මං ඇඳිරි නීතිවලට විරුද්ධ ඇයි?
පළමු කොරෝනා ඇඳිරි නීතියෙ ඉඳලම මං ඇඳිරි නීතිවලට විරුද්ධයි. දැනුත් විරුද්ධයි. හැබැයි, ශාරීරික දුරස්ථභාවය රැකගන්නට, වාතාශ්රය පවත්වාගන්නට, ප්රසිද්ධ ස්ථානවලදි මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කරන්නට, දෑත් සේදීම දිරිගන්වන්නට, සංචරණය සීමා කරන්නට පියවර ගන්නවාට, එන්නත්කරණයට මං පක්ෂයි. හැබැයි ඉතින් මේකත් කියන්න ඕනැ. ඔය එකක්වත් ස්ථිර විසඳුමක් නෙමෙයි. ඒ බව මුළු රටම එන්නත් කරපු ඊශ්රායලය වැනි සමාජයන්ගෙන් පවා…