සිය ඉල්ලීම්වලට කඩිනමින් විසඳුම් නොලැබුණහොත් අමාත්‍යවරයාට සෞඛ්‍ය අමාත්‍යාංශය අහිමිවිය හැකි බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අනතුරු අඟවති. ඔවුන් පෙන්වා දෙන්නේ ඒ හේතුවෙන් ප්‍රශ්නය දුරදිග යෑමට පෙර විසඳුම් ලබාදෙන ලෙසය. කොළඹ නගරයේදී අද (30) විරෝධතා රථ පෙළපාලියකට එක්වෙමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ඒ බව පැවසීය.
Read MoreDay: November 30, 2021
රෝහිත රාජපක්‍ෂ ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියට
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ මහතා මෙවර ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා ක‍්‍රිඩා කරයි. ඔහු අංක 07 සදහන් ඇදුමක්ද සහිතව දඹුල්ල කණ්ඩායමට සඳහා තරඟ වදින බව එම කණ්ඩායමේ සමාජ ජාල ගිණුමේ පින්තූර පල කර ඇත. ශ‍්‍රී ලංකාවෙන් මෙතෙක් බිහිවූ ප‍්‍රහාරත්කමකම පිතිකරු ලෙස සැලකෙන සනත් ජයසූරියද ජාත්‍යන්තර තරග සදහා එක් වූයේ එම අංකය යටතේය.
Read Moreට්විටර් සම නිර්මාතෘ ඉවත්වෙයි
ට්විටර් සම නිර්මාතෘ 45 හැවිරිදි ජැක් ඩොර්සි එම සමාගමේ ප්‍රධාන විධායක තනතුරෙන් අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. ඔහුගෙන් හිස් වන තනතුර සඳහා දැනට එම සමාගමේ ප්‍රධාන තාක්ෂණික නිලධාරියා ලෙස කටයුතු කරන පරාග් අග්‍රවාල් පත්වීමට නියමිතය. “අවසානයේදී මට යන්න වෙලාව හරි,” නිවේදනයක් නිකුත්කරමින් ඔහු පැවසීය.
Read Moreප්‍රදේශ රැසක හදිසි විදුලිය බිඳවැටීම්
කොත්මලේ සිට බියගම දක්වා සම්ප්‍රේෂණ මාර්ගයේ හදිසි බිඳවැටීමක් නිසා දිවයිනේ ප්‍රදේශ රැසක ඊයේ (29) රාත්‍රී 7.50 පමණ සිට විදුලිය සැපයුම බිඳවැටී ඇති බව වාර්තා වෙයි. මහවැලි ජලාශ බලාගාරවල විදුලිය ජනනය නතර වී ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි. කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල, ගල්කිස්ස, අතුරුගිරිය, මොරටුව යන ප්‍රදේශ වලින් ද බදුල්ල, නුවරඑළිය, මාතලේ, ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකින් ද මෙලෙස විදුලිය බිඳ වැටීම වාර්තා වන බවයි පාරිභෝගිකයින් පවසන්නේ.
Read Moreසිලින්ඩර පිපිරීම්වලට හේතුව
ගෑස් සිලින්ඩරවල අඩංගු විය යුතු ප්‍රොපේන් හා බියුටේන් සංයුතිය පරික්‍ෂා කිරීමේදී මේ වනවිට වෙළෙඳපොළේ තිබෙන ගෑස් සිලින්ඩරවල ප්‍රොපේන් අනුපාතය සියයට 49ක් සහ බියුටේන් අනුපාතය සියයට 51 දක්වා වෙනස් කර තිබීම නිසා ගෑස් සිලින්ඩර හා ගෑස් ලිප් ගිනි ගන්නා බවට සපුගස්කන්ද පිරිපහදු රසායනාගාරයේ පරික්‍ෂණවලදී තහවුරු වී ඇතැයි විශ්වාස කටයුතු ආරංචිමාර්ගවලින් දැනගන්නට ලැබේ. මෙතෙක් කලක් ගෑස් සිලින්ඩරවල තිබූ සංයුතිය වූයේ බියුටේන් 70% සහ ප්‍රොපේන් 30% අනුපාතය හෝ බියුටේන් 65% ප්‍රොපේන් 35% අනුපාතයයි. මෙරටට ගෙනා ගෑස් මිශ්‍ර කිරීමේදී එකී අනුපාත දෙක වෙනස් කිරීම නිසා ගෑස් සිලින්ඩරවල රෙගියුලේටරයට බලපෑම් ඇතිවී මෙලෙස ගිනි ගැනීම් සිදුවිය…
Read Moreඅර්ජුන එජාපයෙන් ඉවතට
හිටපු ඇමැතිවරයකු වන අර්ජුන රණතුංග මහතා එක්සත් ජාතික පක්‍ෂ සාමාජිකත්වයෙන් ඊයේ (29) ඉල්ලා අස්වී තිබේ. පක්‍ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ඒ මහතා විසින් නායක රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත භාරදී ඇත. එජාපය නිසි ලෙස ප‍්‍රතිසංවිධානය නොකිරීම තමාගේ ඉල්ලා අස්වීමට ආසන්නම හේතුව යැයි ද අර්ජුන රණතුංග මහතා සිය ලිපිය මගින් දැනුම් දී ඇත.
Read More’ඔමික්‍රෝන්’ නිසා කොරෝනා වසංගතය නිමා වෙයිද?
ජර්මනියේ වසංගත රෝග විශේෂඥයකු වන මහාචාර්ය කාර්ල් ලුටර්බාෂ් අපූරු අදහසක් ලොවට ඉදිරිපත් කර ඇත. මහාචාර්යවරයා පෙන්වා දී ඇත්තේ ‘ඔමික්‍රෝන්’ විකෘතිය බිහිවූයේ ‘කොවිඩ් 19’ වසංගතය අවසන් කිරීමට බවය. ඔමික්‍රෝන් නැමැති නව කොවිඩ් ප්‍රභේදය ආසාදිත රෝගීන් හමුවූ රටවල් ගණන 17ක් දක්වා ඉහළ ගොස් ඇත. එංගලන්තය, ජර්මනිය, ඉතාලිය, කැනඩාව, බෙල්ජියම ඇතුළු මෙම රටවල් අතරට එක් වූ නවතම රට ස්පාඤ්ඤය යි. මින් හමුවූ ආසාදිතයා කිසිදු රටකට සංචාරය සඳහා ගොස් නැති අතර කිසිදු විදේශිකයකු ද හමුවී නැත. කොවිඩ් 19 මාතෘ වයිරසය ඔමික්‍රෝන් ලෙස වෙනස් වුණේ වයිරසයේ පැවැත්ම රඳවා ගෙන, එය ආසාදනය වෙන මනුෂ්‍ය අපේත් ජීවිත…
Read Moreපාන් පිටි 135යි
ශ්‍රී ලංකාවේ තිරිඟු පිටි ඉල්ලුමෙන් සියයට 75 කට වැඩි ප්‍රමාණයක් වෙළෙඳපොළට සපයන ප්‍රීමා සමාගම පාන් පිටි කිලෝවක් රුපියල් 17.50 කින් ඉහළ දමා ඇති බවත් ඊට සමගාමීව ශ්‍රී ලංකාවේ අනෙක් පාන්පිටි නිෂ්පාදන සමාගම වන සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් ද පාන් පිටි කිලෝවක් රුපියල් 17.50 කින් ඉහළ ද, ඉහළ දමා තිබේ. තිරිඟු පිටි (පාන්පිටි) කිලෝවක සිල්ලර මිල රුපියල් 130 ත් 135 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇති බව සිල්ලර වෙළෙන්දෝ පවසති.
Read More