ලිට්රෝ සමාගම ජනතාවට කළ විශේෂ ප්රකාශය
ලිට්රෝ සමාගම මෙතෙක් ගෑස් මිල වැඩි කිරීමක් සිදු නොකර ඇති බැවින් වැඩි මිලට ගෑස් අලෙවි කරන වෙළඳුන් පිළිබඳව පොලිසියට පැමිණිලි කරන ලෙස ලිට්රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ පාරිභෝගිකයින්ට දැනුම් දෙනවා. එසේම, ඒ පිළිබඳව පැමිණිලි ලිට්රෝ සමාගමේ 1311 දුරකතන අංකයටද දැනුම්දිය හැකි බවයි ඔහු කියා සිටියේ.









