පානදුරේ ඉස්කෝලේ ගිය තරුණයන්ට ලෝකය පෙන්නපු දොස්තර නෙවිල් ප්රනාන්දු
මම ඉපදුනේ බණ්ඩාරගම. බණ්ඩාරගමට ගොඩක්ම සම්බන්ධ ටවුම පානදුරේ. අපි පොඩි කාලේ බණ්ඩාරගම පොඩි ටවුන් කෑල්ලක්. දැන් ඊට වඩා බොහොම වෙනස්. නැති දෙයක් නෑ. ඒ කාලේ බණ්ඩාරගම පොඩි හරි හැකියාවක් ඇති දෙමව්පියන්ගෙ ලොකුම වැඩක් තමා පානදුරේ ස්කෝලෙකට තමන්ගෙ ළමයින්ව දාන එක. අද ස්කූල් වෑන් බණ්ඩාරගම සෙන්ට්රල් එක වටා කැරකැවෙද්දි ඒ කාලේ බණ්ඩාරගමින් පානදුරේට ගියා සෑහෙන්න ස්කූල්…








