ලිඳුල නාගරික මන්ත්‍රීවරයෙකුටත් ‌කොවිඩ්!

covid new

තලවාකැලේ ලිදුල නගර සභාවේ නාගරික මංත්‍රිවරයකු කොවිඩ් ආසාදිතයකු ලෙසට හදුනා ගැනිමත් එම නගර සභාවේ දස දෙනකු රැපිට් ඇන්ටිජන් පරික්ෂාවට ලක් කිරිමට පියවර ගත් බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ තලවකැලේ ලිදුල නගර සභාවේ නාගරික මංත්‍රිවරයකු පුද්ගලිකව කර ගන්නා ලද රැපිට් ඇන්ටිජන් පරික්ෂාවකදි ඔහු කොවිඩ් ආසාදිතයකු බවට හදුනා ගෙන ඇති බවත්ය. එම මංත්‍රිවරයා කොවිඩ් ආසාදිතයකු බවට හදුනා ගැනිමත් සමග ඔහුගේ ආශ්‍රිතයන් ලෙස හදුනා ගන්නා ලද දස දෙනකු රැපිට් ඇන්ටිජන් පරික්ෂාවකට ලක් කල බවත් එහි වාර්ථා මත එම දස දෙනා…

Read More

ගම්පහ නගරයට පැමිණෙන රථ වාහන වලින් භාගයක්ම ආතල් එකට ඇවිත්

gampahapolice

සංචරණ සීමා පනවා ඇති අවස්ථාවේ වලංගු අවසරපතක් නැතිව, ගම්පහ නගරයට පැමිණෙන රථ වාහන පරීක්ෂා කිරීමේ හදිසි මෙහෙයුමක් පසුගියදා ගම්පහ නගරයේදී සිදු කෙරිණි. මෙහිදී රථ වාහන 460ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී වාහන 210 නැවත හරවා යැවීමට පොලිස් නිලධාරීන් විසින් පියවර ගෙන තිබේ. එසේම 48 දෙනකුට මෙහිදී නඩු පැවරීමට කටයුතු කර ඇත. ගම්පහ (ජ්‍යෙ.පො.අ.) කේ.කේ. ඉන්දික ද සිල්වා මහතාගේ උපදෙස් මත ගම්පහ (ස.පො.අ. i) තුසිත කුමාර, (ස.පො.අ. ii) අතුකෝරල, ගම්පහ මූලස්ථාන (ප්‍ර.පො.ප) සමන් ජයසිංහ, මෙහෙයුම් මැදිරියේ ස්ථානාධිපති (ප්‍ර.පො.ප) චන්දන කුමාර ඇතුළු නිලධාරීහු සෝදිසි මෙහෙයුමට එක් වූහ.

Read More

කොරියානු පසමිතුරෝ මිසයිල අත්හදා බලති

missaila

උතුරු කොරියාව සහ දකුණු කොරියාව  බැලැස්ටික් මිසයිල අත්හදා බැලීම් සිදු කිරීම හේතුවෙන් ලොව වඩාත්ම අස්ථාවර කලාපය ලෙස සැලකෙන කොරියානු කලාපයේ උණුසුම ඉහළ ගියේය. මුලින්ම උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම සිදු වූ අතර, ඉන් දෙකක් කොරියානු අර්ධද්වීපයේ නැඟෙනහිර වෙරළට ඔබ්බෙන් මුහුදු තීරයට පතිත වූ බව ජපාන වෙරළාරක්ෂක හමුදාව තහවුරු කළේය. එම අවස්ථාවට දකුණු කොරියානු ජනාධිපති මුන් ජේ ඉන් සහභාගි වූ බව වැඩි දුරටත් වාර්තා වේ.

Read More

අපි නොදන්න MEDIA

media

ප්‍රාදේශිය වාර්තාකරුවෝ කවුරුන්ද? කෝවිඩ් ව්‍යාප්තිය කොළඹ ටිකෙන් ටික වැඩි වෙද්දි මම හෙමින්ම කොළඹින් ගමට ආවේ තියෙන රෝගත් එක්ක මැරෙන්න තියෙන පොඩි බයකුත් එක්කම තමයි… ඒ අතරේ ගෙදර ඉඳන් Online වැඩ කළත් ටිකක් එළියට බැහැලා වැඩ කරන්න නැති වුණාම කෑවේ නෑ වගේ… ඔය අතරෙයි ගමේ ඉන්න ”රිපෝටර් මිතුරෝ” දෙන්නෙක් ඔළුවට දැම්මේ ”චැනල් එකක වැඩ කරමු” කියල. ”නිවුස්” හොයාගන්න රට වටේ ඉන්න බොහෝ ප්‍රාදේශිය වර්තාකරුවෝ අතරේ ලොකු පොරයක් තියෙනවානේ. ඒක දැන් රහසක් නෙමෙයි. හැබැයි මේ පොර පිටිය හදන්නේ කොළඹ කන්තෝරුවලින්ම තමයි කියලා ජනතාව දන්නේ නෑ. කොළඹ කන්තෝරුවල ඉන්න පිරිසට ඕනැ වෙන්නේ ‘කරකෙන්…

Read More

නිරෝධායන ඇඳීරි නීතියේදීත් රිය අනතුරු ඉහළට!

accident

රට පුරා ව්‍යාප්තව පවතින මාරාන්තික වසංගතය පාලනය සදහා රටම අගුලා ලා තිබියදී මාර්ග අනතුරු වලින් හැටකට වැඩි පිරිසකට ජීවිතය අහිමිව ඇති බව හෙළි වී තිබේ. මාර්ගයේ ඇති නිදහස අයුතු ලෙස භාවිතා කරමින් අපරික්ෂාකාරී ලෙස මෝටර් රථ සහ යතුරු පැදි ධාවනය කිරීම හේතුවෙන් නිරෝධායන ඇඳිරි නීතිය ආරම්භ වූ පසුගිය අගෝස්තු මස 20 දා සිට සැප්තැම්බර් මස 13 වන දා දක්වා සිදුවූ මාර්ග අනතුරු ප්‍රමාණය  63ක් බවයි පොලීසිය පවසයි. එම අනතුරුවලින් 66 දෙනෙකු මියගොස් ඇති බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව ප්‍රකාශ කර සිටියි. මෙම අනතුරුවලට හේතුව අපරික්ෂාකාරී…

Read More

හාල් හිඟයක්! නාමල්ගෙන් අනාවැකියක්

තව සති දෙකක් ඇතුළත රටේ හාල් හිඟයක් ඇතිවීම වැළැත්විය නොහැකි බව ජාතික ගොවි සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා පැවසීය. හාල් සහ වී අතර ආණ්ඩුව බරපතළ විකෘතියක් නිර්මාණය කොට ඇති බවත්, ඒ හේතුවෙන් මෙම ප්‍රතිපලය දකින්නට ලැබෙන බවත් ඒ මහතා කීය.

Read More

රොන්මඩ ඉවත් කිරීමට මුවා වී ලැබුනෝරුව වැවේ වැලි ජාවාරමක්!

labunoruwa wewa

රොන්මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘතියකට මුවාවි ලැබුනෝරුව වැව සීමාවක් නොමැතිව හාරමින් වැලි ගොඩදැමීමේ මහ පරිමාන ජාවාරමක් සිදුවන බව ලැබුනෝරුව ගොවි සමිතිය පවසයි. රජයේ ව්‍යාපෘතියක් වශයෙන් පසුගියදා ආරම්භවූ මහ වාරිමාර්ගයට අයත් ලැබුනෝරුව වැවෙහි රොන් මඩ ඉවත් කිරීමේ ක්‍රියාව පසෙක දමා කොන්ත්‍රාත්කරුවන් ඉවක් බවක් නොමැතිව වැව හාරමින් වැලි ඉවත් කිරිමේ කටයුත්තක නිරත වන බවත් මෙම ක්‍රියාවලිය නිසා වැව විනාශයට පත්වෙන බව ගොවි සමිතිය පැවසුවේය. සිදුවන ක්‍රියාවලියට විරෝධය පලකරනා ලැබුනෝරුව ගොවි සමිතියේ සභාපති ජී ජයතිලක මහතා.වැවේ රොන්මඩ ඉවත් කිරිම පසුගියදා ආරම්භ වුනා.නමුත් ඒ සදහා කිසිදු මුදලක් රජයෙන් නොගෙවන බව උත්සවයට සහභාගිවූ රාජ්‍ය අමාත්‍යතුමන් පැවසුවා.…

Read More

බඩගින්නට පක්ෂ / දේශපාලනයක් නැහැ – හි. මධ්‍යම පළාත් සභා මන්ත්‍රී රාජා රාම්

raja ram

බඩගින්නට  පක්ෂ දේශපාලනය, ජාති ආගම් භේද නැතැයි කඳුරට අයිතිවාසිකම් මුදවාගැනිමේ පදනමේ සභාපති හිටපු මධ්‍යම පලාත් සභා මංත්‍රි රාජා රාම් මහතා පවසයි. කොවිඩ් වසංගත මෙම කාලය තුලදි වීශේෂයෙන් මෙම කදුකරයේ ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත් වි සිටින හෙයින් කඳුරට අයිතිවාසිකම් මුදවා ගැනිමේ පදනම මෙම ප්‍රදේශයේ ජනතාවට යම් සහනයක් ලබා දිමට පියවර ගත් බවද ඒ මහතා පවසයි. මේ බව පවසන ලද්දේ (15) වන දින හැටන් නගරයේදි වියළි ආහාර බෙදා දිමේ අවස්ථාවක් අමතමිනි. ප්‍රදේශයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් සදහා මෙම වියළි ආහාර බෙදා දිම සිදු කල අතර මෙහිදි වැඩි දුරටත් කතා කල රාජා රාම්…

Read More