සමෘද්ධි ආධාර දිගටම ලැබුවත් ලක්ෂ 3ක් තවමත් එතනමයි
| |

සමෘද්ධි ආධාර දිගටම ලැබුවත් ලක්ෂ 3ක් තවමත් එතනමයි

සමෘද්ධිලාභීන් ලක්ෂ 3 කට වැඩි පිරිසක් වසර විසි අටක් තිස්සේ (1995-2023) සමෘද්ධි ආධාර දිගටම ලබන නමුත් ස්වශක්තියෙන් නැගී සිටීම සඳහා ඔවුන් කිසිම ආකාරයකින් හෝ සවිබල ගන්වා නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. මේ අනුව සමෘද්ධි ව්‍යාපාරය අපේක්ෂා කළ අරමුණු සහ කාර්යභාරය ඉටුවී නොමැති බවට විගණන නිලධාරිහු චෝදනා කරති. සමෘද්ධිලාභීන් සවිබල ගැන්වීමේ විවිධ…

ගණිකා වෘත්තිය මාර්ගගත ක්‍රමවේදයට

ගණිකා වෘත්තිය මාර්ගගත ක්‍රමවේදයට

වීදි ගණිකා වෘත්තියේ යෙදී සිටි පිරිස මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සමාජ මාධ්‍ය භාවිත කරමින් සිය වෘත්තිය සිදුකිරීමට පෙලඹී ඇති බව  කොළඹදී පැවැති වැඩමුළුවකදී අභිමානී කාන්තා එකමුතුව පවසා සිටියි. පසුගිය කොවිඩ් කාලසීමාවේ පනවා තිබූ සංචරණ සීමා නිසා වෘත්තියේ නියැළීමට ඇති වූ අපහසුතා හේතුවෙන් මෙසේ වීදි ගණිකා වෘත්තියේ යෙදී සිටි පිරිස මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සමාජ මාධ්‍ය හරහා තම…

රැකියාවල නියුතු කාන්තාවන්ට පිළිකා අවදානමක්

රැකියාවල නියුතු කාන්තාවන්ට පිළිකා අවදානමක්

වයස අවුරුදු 45ත් සහ 65ත් අතර රැකියා වල නියුතු කාන්තාවන් පිළිකා රෝග වලට ගොදුරු වීමේ වැඩි අවදානමක් මතුව ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි. ඔවුන් පෙන්වාදෙන්නේ රැකියාවල නිරත කාන්තාවන් පරික්ෂණ සදහා යොමුවීම ඉතා අවම මට්ටමක පැවතීම හේතුවෙන් මෙම තත්වය උද්ගත වී ඇති බවය. වාර්තාවන පිළිකා රෝගීන්ගෙන් 26ක්ම පියයුරු පිළිකා රෝගීන් බව සඳහන් වෙයි. පියයුරු පිළිකා දැනුවත්…

slparli

ත්‍රස්ත පනත, සමාජ මාධ්‍ය නියාමන පනත 3වැනිදා පාර්ලිමේන්තුවට

ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා විධිවිධාන ඇතුළත් ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සහ සමාජ මාධ්‍ය නියාමනය සඳහා විධිවිධාන ඇතුළත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ලබන මස 3 වැනිදා අඟහරුවාදා පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු…

light-bill

විදුලි බිල්පත් සඳහා තවත් බද්දක්

සීමාසහිත ලංකා විදුලි (පුද්ගලික) සමාගමේ සියලුම (LECO) විදුලි බිල්පත් සඳහා සමාජ ආරක්ෂණ බද්ද එකතු කෙරෙන බව එම සමාගම පවසයි. 2023 සැප්තැම්බර් 08 සිට එය ක්‍රියාත්මක වෙනු ඇත. ඒ අනුව සැප්තැම්බර් මස බිල්පත්වලින් එය පිළිබිඹු වන බවද අදාළ ලෙකො සමාගම පවසයි.

අදට (28) යෙදෙන ජාත්‍යන්තර තොරතුරු දින සැමරුම
|

අදට (28) යෙදෙන ජාත්‍යන්තර තොරතුරු දින සැමරුම

තොරතුරු අයිතියේ වැදගත්කම පුරවැසියා වෙත හා පොදු අධිකාරිය වෙත ළඟා කර වීමට පවතින ක්‍රම වේදයන් ප්‍රමාණවත් නොවන බව අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානයේ ලේකම් නීතිඥ දුලාන් දසනායක මහතා සඳහන් කරයි. තොරතුරු දැනගැනීමේ විශ්වීය ප්‍රවේශය සහතික කිරීමේ ජාත්‍යන්තර දිනය සමරමින් අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සැමරුම් දින වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව…

bus
|

ටිකට් පත් නොදුන්නොත් බස් ධාවන තහනම් වෙයි

ටිකට් පත් ලබා නොදි මගින් ප්‍රවාහන කිරිමේ චෝදනාවන් මත හැටන් මස්කෙළිය මාර්ගයේ ධාවනයවු බස් රථයක ධාවන කටයුතු දිනකට තහනම් කිරිමට මධ්‍යම පලාත් මගි ප්‍රවාහන අධිකාරායේ නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලය මගින් පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු මගි ප්‍රවාහන අධිකාරියේ හැටන් කාර්යාලයේ වැඩ බලන ස්ථානාධිපති රජි කැළුම් මහතා පවසන ලද්දේ මස්කෙළිය හැටන් මාර්ගයේ…

Google සිය 25 වැනි උපන්දිනය සමරයි
|

Google සිය 25 වැනි උපන්දිනය සමරයි

ලොව පුරා විශාල පිරිසකගේ සෙව්ම් යන්ත්‍රය වී තිබෙන Google සිය 25 වැනි උපන්දිනය අද සමරයි. සැප්තැම්බර් 4 වන දින එම සමාගම සංස්ථාපිත කරන ලද නමුත් දශකයකට වැඩි කාලයක් තිස්සේ ඔවුන් සැප්තැම්බර් 27 වන දින සිය උපන්දිනය සමරනු ලබයි. සිය උපන්දිනය සමඟ Google සිය නාමය google 25 බවට පරිවර්තනය කර ඇත. මීට වසර 25 කට පෙර…

ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ නව පද්ධතිය ඔක්තෝබර් මස 03වැනිදා සිට
|

ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ නව පද්ධතිය ඔක්තෝබර් මස 03වැනිදා සිට

මෝටර් රථ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ නව පද්ධතිය ස්ථාපිත කිරීම දිවයිනේ පළාත් 08ක ඔක්තෝබර් මස 03වැනිදා සිට ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව වයඹ, දකුණ, උතුරු මැද, මධ්‍යම, සබරගමුව, නැගෙනහිර, උතුර සහ ඌව යන පළාත්වල පළමුව මෙම නව පද්ධතිය ක්‍රියාත්මක කෙරෙනු ඇත. බස්නාහිර පළාත තුළ දැනට ක්‍රියාත්මක වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමය (eRL 1.0) ඉදිරියටත්…

ස්පා නියාමනයට නව නීති

ස්පා නියාමනයට නව නීති

රටපුරා තිබෙන සියලුම සම්භාහන මධ්‍යස්ථාන (ස්පා) නියාමනය කර ඒවා පවත්වාගෙන යාමට නව නීති මාලාවක් හඳුන්වාදීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය කටයුතු කරමින් සිටියි. ජනාධිපති කාර්යාලයේ උපදෙස් මත රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය එම නියාමන ක්‍රියාවලිය සකස් කිරීමට දැනටමත් ආරම්භ කර තිබේ. රටපුරා තිබෙන සම්භාහන මධ්‍යස්ථාන නියාමනය කිරීම, ඒවාට වාර්ෂික බද්දක් අයකිරීම, එම මධ්‍යස්ථානවලින් ලියාපදිංචි ගාස්තුවක් අයකිරීම ආදී කරුණු සම්බන්ධයෙන්…