light

දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් – ලයිට් කැපෙන් නෑ හැබැයි රෙපයාර් නෑ

ජාතික සම්පත් විකිනීමට එරෙහි තෙල් , වරාය විදුලි ඒකාබද්ධ සන්ධානය ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා ඔවුන් අද 3 ගෙනයන විරෝධතාව ගැන පැහැදිලි කර තිබේ. ලංවිම විදුලි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් සඳහන් කළේ අද 3 තමන්ගේ පිරිස රාජකාරී සඳහා වාර්තා කරන නමුත් සියලුම සේවකයින් කාර්යාලයෙන් පිටවී උදඝෝෂන ව්‍යාපාරයක් වෙනුවෙන් කොළඹට කේන්ද්‍රගතවන බවයි. ඒ නිසා රටේ…

bus-inside

සෞඛ්‍ය උපදෙස් නොතකා බස් රථවල අධික ලෙස මගීන් ගෙන යයි

සෞඛ්‍ය උපදෙස් හා සෞඛ්‍ය නිති රිතිවලට පිටින් සමහර බස් රථවල අධික ලෙස මගීන් රැගෙන යාමත් සමග  බොහෝ ප්‍රදේශවල කොවිඩ් අවදානම නැවත හිස එසවිමේ අවදානමක් හට ගෙන ඇත. දිපවාලි උත්සවයද මේ මස 04වන දිනට යෙදි ඇති අතර එම උත්සව සමය හේතුවෙන් මෙම දිනවල හැටන් සිට බගවන්තලාව, මස්කෙළිය, තලවාකැලේ, සාංචිම‍ලේ, ෆෝඩයිස්, ඩයගම, සාමිමලේ, ඇන්පිල්ඩ්, යන ප්‍රදේශවලට ධාවනය…

yaldewi

යාල්දේවි අද සිට යළි ගමන් අරඹයි

ගල්කිස්සේ සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වන යාල්දේවී දුම්රිය අද සිට (3) ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. දුම්රිය අද අලුයම 5.55ට ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් පිටත් වීමට නියමිතය. එය නැවත හෙට (4) අලුයම 5.30ට කන්කසන්තුරේ සිට ගල්කිස්ස දක්වා නැවත ධාවනය කරවීමට නියමිතය.

bumithel

බූමිතෙල් පෝලිම්

දිවයිනේ බොහෝ ඉන්ධන පිරවුම් හල් අසල අද දින දිගු පොලිම් දක්නට ඇත. හෙට පැවැත්වීමට නියමිත විදුලි වර්ජනය හේතුවෙන් විදුලිය ඇන හිටියහොත් ඊට මුහුණ දීම සඳහා මෙම පිරිස බූමිතෙල් මිලදී ගැනීමට පැමැණ ඇත. දිවයිනේ ඇතැමි ඉන්ධන පිරවුම්හල් වල බූමිතෙල් මිලට ගැනීමට නොමැති බව ද පාරිභෝගිකයෝ පවසයි.

hospital

ජාතික රෝහලෙන් කොරෝනා පොකුරක්

ජාතික රෝහලේ විකිරණ විද්‍යා තාක්ෂණවේදින් අටදෙනෙකු ඇතුළුව විකිරණ අංශයේ දාහතරදෙනෙකුට කොවිඩ් ආසාදිත වී තිබේ. මෙම පිරිස අතර විකිරණ විද්‍යා තාක්ෂණ අංශයේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ හයදෙනෙකුද සිටියි. තවත් විකිරණ විද්‍යා තාක්ෂණවේදින් දෙදෙනෙකු නිරෝධායනයට යොමු කර ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ඊ. ධර්මකීර්ති පැවසුවේය.

corona
|

හත්දොහේ දානේ 12කට කොරෝනා බෝ කරයි

අත්තනගල්ල ගොඩගම ගම්මානයේ මියගිය අයකු වෙනුවෙන් පැවැති හත් දවසේ දානයකට සහභාගි වූ එම ගම්මානයේ නිවාස හයක දොළොස් දෙනකුට කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙක් පැවසීය. පසුගිය ඔක්තෝබර් 19 වැනි දා පස්වරුවේ හත් දවසේ දානයට සහභාගි වූ පුද්ගලයකුට වයිරසය ආසාදනය වීමෙන් අනතුරුව අත්තනගල්ල කලාපය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක සම්පත් දිසානායක මහතා මූලික…

cement
| |

සිමෙන්ති හිඟය පියවීමට නව කම්හලක්

හම්බන්තොට ඉන්ටනැෂනල් පෝර්ට් ගෘප් (පුද්.) සමාගම සහ ලංවා සංස්ථා සිමෙන්ති කෝපරේෂන් (පුද්.) සමාගම අතර විශේෂ ගිවිසුම් දෙකකට අත්සන් තැබීම පසුගියදා සිදුවිය. මෙම ගිවිසුම් යටතේ, කිලෝමීටර් 2.4ක දිගින් යුතු කන්වේයර් බෙල්ට් එකක් මගින් මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ පිහිටි ලංවා සංස්ථා සිමෙන්ති කර්මාන්තශාලාව සහ හම්බන්තොට ජාත්‍යන්තර වරාය එකිනෙක සම්බන්ධ කෙරෙයි. එමෙන්ම මෙම ගිවිසුම්වලට අනුව, ලංවා සංස්ථා සිමෙන්ති…

protest

අඛණ්ඩ ගොවි උපවාසය තාවකාලිකව නතර කරයි.

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මහා සංඝරත්නයේ ඉල්ලීම මත දින 10ක් පුරා ගෙන ගිය අඛණ්ඩ ගොවි උපවාසය අද (02) තාවකාලිකව නතර කළ බවත් තම වගා බිම්වලට අවශ්‍ය පොහොර ලබා නොදුනහොත් ඉදිරියේ දී මාරාන්තික උපවාසයකට යන බවත් ඇලහැර මොරගහගන්න කලාපයේ ගොවිසංවිධාන එකමුතුව පවසයි. පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ත්‍රෛ නිකායික මහා සංඝයා වහන්සේ එම ස්ථානයට වැඩම කරමින් අඛණ්ඩව දින 10 ක් තිස්සේ…

school1

විභාග දිනයන් ප්‍රකාශයට පත්කෙරේ

2021 වර්ෂයේ දී පැවැත්වීමට තිබු විභාගයන් පැවැත්වෙන දිනයන් ප්‍රකාශයට පත්කර තිබේ. අනුව 2021, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය – 2022 ජනවාරි 22 වැනිදා පැවැත්වෙනු ඇති. 2021 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ උසස් පෙළ විභාගය 2022 වසරේ පෙබරවාරි 7 සිට මාර්තු 5 දක්වා පැවැත්වේ. සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන්නේ, 2022 මැයි 23 සිට ජුනි 01 වැනිදා දක්වායි. නොවැම්බර් මස…

death

මරුවැල පෑගී ගොවියා මරුට .

උට්ටිමඩුව සියඹලාගස්වැව කැලෑ ප්‍රදේශයට කැති මිටක් කපා ගැනීමට බව කියමින් එහි ගිය හේන් ගොවියෙකු දඩයක්කරුවෙකු විසින් අටවා තිබූ බදින තුවක්කුවක මරුවැල පෑගිමෙන් වෙඩි ප්‍රහාරයට ලක්වි බරපතල තුවාල ලබා කැලෑව තුලදිම ජීවිතක්ෂයට පත්වි ඇති බව තිරප්පනය පොලිසිය පවසයි. වෙඩි ප්‍රහාරයට ලක්විමෙන් උට්ටිමඩුව උට්ටිමඩුව තිරප්පනය ලිපිනයේ පදිංචිව සිටි 70 හැවරදි තිදරු පියෙකුවූ මුතුබණ්ඩාගේ විජේසිංහ නැමත්තා ජීවිතක්ෂයට පත්වි…