කුකුල් මස් මිල ඉහළට
පසුගිය දිනයන්ට සාපේක්ෂව අද (12) දිනයේ කුකුල් මස් කිලෝවක සිල්ලර මිල ඉහළ ගොස් තිබේ.ඒ අනුව නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ නැවුම් කුකුල් මස් කිලෝවක මිල රුපියල් 1400ක් ලෙස ඉහළ ගොස් තිබුණි. එමෙන්ම සම රහිත කුකුල් මස් රුපියල් 1300ක් ලෙස ද කරි කුකුල් මස් රුපියල් 999ක් ලෙස ද ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වෙයි.









