gas

බඩු මිල වැඩිවුණේ පිටරට බලපෑම් වලින්

පසුගිය දිනවල භාණ්ඩ මිල ඉහළ යාම පිළිබඳ සැලකීමේදී ඒ බොහෝ අවස්ථාවල ඊට හේතුව වූයේ සැපයුම් ප්‍රශ්න බවත් රට තුළ මුදල් අච්චු ගැසීම ඊට හේතුවක් නොවන බවත් ශ්‍රී ලංකා මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසයි. “ඔබ ශ්‍රී ලංකා මහබැංකුවේ වෙබ් අඩවියට ගියොත් බලාගන්න පුළුවන් ඇත්ත වශයෙන්ම කොපමණ මුදල් ප්‍රමාණයක් අච්චු ගහලා තියෙනවද කියලා. මොකද අපට…

eggs

දේශීය දියර කිරි හා බිත්තර අද හෙටම ඉහළට

අද හෙටම වැඩිම වන තවත් දේවල් මෙන්න දේශීය දියර කිරි මිල ගණන් ද අද හෙටම ඉහළ යනු ඇතැයි පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමැති ඩී.බී.හේරත් පැවසුවේය. දියර කිරි මිල ඉහළ දමන ලෙස කිරි ගොවි සංගම් කීපයක් ඉල්ලීම් කර ඇතැයි ද ඇමැතිවරයා කියයි. ඒ පිළිබඳව සලකා බලන බවත් වෙ‍ළෙඳපොළේ කිරි…

lokasuri
|

ලොවක් හඬවමින් ලෝක ශූරියක් ඝාතනය කෙරේ

කෙන්යානු ජාතික දිගු දුර ධාවන ධාවන ලෝක ශූරිය Agnes Tirop ගේ සිරුර ඇයගේ නිවසේ තිබී සොයාගෙන තිබෙනවා. ඇය පිහි ඇනුමකින් ඝාතනය වී ඇති බවටයි සැකපළ කරන්නේ. ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ඇයගේ සැමියා සොයා මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

water falls
|

මධ්‍යම කඳුකරයේ දිය ඇලි සක්‍රීය වෙයි.

මධ්‍යම කදුකරයට මෙම දිනවල ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කදුකරයේ දිය ඇලි සක්‍රීය  තත්වයන්ට පත්ව ඇත. එම තත්වයන් මත ඩෙවන්, දියගල, ශා/කේලායාර් යන ප්‍රධාන දිය ඇලි ඇතුළු තවත් දිය ඇලි කිපයක් සක්‍රීය  තත්වයන්ට පත්ව හැඩවි ඇද හැලෙන අයුරු දැක ගත හැකිය . මනුර සුදත් සෙල්ලහේවා හැටන්  

online class
|

online ටියුෂන් වලට අධික මුදල් අය කිරිමෙන් දෙමාපියන් අසීරුවට.

ඔන් ලයින් ඔස්සේ අමතර පංති පවත්වනු ලබන සමහර ගුරුවරුන් මෙම දිනවලදි අධික මුදලක් අය කිරිමත් සමග තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව දෙමාපියන් පවසති. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම දෙමාපියන් පවසනුයේ පාසල් වසා දමා ඇති මෙම කාලයේ ගුරු විදුහල්පති වෘත්තිය ක්‍රියා මාර්ග හේතුවෙන් ගුරුවරුන් විසින් සිදු කරන ලද ඔන් ලයින් ඉගැන්විම් නතර…

elahera

පොහොර නැතුව වතුර එපා!

මෙවර මහ කන්නයේ වගා කිරීමට ඇළහැර ව්‍යාපාරයට පොහොර නොමැතිව මොරගහකන්ද ජලාශයෙන් ජලය නිකුත් නොකරන්නැයි ආණ්ඩුවට බල කරමින් ඇළහැර ව්‍යාපාරයේ ගොවි  එකමුතුව  ඊයේ (13) බකමුණ නගරයේ දී දැවැන්ත විරෝධතාවයක් පැවැත්වූහ. බකමූණ දඹුල්ල ප්‍රධාන  මාර්ගයේ වටරවුම අසලින් මෙම විරෝධතාවය ආරම්භ කර බකමූණ නගරය මධ්‍යයේ විරෝධතා පෙළපාලියකින් විරෝධතා පුවරු ද සහිතව මිනී පෙට්ටියක්  රැගෙන යමින් ගොවීන් මෙම විරෝධතාව…

bomb

බෙල්ලන්විල රාජ මහා විහාරස්ථාන භූමියේ අත්බෝම්බයක් .

බෙල්ලන්විල රාජ මහා විහාරස්ථානයේ බෝධි ප්‍රාකාර බැම්ම සහ විහාර මාවත අසබඩ පිහිටා ඇති වලාකුළු බැම්ම අතර විහාරස්ථාන භූමි  ප්‍රදේශයෙහි තිබී විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් (13) වන දින උදෑසන බොරලැස්ගමුව පොලීසිය සොයාගෙන ඇත. විහාරස්ථානයේ පවිත්‍රතා රාජකාරි කටයුතු සඳහා යොදවා සිටින සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් විහාර භූමියේ උදෑසන 10.00 ට පමණ පවිත්‍රතා කටයුතු වල නියැලෙමින් අතුගාමින්…

SriLankan

කිරිපිටි පෝලිං වෙනුවට කොන්සියුලර් පෝලිමක් – ස, තමයි හොදටම කොරේ – විශාල පිරිසක් රට හැර යයි

ගෑස් පෝලිං කිරිපිටි පෝලිං පෙට්රල් පෝලිම් පසුගියදා දක්නට ලැබුනත් අද වෙද්දි කොළඹ ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයට බුරුතු පිටින් තරුණ පිරිස් පැමිණෙන ආකාරය දක්නට ලැබේ. ඒ රටේ පවතින දැඩි ආර්ථික පරිහානිය නිසා ශ්‍රී ලංකා මාතෘ භූමිය හැර යෑමට තරුණ පිරිස් සුදානම් වීමත් සමගයි. අද වන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉතා අයහපත් බව ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය…

හැකරැල්ලන් නිසා පීඩාවට පත් ගමක්!

හැකරැල්ලන් නිසා පීඩාවට පත් ගමක්!

ගලෙන්බිදුණුවැව ප්‍රදේශිය ලේකම් කොට්ඨාසයේ යකල්ල උඩකල්ලාගම උල්පත් පාර යන ගම්මාන ජනතාවට මේ දිනවල හැකරලුන් විශේෂයක් ආක්‍රමනය කිරීම නිසා දැඩි අසිරුවෙන් පත්ව සිටිති. මේ වනවිට ගම්මාන පුරාවට මෙන්ම නිවාස තුළද හැකරලු විශේෂය දක්නට ලැබේ.ප්‍රදේශවාසින් පවසන්නේ රාත්‍රි කාලයට මෙන්ම දහවලටත් මෙම සතුන් පරිසරයේ බහුලව දක්නට ලැබෙන බවත් ආහාර පිසිම හා ආහාර පාන ගැනීම පව අසිරු තත්වයකට පත්වි…

police
|

පොලිස් ස්ථානාධිපති පුටුවටත් පුංචි යුද්ධයක් !

පොලිස් දෙපාර්තුමේන්තුවේ උසස්වීම් වලට අනුව  ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන් පිරිසක් සහකාර පොලිස් අධිකාරිවරුන් ලෙස පත්කිරීමත් සමග පුරප්පාඩුව ඇති අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති අසුන හිමිකර ගැනීම සදහා ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන් පස් දෙනෙකු සීතල යුද්ධයක නිරතවි සිටිනා බව අනාවරණය විය. අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිවරයා වශයෙන් දෙවතාවක් තේරීපත්වි මේ වනවිටත් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරනා ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.එම්.සංජීව මහනාම…