නාවලකන්ද, බලගල දොළ රක්ෂිතයේ රුක් රෝපණ වැඩසටහන
පොහොසත් ජෛව විවිධත්වයකින් යුත් පහත රට තෙත් කලාපීය වැසි වනාන්තර ගණනාවක්ම කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සීමාවේ පිහිටා තිබෙන අතර මෙම වනාන්තර පද්ධති මෑත කාලයේදී නොයෙකුත් ආපදා තත්වයන් නිසා විශාල වශයෙන් විනාශ වෙමින් පවතී. මේ නිසා ප්‍රදේශයේ ජල මූලාශ සිඳී යාම, පරිසර සමතුලිතතාවය බිඳ වැටීම, ජන ජීවිත වලට තර්ජන එල්ල වීම ආදී ගැටළු ඇති…
මදුරු දැලේ කොක්ක දරු දෙදෙනාට මරණය ගෙන එයි
හය හැවිරිදි සහෝදරිය සමග සමඟ නිවසේ සිටි 12 හැවිරිදි පාසල් සිසුවෙකුගේ සිරුර කුඩා රෙදි කැබලි දෙකකින් (නැප්කින්) සාදාගත් පටියක් මගින් මදුරු දැල එල්ලීම සඳහා උපයෝගි කරගන්නා කොක්ක මත එල්ලෙමින් තිබෙන දුටු දෙවෙනි මව දරුවා එයින් ගලවාගෙන රෝහලට ඇතුළත් කරනවිටත් මියගොස් සිටි බව පිළියන්දල පොලීසිය පැවසීය. සිද්ධියෙන් මියගොස් ඇත්තේ කැස්බෑව තානායම පාර පදිංචිව සිටි කවින් සඳරු…
පොලිස් මෙහෙුයම් වලදී සැකකරුවන් මිය යාම් වලින් බස්නාහිර පළාත ඉදිරියන්
2020 වසර අවසන් වීමට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි. මේ වසර ආරම්භයේදීම එනම් ජනවාරි මාසයේ 19 වෙනි දින අපට අසන්නට ලැබුණේ පොලිස් මෙහෙයුමක් අතරතුර පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවියකින් තැබූ වෙඩිල්ලක් වැරදී ගොස් මහමඟ ගමන් කරමින් සිටි හිමි නමකට වැදී උන් වහන්සේ අපවත් වීමේ කණගාටුදායක පුවතය. හුංගම හාතාගල දෙණියපාර ප්‍රදේශයේදී ජංගම මුර සංචාරයක නිරත පොලිස් නිලධාරීන්…
දික්ඔය මන්ත්‍රිවරුන් පිරිසට කොවිඩ් නෙගටිව්
හැටන් දික්ඔය නගර සභාවේ සභාපති උප සභාපති ලේකම් ඇතුළු නාගරික මන්ත්‍රිවරුන් පිරිස කොවිඩ් ආසාදිතයන් නොවන බවට පි. සි. ආර්. පරික්ෂනවලින් අනාවරණයවී ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක රාමයියා බාලක්‍රිෂ්නන් මහතා පවසයි. හැටන් දික්ඔය නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයකු කොවිඩ් ආසාදියකු ලෙසට හදුනා ගැනිමත් සමග එම නාගරික මංත්‍රිවරයා සමග තවත් නාගරික මන්ත්‍රිවරයකුගේ උපන් දින…
‘අවන්හලක ඉපදී මා මිය යනවා නම්’ – යන්න යයි
ප්‍රකට ගායන ශිල්පී ෂෙල්ටන් මුතුනමගේ අද (28) මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතයෙන් සමුගත්තේය. කලක් තිස්සේ දියවැඩියාව ඇතුළු රෝග කිහිපයකින් ඔහු පීඩා වින්දේය. ‘අවන්හලක ඉපදී මා මිය යනවා නම්’, ‘මහ සයුරේ ගැඹුරු දියේ ගෙවන ජීවිතේ’, දීග නොයන් රත්තරනේ, සමාව ඉල්ලා දෙපා සිඹින්නට ඇතුලු ජනප්‍රිය ගීත ගණනාවක් ඔහු ගායනා කර තිබේ. කැලිප්සෝ කණ්ඩායමක ගී ගායනා කරමින්…
සිනමා ශාලා ජනවාරි 01 දා සිට විවෘත කිරීමට උපදෙස්
සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ජනවාරි 01 වැනිදා සිට දිවයින පුරා පිහිටි සිනමා ශාලා විවෘත කිරීම සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවසර දී තිබේ. හුදෙකලා ප්‍රදේශ හැර අනෙකුත් සෑම ප්‍රදේශයකම සිනමා ශාලා ජනවාරි 01 වැනිදා සිට විවෘත කෙරෙනු ඇත. චිත්‍රපට නිෂ්පාදකයන්, චිත්‍රපට අධ්යක්ෂවරුන් සහ චිත්‍රපට ප්‍රදර්ශකයන්ගේ සංගමය ඇතුලු කලාකරුවන් රැසක්…
තවත් ග්‍රාම නිලධාරී වසම් රැසක් හුදකලා කෙරේ
ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨසයට අයත් මින්නන, විලේගොඩ, යකුදාගොඩ, අස්ගගුල උතුර, බෝපත්ත යන ප්‍රදේශත් ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රක්වාන නගරය, රක්වාන උතුර, රක්වාන දකුණ, මස්ඉඹුල, කොට්ටල යන ප්‍රදේශ ද මෙලෙස හුදකලා කර ඇත. ඊයේ දිනයේදී අවිස්සාවේල්ල ප්‍රදේශයේ ස්ථාන කිහිපයකින් කොවිඩ් ආසාදිතයින් 150 දෙනෙකු වාර්තා වී තිබු බව කොවිඩ් -19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය…
නිධානයක් ගැනීමට සූදානම්වූ කපුවෙකු අත්අඩංගුවට
ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බව අගවමින් වසරක පමණ කාලයක සිට කැණීම් කරමින් නිධානයක් ගැනීමට සූදානම්වූ කපුවෙකු හා තවත් පුද්ගලයෙකු සමග නිධන් හෑරීමට යොදාගත් උපකරණ ද සමග පසු ගිය දා අත් අඩංගුවට ගත් බව අලුත්ගම විශේෂ කාර්ය බලකා කදවුරේ නිළධාරීන් කියති. වැලිපැන්න පොලිස් වසමෙි ලූල් බද්දුව ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරන බවට අලුත්ගම විශේෂ කාර්ය බලකා කදවුරේ…
කළු ජාතිකයකු වූ නිසා ප්‍රතිකාර නොලැබූ වෙෙද්‍යවරිය මිය යයි
ඇමරිකාවේ උතුරු දිග ඉන්දියනා පොලිස් ප්‍රදේශයේ කළු ජාතික වෛද්‍යවරියක් කොරෝනා වැළදීම හේතුවෙන් මියගොස් ඇත. මියයෑමට පෙර ඇය පවසා ඇත්තේ කළු ජාතිකයකු වීම හේතුවෙන් අවශ්‍ය ප්‍රතිකාර නොලැබුණ බවයි. සුසාන් මූරි නම් 52 හැවිරිදි මෙම වෛද්‍යවරිය ප්‍රාදේශීය රෝහලකදී මියගොස් තිබේ.








