මැතිවරණ සටනින් මංගල ඉවත්ට
සමගි ජන බලවේගය පක්ෂයෙන් මාතර දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා බාර දුන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර තමා ඉදිරි මැතිවරණයට ඉදිරිපත් නොවන බව පවසනවා. ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබුණා.

සමගි ජන බලවේගය පක්ෂයෙන් මාතර දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා බාර දුන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර තමා ඉදිරි මැතිවරණයට ඉදිරිපත් නොවන බව පවසනවා. ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබුණා.

දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දීවයින හරහා, විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළගේ වේගය විටින් විට…

ජුලි මස 06 වනදා නැවත පාසල් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. අදියර කිහිපයක් යටතේ ජුලි මස 06 වනදා සිට පාසල්වල අධ්‍යන කටයුතු ආරම්භ වනු ඇති. රාථමික අංශයේ සිසුන් පාසලට පැමිණෙන දිනය සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ. එමෙන්ම ජුනි මාසයේ…

අරාබිකරයේ ප්‍රථම අඟහරු ගවේෂණ මෙහෙයුම සිදු කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සූදානම් වේ. විදෙස් වාර්තා පැවසුවේ ලබන ජුලි 14 වන දා මෙම මෙහෙයුම සිදු කෙරෙන බවයි .

අමෙරිකාව පුරා මහත් ආන්දෝලනයක් ඇතිකරමින් මියගිය ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ අවසන් කටයුතු අද හූස්ටන්හිදී සිදු කිරීමට නියමිතය. ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිමූර්තිය ලෙසින් පෙනීසිටි අමෙරිකානු ඉතිහාසයට කළු පැල්ලමක් එක්කරමින් ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් කළු ජාතිකයා පොලිස් නිලධාරියෙකු අතින් ඝාතනයට ලක්වුණේ පසුගිය මැයි මස 25වැනිදාය. කළු ජාතිකයින්ට අඩු සැලකිලි තිබූ අමෙරිකාවේ දෛවෝපගත ලෙස කළු ජාතිකයෙකු ජනපති මන්දිරයට පිවිසියත් තවමත් එරට මේ අරගලය…

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් අවසන් තීරණය මෙම සතිය තුළ දැනුම් දෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේ ය. මැතිවරණ කොමිෂන් සභාවේදී ඊයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඒ මහතා ප්‍රකාශ කළේ, මනාප අංක අද දිනයේදී සියලුම පක්ෂ වෙත ලැබීමට සලස්වන බව ය.

කුකුළේ ගඟ ප්‍රාදේශයට මේ දිනවල ලැබෙන වර්ෂාවත් සමඟ මාකෙළිය ඇල්ලේ ජල මට්ටම විශාල ලෙස ඉහළ ගොස් ඇති නිසා ඇල්ලේ දිය නෑම ඉතා අනතුරුදායක යැයි කළුතර දිස්ත්‍රික් දිය ඇළි සංසදය සංචාරකයිනට දැනුම් දෙයි. සෑම වසරකම අප්‍රේල් – අගෝස්තු අතර කාලය තුළ මාකෙළිය ඇල්ලේ දිය නෑමට ගොස් පුද්ගලයන් ඇල්ලට බිළි වන බව ඇල්ල අවට පදිංචිකරුවන් කියති. මේ…

කදුරට ජනතා පෙරමුණේ නියෝජ්‍ය ලේකම් ලෙස කටයුතු කල අනුෂා චන්ද්‍රසේකරන් මහත්මිය පක්ෂ විනය උල්ලංගනය කරමින් කටයුතු කිරිම හේතුවෙන් එම මහත්මියගේ එම තනතුර තාවකාලිකව අත් හිටුවා විනය පරික්ෂනයක් පැවැත්විමට පියවර ගන්නා බව එම පෙරමුණෙ නායක සමගි ජන බල වේගයේ නුවරඑළි දිස්ත්‍රික් අපේක්ෂක වි. රාධා ක්‍රිෂ්නන් මහතා පවසයි. කදුරට ජනතා පෙරමුණ විසින් 07වන දින හැටන්හි එම පක්ෂයේ…

බි‍්‍රස්ටල් නගරයේ ඉදි කර තිබූ ජාතිවාදියෙකු ලෙස සැලකෙන වහල් වෙළෙන්දෙකු වූ එඞ්වඞ් කොල්ස්ටන්ගේ ප‍්‍රතිමාවක් ඇතුළු ප‍්‍රතිමා රැසක් විරෝධතාකරුවන් විසින් විනාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එඞ්වඞ් කොල්ස්ටන්ගේ ලෝකඩ ප‍්‍රතිමාව කඹ යොදා බිමට ඇද දැමූ විරෝධතාකරුවන්,එඞ්වඞ් ෆ්ලොයිඞ් ඝාතනය කළ අයුරු නිරූපණය කළා. ප‍්‍රතිමාව දියේ ගිල්වා ප‍්‍රීතිඝෝෂා කළ අයුරු දැක්වෙන වීඩියෝපට රැසක් ද මුදා හැර…

කොළඹ, ගම්පහ ඇතුළු දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල බස් රථ ධාවන කටයුතු අද ආරම්භ වේ. ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ, සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදී මෙම පියවර ගත් බවය. අමාත්‍යවරයා සඳහන් කළේ ප්‍රවාහන සීමා පනවා තිබු කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක තුළ ද සමාන්‍ය පරිදි මගී ප්‍රවහන සේවා සිදුකරන බවයි. කෙසේවුවද පොදු ප්‍රවාහන සේවා සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක්…