අදුරු වලාවන් මැද රීදී රේඛාවන් සොයා යාම

civil

ලෝක සිවිල් ව්‍යාපාරයට මෙන්ම, ලංකාවේ සිවිල් ව්‍යාපාරයට ඉතා විශාල ඉතිහාසයක් තිබේ. මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතාට අනුව 1912-1915 කාලයේ පැවති අමධ්‍යප ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ ඇරඹි පැරණිතම සිවිල් ව්‍යාපාරය ලෙස සදහන් කර තිබේ. ඉන් පසුව වෘත්තීය සමිති ව්‍යාපාරයත්, 1971 කැරැල්ලෙන් පසුව ඇති වූ සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයත්, ජාතීන් අතර යුක්තිය හා සාමය ඇති කිරීමේ ව්‍යාපාරය (MIRJE), ප්‍රජාතන්ත්‍රීය අයිතින් සුරකීමේ සංවිධානය (MDDR) ඉඩම් කෘෂි ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය (MOLNAR) අතුරුදහන්වුවන්ගේ මාපිය දූ දරු සංවිධානය (AFMAD) නිදහසේ වේදිකාව (PFF) සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරය (NMSJ) ඒසේ බිහි වූ වැදගත් සිවිල් ව්‍යාපාරයන් ලෙස සදහන් කළ හැක. සිවිල් හා…

Read More

පුරාවෘතයක් බදු වූ මංගල

Mangala-Samaraweera

මංගල මාතර දේශපාලණය ආරම්භ කරන විට දකුණේ දේශපාලණය ඉතා බැරෑරුම් තත්ත්වයක් ඉසිලීය. දකුණේ පැවති භීෂණය විසින් ඒ වන විටත් සැලකිය යුතු තරුණ ජීවිත ගණනාවක් බිලිගෙන තිබූ නිසා, තම දරුවන් සොයා හඩා වැලපෙමින් පාරවල් දිගේ ඇවිද ගිය සැලකිය යුතු මව්පියන් පිරිසක් මංගල සොයා ද පැමිණියේය. මේ අතර තුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද සැලකිය යුතු පසුබෑමකට ලක් වී තිබීමත්, සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණියගේ නායකත්වය පක්ෂය තුළම යම් අභියෝගයට ලක් වී තිබීත් හේතුවෙන්, නව නායකත්වයක් ඉල්ලා පක්ෂය තුළින්ම අරගලයක් ආරම්භ වී තිබුනි. ඒ සදහා මුල් අවස්ථාවේ විවිධ අය උත්සාහ කළත් පසුව ඒය බණ්ඩාරනායක…

Read More

අතුරුදහන්කරවීම් වාර්තා නොවු සිව් වසරක්…

සියළුම ආකාරයේ අතුරුදහන්කරවීම්වලට එරෙහි ජාත්‍යන්තර දිනය අගෝස්තු 30ට යෙදී තිබුනි. මිනිසුන් අතුරුදහන්කරවීම් සම්බන්ධව වාර්තා පිට වාර්තා තැබූ රටක් ලෙස ඉතිහාසගත වී තිබූ ශ්‍රී ලංකාවේ පසුගිය සිව් වසර තුළ කිසිදු අතුරුදහන්කරවීමක් නිල වශයෙන් වාර්තා නොවීම ‌‌ෛඑතිහාසික වැදගත්කමකින් යුතු සිද්ධියක් ලෙස සැලකිය යුතුය. නමුත් මේ කාලය තුළ පැහැර ගැනීම් කිහිපයක් වාර්තා වූ නමුත්, පසුව ඔවුන් අත්අඩංගුවට ගත් බවට ප්‍රකාශ විය. ඒමෙන්ම, සමහර ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන මේ කාලය තුළ යම් අතුරුදහන්කරවීම් සිද්ධි කිහිපයක් ශ්‍රී ලංකාව තුළින් වාර්තා වී ඇති බවට සදහන් කර තිබුනත්, එවා තහවුරු කර ගැනීමට මෙතෙක් නොහැකි වී තිබේ. කෙසේ…

Read More

රජුන් තනන්නාගේ හදිසි වියෝව

mangala

කෝවිඩ් රෝගයේ තිබෙන අති බිහිසුණු බව නැවතත් අපට පසක් කරමින් අපි කවුරුවත් බලාපොරොත්තු නොවු මොහොතක මංගල සමරවීරත් කෝවිඩ් මාරයා විසින් රැගෙන ගියේය. ඉතා ළග ඇසුරක් නොතිබුනත් මංගල මගේ දේශපාලන යහළුවෙක් ලෙස මා සැලකුවේය. විවිධ අවස්ථාවල විශේෂයෙන් ඔහු ඇමතිකම් දරන අවධිවල දී අපි අවුරුදු ගනන් මුණනොගැසී කතා නොකර සිටියත්, අපි අතර තිබූ ඒ මිත්‍රත්වයේ අඩුවක් වුයේ නම් නැත. මට මෙන්ම, බොහෝ දෙනෙකුට මංගල හොද මිතුරෙකු විය. ඔහුගේ නිහතමානීකමට, විවෘත හා කෙලින් කතාවටත්,  නිර්භීත භාවයට බොහෝ දෙනෙක් ඔහුට ඇලුම් කළාය. ඒමෙන්ම, ඔහු අතින් විවිධ අවස්ථාවලදී සිදු වූ දේශපාලන වැරදි හා අඩුපාඩුකම් සම්බන්ධව…

Read More

වසංගත දෙකකට මැදි වූ ශ්‍රී ලංකාව

corona

කොරොනා වසංගතය මේ වන විට ශ්‍රී ලංකාව තුළ ඉතා සීග්‍රයෙන් පැතිරෙමින් තිබේ. රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය, විෂේශඥ වෛද්‍යවරුන්ගේ සංගමය, ඇතුළු වෛද්‍ය සංගම් ද, හෙද නිළධාරීන්ගේ සංගම් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරැන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය අංශයේ විවිධ වෘත්තිකයින්ගේ සංගම් ඒක හඩින් පවසන්නේ මේ තත්ත්වය තව දුරටත් පැවතුනහොත් ඉදිරි දින කිහිපය තුළ දී ශ්‍රී ලංකාව විශාලා මහනුවරක් විය හැකි බවයි. ඒ නිසා මේ සියළු දෙනා ඒකහඩින් පවසන්නේ මෙම තත්ත්වය යම් දුරකට හෝ පාලනය කිරීම සදහා රට වසා දැමීම හෝ දැඩි සංචරණ සීමා දැමීම වහාම කළ යුතු බවයි. පසුගිය සති දෙක තුන තුළ දී…

Read More

අපිට හරියන රාජ්‍ය ක්‍රමය අභියස

gov

අපි ලෝක වාර්තාවක් තැබීමට ආසන්නම ස්ථානයකට පැමිණෙමින් සිටිමු. ඒ මේ දිනවල ජපානයේ පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියෙන් නම් නොවේ. මේ වාර්තාව පිහිටුවන්නට යන්නේ කොවිඩ් වැක්සින් කරණයෙනි. මේ දිනවල පැය 24 පුරාම ක්‍රියාත්මක මධ්‍යස්ථාන මගින් දිනකට ලක්ෂය ඉක්මවා යන පිරිසකට කොවිඩ් මර්දන එන්නත ලබා දෙන බව වාර්තා වේ. දුම් මුට්ටි, පැන් කළගෙඩි හා විවිධ පැණි බීමට පුරුදු වී සිටිම නිසා කෝවිඩ් මර්දන එන්නතක් ගැන අපි එ තරම් විශ්වාස නොකළෙමු. ඒ නිසාම අපි එය නිසිකලට ගෙන්වා ගැනීමට ද කටයුතු නොකළෙමු. නමුත්, බෙල්ලට තොන්ඩුව වැටීමට ආසන්නව සිටි අවස්ථාවේ අප එන්නත්කරණය වෙත තල්ලු වූ අතර, එසේ…

Read More

ළමා අපයෝජන හා අපරාධ වැලැක්වීමට සමත් යාන්ත්‍රණයක් අපට තිබේද?

mechanism is needed to prevent child abuse and crime

හිටපු ඇමති රිෂාඩ් බදුර්දීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා තිබූ දැරිවියගේ මිය යාම සම්බන්ධව විශාල කතාබහක් මේ වන විට නිර්මාණය වී තිබේ. ඒ සම්බන්ධව සිදු කෙරෙන පරීක්ෂණ සම්බන්ධව විවිධ තොරතුරු දිනෙන් දින මාධ්‍ය මගින් වාර්තා කරන අතර, ඊයේ ඒ සම්බන්ධව මාධ්‍ය වාර්තා කර තිබුනේ මේ අකාරයේ තවත් දැරිවියන් දෙදෙනෙකු මීට පෙර රිෂාඩ් ඇමතිවරයාගේ නිවසේ සිටිය දී මියගොස් ඇති බවයි. පසුගියා දා මිය ගිය දැරිවියගේ මව මේ සම්බන්ධව පැමිණිලි කිරීමට මානව හිමිකම් කොමිසම වෙත පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් කියා සිටියේ දැනට කෙරී ඇති පරීක්ෂණ පිළිබදව ඇයට සෑහීමකට පත්විය නොහැකි බවයි.…

Read More

ත්‍රීවිලර් වෙනුවට ඩිෆෙන්ඩර් සංස්කෘතියක් පොලීසිට අවශ්‍යයි

police

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා විශිෂ්ඨ නඩු තීන්දු දෙකක් ලබා දෙන ලදී. ඒ බදුල්ල කන්දෙකැටිය ප්‍රදේශයේ පදිංචි සිටි සදුන් මාලිංග නම් 17 හැවිරිදි තරණයා පොලිස් අත්අඩංගුවේ දී ඝාතණය වීම හා පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි චදික් ෂර්මන් නම් 42 දෙහැවිරිදි දෙදරු පියා පොලිස් අත්අඩංගුවේ දී ඝාතණය වීම සම්බන්ධව ය. සදුන් මාලිංග වෙනුවෙන් 2014දී මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කරනු ලැබූ අතර, එම නඩු තීන්දුව ඊට වසර 7කට පසුව ඒනම්,  2021 මැයි 21 වන දින ලබා දෙන ලදී. ඒම නඩු තීන්දුව මගින් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11, 12(1) සහ 13(1) ව්‍යවස්ථා උල්ලංඝනය වීමෙන් පැමිණිලිකරැගේ…

Read More

රට ගොඩ ගන්න  නම්, උගසට තබමු කැටේ…

oil

අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගෙන් ඉන්දන මිල වැඩිකිරීම සම්බන්ධව මධ්‍යවේදියෙකු ඇසු ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් “ඇත්ත කතන්දරේ, ගබඩා කරලා තියා ගන්න නෙමෙයි, අදට ඕනේ තෙල් ටික ගන්නවත් අපිට සල්ලි නැහැ, අද ගන්න තෙල්වලට අපි සල්ලි ගෙවන්නේ එක්කෝ මාස 6කින් නැත්නම් මාස 9කින්. නමුත් ඒ ගේන තෙල් ටික විකිණෙනවා දවස් 3කින් විතර” යනුවෙන් ප්‍රකාශ කළාය. වත්මන් ආණ්ඩුවේ ප්‍රබලයෙක් පවතින සැබෑ තත්ත්වය සම්බන්ධව කළ පළමු ප්‍රකාශය මෙය විය හැක. මින් පෙර සිදු කළ සෑම ප්‍රකාශයකින්ම කිය වුනේ කිසිදු අර්බුදයක් වත්මන් ආණ්ඩුව තුළ නොමැති බවත්, ඔවුන් ඉතාමත් හොදට රට පාලනය කරමින් සිටින බවත්ය. හදිසියේ මෙපමණ…

Read More

පොලිස් රාජකාරි හා මාධ්‍ය සංදර්ශණ

රාජකාරිය දේවකාරියටත් වඩා උතුම් යැයි කියමනක් අපේ තිබේ. ඉන් අදහස් වන්නේ තමුන් වෙත පැවරී ඇති යම් කිසි රාජකාරීමය වගකීම අන් සියලු වගකීම් වලට වඩා ඉහලින් ඇති බවත්, කුමණ ගැටලු මධ්‍යයේ හෝ ඒය අකුරට ඉටු කිරීමට තමන් බැදී සිටිය යුතු බවත්ය. අතීතයේ ඒක්තරා යුගයක ලංකාවේ ද රාජකාරිය දේවකාරිය හා සමානව සලකූ කාලයක් තිබූ බව පැවසේ. නමුත් අද දවස වන විට ඒම තත්ත්වය වේගයෙන් වෙනස් වෙමින් පතින අතර, රජකාරිය යනු කිසිම වගකීමක් නොමැති, රාජකාරි අවශ්‍යතා ලබා ගැනීම වෙනුවෙන් පැමිණෙන අයව බයිට් ඒකට ගැනීම හෝ ඔවුන්ගේ සාක්කු සුද්දකර ගැනීමට මුල් තැන ලබා දෙන,…

Read More