකු වාර්තාවීමෙන් පසුව අම්පාර නගරසභා බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් හතරක් ආවරණය වන පරිදි සෞඛ්‍ය සංචරන සීමා පැනවීමට අම්පාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් අද( 06 )පියවර ගෙන තිබිණි. හිඟුරාණ අම්පාර ප්‍රධාන මාර්ගයේ මිහිඳුපුර, ඉන්ද්‍රසාරපුර, සේනානායකපුර, ජයවර්ධනපුර යන වසම් වලට මෙම සෞඛ්‍ය සංචරණ සීමා පනවා තිබුන නමුත් අත්‍යාවශ්‍ය ගමානාගමන කටයුතු…

මහජන සම්පත ගැන විමර්ශනයක් ඉල්ලයි

මහජන සම්පත ගැන විමර්ශනයක් ඉල්ලයි

ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් මහජන සම්පත ලොතරැයි දෙකක එකම දිනුම් අංක සටහන් වීම සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් ඉල්ලා මහජන අයිතන් සුරැකිමේ පදනම විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර ඇත. 2019-12-31 දින මහජන සම්පත සමාන ටිකට් පත් දෙකක් නිකුත් වී ඇති බවත් ලොතරැයි මුද්‍රණ ක්‍රියාවලියට අංක සටහන් වීම පරිගණක පද්ධති ඇසුරෙන් සිදු වන බව ඔවුන්ගේ දැනුම බවත් …

කොවිඩ් ආසාදිත සෞඛ්‍ය සේවයේ පළමු මරණය වාර්තා වෙයි

කොවිඩ් ආසාදිත සෞඛ්‍ය සේවයේ පළමු මරණය වාර්තා වෙයි

කොවිඩ් 19 ආසාදනය වී ප්‍රථම ලංකාවේ ප්‍රථම වරට සෞඛ්‍ය සේවකයෙක් මිය ගොස් ඇත. මෙලෙස මිය ගොස් ඇත්තේ රත්නපුර, දොලුවාවිල පදිංචි ශාන්ත ස්ටීවන් නැමැති අයෙකි. මොහු රත්නපුර රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායකයෙකි. එමෙන්ම වැඩ බලන විදුලි සෝපානකරුවෙකි. හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි මිය ගොස් ඇත. මිය ගිය අවස්ථාවේ කොවිඩ් 19 පරික්ෂාව සිදු කළ විට එය පොසිටිව් වි…

එංගලන්ත වැසියන් නිවෙස්වල කොටුවෙයි

එංගලන්ත වැසියන් නිවෙස්වල කොටුවෙයි

බ්‍රිතාන්‍යයේ දෛනික කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව පළමුවරට 60,000 ඉක්මවා තිබේ. වසංගත ව්‍යාප්තිය ආරම්භවීමෙන් පසු ඊයේ එරටින් ආසාදිතයන් 60,916 දෙනෙකු හඳුනාගෙන ඇති බව වාර්තා වේ. බ්‍රිතාන්‍ය සහ ස්කොට්ලන්තය නව හුදකලා නීති හඳුන්වා දී ඇතිඅතර එරට වැසියන්ට නිවෙස්වලම ගතකරන ලෙස උපදෙස් ලබාදී තිබේ.

රතන හිමි දිවුරුම් දෙයි

රතන හිමි දිවුරුම් දෙයි

නවවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ලෙස අතුරලියේ රතන හිමියෝ ඊයේ (05) පාර්ලිමේන්තු රැස්වීම ආරම්භයේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු උන්වහන්සේ මහ ලේකම් ධම්මික දසනායක මහතා ඉදිරියේදී මන්ත්‍රී නාම ලේඛණයේ අත්සන් තැබූහ. 2015 වසරේදී ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස 08 වන පාර්ලිමේන්තුවද නියෝජනය කළ රතන හිමි මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ සිව්වැනි වරට…

දකුණු අපි‍්‍රකානුවන්ට පූර්ණ තරගාවලි ජයක්

දකුණු අපි‍්‍රකානුවන්ට පූර්ණ තරගාවලි ජයක්

ශ‍්‍රී ලංකාව සමග පැවැති ටෙස්ට් කි‍්‍රකට් තරගාවලිය 2 ට 0 ක් ලෙස පූර්ණ තරගාවලි ජයක් ලැබීමට දකුණු අපි‍්‍රකානු කණ්ඩායම අද සමත් වුණා. ඒ, දෙවන ටෙස්ට් තරගයෙන් කඩුළු 10 ක ජයක් ලබා ගනිමින්. තරගයේ පළමු ඉනිමට පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකාව රැස්කළ ලකුණු 157 ට පිළිතුරු ලෙස දකුණු අපි‍්‍රකාව ලකුණු 302 ක් රැස්කළා. ශ‍්‍රී ලංකා පිළට දෙවන…