තවත් සභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි

muditha

ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා එම තනතුරින් ඉල්ලා අස්වී ඇත. ඇතැම් මාධ්‍ය වාර්තා කොට තිබුණේ ඒ මහතා ඉවත් කිරීමට පිරිසක් සූදානමින් සිටින බවකි. කෙසේවෙතත් අද දින ඒ මහතා ඉල්ලා අස්වී ඇත.

Read More

පොලොන්නරු ජනතාව කියන්නේ මගේ පියාගේ හදවතයි

dahamsirisena

පොළොන්නරුව දිස්ත්‍රික්කයට සහ ජනතාවට ඉරියේදි එන ඕනෑම අභියෝගයකට මුහුණදීමට තමා සූදානම් බව දහම් සිරිසේන මහතා අද ප්‍රකාශ කළා. ඔහු මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොලොන්නරුව දිස්ත්‍රික් කාන්තා හා තරුණ මණ්ඩල පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින්. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොලොන්නරුව දිස්ත්‍රික් තරුණ බලමණ්ඩලයේ සභාපති ලෙස දහම් සිරිසේන මහතා පත්කෙරිණි . මීට ප්‍රථම දහම් සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොලොන්නරුව ආසනයේ තරුණ බල මණ්ඩලයේ සභාපති ලෙස පත්කෙරුණු අතර අද දිනයේ සමස්ත පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ බල මණ්ඩලයේ සභාපති ලෙස තේරී පත්විය. අද රටේ ඇතිවී…

Read More

මන්ත්‍රී පොකුරක් අතලඟ

parli

පාර්ලිමේන්තුව නියෝජනය කරන තවත් මන්ත්‍රීවරයෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි වාර්තා වනවා. ඒ සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් මහතාටයි. තමාට හදිසියේ උණ ගැනීම නිසා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකට යොමුවූ අවස්ථාවේදී කොවිඩ් ආසාදනයවී ඇතැයි තහවුරු වූ බවයි සෙල්වරාසා ගජේන්ද්‍රන් මන්ත්‍රීවරයා සඳහන් කළේ. සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවලට යොමු වන්නයි මන්ත්‍රීවරයා තමා සමග පසුගිය දිනවල සමීප වූ සියලු දෙනාගෙන් ඉල්ලීමක්ද සිදු කරනවා.

Read More

එළවළු මිල 100% කින් ඉහළට

elawalu-thoga

සිල්ලර වෙළදපලේ එළවළු මිළ සියයට සියයකින් ඉහළ ගොස් තිබෙන බව පාරිභෝගිකයෝ පවසති. තොග වෙළදපලට එළවළු තොග සැපයුම සියයට 30න් පමණ පහළ යාම සිල්ලර වෙළදපලේ එළවළු මිළ ඉහළ යාමට බලපා තිබෙන බව පවසති. තොග වෙළදපලේ රුපියල් 200ක් වූ බෝංචි කිලෝවක් සිල්ලර වෙළදපලේ රුපියල් 450ක් දක්වා ඉහළ දමා තිබූ අතර රුපියල් 280ක් වූ මාළු මිරිස් කිලෝවක් රුපියල් 540ක් දක්වා ඉහළ දමා තිබිණි. තොග වෙළදපලේ අමු මිරිස් කිලෝවක් රුපියල් 120ක් ලීක්ස් කිලෝවක් රුපියල් 170ක් කැරට් කිලෝවක් රුපියල් 120ක තොග මිළකට අලවිවූ අතර සිල්ලර වෙළදපලේ එම එළවළුවල මිළද සියයට සියයකින් ඉහළ මිළකට අලවිවූ බව…

Read More

අහිතකර චීන පොහොර නෞකාව දෙවුන්දර ආසන්නයේ

chinapohora

ලංකාවේ කිසිදු වරායකට ඇතුළත් කර නොගන්නා ලෙසට නියෝග කොට ඇති හිපෝ ස්පිරිට් නම් චීන පොහොර නෞකාව මේ වනවිට දෙවුන්දරට ආසන්න මුහුදේ නවත්වා තබාගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව නෞකාව දෙවුන්දරට මුහුදු සැතපුම් 12ක දුරින් නවත්වා අවශ්‍ය වරායකට ඇතුල්විය හැකි ලෙස තබාගෙන ඇති බව දැනගන්නට තිබේ. මෙම නෞකාවේ ‌පර්යේෂණවලින් අසමත් වූ ‌පොහොර මෙට්‍ර්ක් ටොන් 20000කට ආසන්න ප්‍රමාණයක් ඇති බව පැවසේ.

Read More

ප්‍රාථමික අංශ දරුවන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

school

අදින් ඇරඹෙන ප්‍රාථමික අංශවල ඉගැන්වීම් කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා මහතා අද පැහැදිලි කිරීමක් කළේය. “පන්තියක ළමයි 20ක් නම් හැමදාම එන්න, 21- 40 කොටස් දෙකකට බෙදා දිනක් හැර දිනක් පවත්වන්න. මුල්ම දවස් තුනේ ක්‍රියාකාරකම් සිදුකරයි. එසේම නිල ඇඳුම් භාවිත කළ නොහැකි තත්ත්වයෙන් පවතී නම් පාසලට ගැලපෙන සුදුසු ඇඳුමකින් සැරසී සිසුන්ට පාසලට පැමිණීමට හැකියි. ගුරුවරුන්ට පළාත් අතර මාරුවෙන්න බැරිනම් SMS එකක් එවන්නම්.” එම අමාත්‍යංශයේ අතිරේක ලේකම් එල්. එම්. ඩී. ධර්මසේන මහතා සඳහන් කළේ පාසල් පැමිණීමේ දී සපත්තු පැළඳීම ද අනිවාර්යය නොවන බවය. මීට අමතරව පසුගිය 21…

Read More

කොරෝනා සුවවූ අයට දීර්ඝකාලීන මොළයේ සංකූලතා

corona

කොරෝනා රෝගයේ දිගු කාලීන ප්‍රතිවිපාක ගැන කළ අධ්‍යයනයකින් කොවිඩ් -19 මිනිස් මොළයේ රුධිර නාල වලට බලපෑම් කළ හැකි බව යුරෝපීය විද්‍යාඥයින් සොයාගෙන ඇත. ප්‍රංශ, ස්පාඤ්ඤ හා ජර්මානු විද්‍යාඥයින්ගේ පර්යේෂණයකින් බ්‍රහස්පතින්දා නේචර් නියුරෝ සයන්ස් නම් විද්‍යාත්මක සඟරාවේ ප්‍රකාශයට පත් කෙරුණේ පෙනහළු වලට පහර දිමට අමතරව එම වෛරසයට සමහර මොළ සෛල විනාශ කිරීමට ද හැකි බවයි. ඒවා එන්ඩොතලීය සෛල ලෙස හැඳින්වෙන අතර මොළය වටා පිහිටා ඇති අතර මස්තිෂ්ක ආරක්ෂා කරන අතරම රුධිර සංසරණය පහසු කරයි. කොවිඩ් රෝගයෙන් මියගිය රෝගීන් නිරීක්ෂණය කිරීමෙන් වෛරසය එන්ඩොතලීය සෛල විනාශ කළ බව විද්‍යාඥයන් සොයාගෙන තිබුණි. මොළයේ කුඩා…

Read More

දියණියගේ රන්භාණ්ඩ සොරකම් කළ මව පොලිසියට බොරු පැමිණිල්ලක් කරයි.

මීගොඩ පොලිස් වසමේ මිනුවන්දෙනිය පාර, බෙරුකැටිය, කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචිකාරියක් විසින් තම නිවසට කොරෝනා මර්ධන නිල නිල ඇඳුම් වලින් සැරසුණු හය දෙනෙකුගෙන් යුත් කල්ලියක් පැමිණ නිවසේ තිබූ රුපියල් ලක්ෂ 17 ක් පමණ වටිනා රන් භාණ්ඩ සහ මුදල් කොල්ල කා පලාගිය බවට පැමිණිල්ල සිදුකළ කාන්තාව විසින්ම මෙම සොරකම සිදුකර ඇති බවට අනාවරණය කර ගැනීමට හැකිවී තිබේ. එමෙන්ම  සොරකම් කර තිබූ මුදල් සහ රන් ආභරණ සියල්ල සහ සැකකාරිය සමග (23) දින සන්ධ්‍යාවේදී අත්අඩංගුවට ගැනීමට ගෙන ඇත. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ලැබුණු නියෝග මත මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා සොරකම සිදුවූ…

Read More

ශ්‍රී ලංකා – බංගලාදේශ T20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

srilanka-bangali

පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12දෙනාගේ වටයේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. සාජා පිටියේ පැවති තරගයේ ජයග්‍රහණයට ලකුණු 172 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම තරගය අවසන් වීමට පන්දු 7ක් ඉතිරිව තිබියදී කඩුලු 5ක් දැවී ජය හිමිකර ගත්තේ ය . පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර 20දී කඩුලු 04ක් දැවී ලකුණු 171ක් රැස් කළා. ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ චරිත් අසලංක සහ භානුක රාජපක්ෂයි. ඔවුන් දෙදෙනා පස්වන කඩුල්ලට පන්දු 52කදී ලකුණු 86ක සබඳතාවක් ගොඩනැගීමට සමත්වුණා. චරිත් අසලංක පන්දු 49කදී නොදැවී…

Read More