මධ්‍යම කදුකරයේ ඝන මීදුම් තත්වයක්
|

මධ්‍යම කදුකරයේ ඝන මීදුම් තත්වයක්

මධ්‍යම කදුකරයේ හැටන් ආශ්‍රිත ප්‍රදේශයන් තුල මෙම දිනවල රාත්‍රි හා උදැසන කාලයන් තුලදි පවතින ඝන මීදුම් තත්වයන් මත විවිධ රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක් හට ගෙන ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ හැටන් ආශ්‍රිත ප්‍රදේශයන්වල මෙම දිනවල රාත්‍රි කාලයේ හා උදැසන කාලයන් තුලදි විටින් විට ඝන…

රෝගින් අසරණ වෙති – පොන්නගර් මාර්ගය දැඩි ලෙස අබලන් තත්වයට
|

රෝගින් අසරණ වෙති – පොන්නගර් මාර්ගය දැඩි ලෙස අබලන් තත්වයට

හැටන් පොන්නගර් මාර්ගය දැඩි ලෙස අබලන් තත්වයට පත් විමත් සමග එම ප්‍රදේශයේ ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම ප්‍රදේශයේ ජනතාව පවමසනුයේ දැනට වසර කිපයක සිටම මෙම මාර්ගය දැඩි ලෙස අබලන් තත්වයේ පවතින බවත් මෙම තත්වයන් මත තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. මෙම මාර්ගය මෙසේ අබලන් තත්වයන්ට පත් විමෙන් හදිසි…

ඩයනා ට මන්ත්‍රී ධුරය අහිමිවෙයි
|

ඩයනා ට මන්ත්‍රී ධුරය අහිමිවෙයි

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) තීන්දු කළේය. සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි. ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට  නීත්‍යානුකූල සුදුසුකම් නොමැති බවට…

නව බාස්මතී ප්‍රභේද දෙකක් හඳුන්වා දෙයි
|

නව බාස්මතී ප්‍රභේද දෙකක් හඳුන්වා දෙයි

බාස්මතී සහල් සඳහා වන ආදේශක වී ප්‍රභේද දෙකක් හඳුන්වා දීමට  කළ පර්යේෂණ සාර්ථක වූ බව බතලගොඩ වී පර්යේෂණායතනය පවසයි. තවත් මාස කිහිපයක් ඇතුලත  බෝග නිදහස් කිරීමේ කමිටු නිර්දේශ යටතේ මෙම බාස්මතී ආදේශක වී ප්‍රභේද දෙක මෙරට වගාව සඳහා නිදහස් කිරීමට හැකි බව වී පර්යේෂණායතනය කියයි. මෙරට සමස්ත සහල් අවශ්‍යතාවය මෙරටම නිෂ්පාදනය කෙරෙන නමුත්  සංචාරක කර්මාන්තය…

සූරියපුර කුණු කන වන අලි
|

සූරියපුර කුණු කන වන අලි

කන්තලේ ප්‍රාදේශීය සභාවට අයත් සූරියපුර නවය කණුව කසළ අංගණයට යාබදව කලකට පෙර කසළ දැමූ කුණු වළේ කසළ කෑමට එන වන අලි අතර මේ දිනවල ඇතෙක් ද දක්නට ලැබෙන බව ප්‍රදේශවාසීහු පවසති. සෝමාවතී රක්ෂිතයේ සිට කන්තලේ – සේරුනුවර මාර්ගය හරහා පැමිණෙන මෙම ඇතාව ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු දැක ඇති අතර, මීට පෙර මෙවැනි ඇතකු දක්නට නොලැබුණු බව…

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප වැඩිකිරීම අසාර්ථක විමේ අවදානමක්
|

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප වැඩිකිරීම අසාර්ථක විමේ අවදානමක්

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩි කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කම්කරු දිනයේදි කරන ලද පොරෝන්දුව මේ වන විට අසාර්ථක විමේ අවදානමක් පවතින බව සමස්ථ ලංකා ප්‍රගතිශීලි සේවක පෙරමුණේ නායක ආචාර්ය ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. හැටන්හි පිහිටි ඔහුගේ කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා එහිදි මේ පිලිබදව වැඩි…

ජනතාවට විවිධ ප්‍රතිපාදන මේ දිනවල ලබා දෙනවා නම් ජනතාවගේ බදු මුදලින් රජයේ මුදලින් කෙරෙන පරිත්‍යාගයක් යනුවෙන් බැනරයක් ප්‍රදර්ශනය කළ යුතුයි
|

ජනතාවට විවිධ ප්‍රතිපාදන මේ දිනවල ලබා දෙනවා නම් ජනතාවගේ බදු මුදලින් රජයේ මුදලින් කෙරෙන පරිත්‍යාගයක් යනුවෙන් බැනරයක් ප්‍රදර්ශනය කළ යුතුයි

ආණ්ඩුව විසින් ජනතාවට විවිධ ප්‍රතිපාදන මේ දිනවල ලබා දෙන බවත් මැතිවරණ කොමිසම මැතිවරණයක් ප්‍රකාශ කර තිබියදී එසේ කරන්නේ නම් බැනරයක් ප්‍රදර්ශනය කළයුතු බව 06 වැනි දින අම්බලන්ගොඩ දී පැවති මාධ්‍ය හමුවකදී හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. ආණ්ඩුව විසින් විවිධ සුභසාධන කටයුතු සිදු කරන බවත් දැනටමත් මැතිවරණ කොමිසම මඟින් පළාත් පාලන මැතිවරණය කැඳවා තිබියදී…

අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය
|

අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගිය 03 වැනිදා සිය සහතිකය සටහන් කළ බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා අද (07) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය. මෙම පනත් කොටුම්පත 2024 අප්‍රේල් 24 වැනිදා පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන සම්මත විය. ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත 2024 අංක 25…

ගොවියාට එල්ල වූ අව්රශ්මිය
|

ගොවියාට එල්ල වූ අව්රශ්මිය

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට මේ දිනවල පතිතවන දැඩි අව්රශ්මිය කෙළින්ම ගොවියාගේ ගොවිතැන් කටයුතු වලටද එල්ලවී ඇතිබව ගොවි සංවිධාන සභාපතිවරුන් මෙන්ම ක්ෂේත්‍රයේ නිරත රාජ්‍ය නිළධාරීහුද ප්‍රකාශ කරති.කිසි කාලයක නොවූ ලෙස දහවල් කාලයේ පවතින උෂ්ණත්වය හමුවේ සේරුවිල හා කන්තලේ ප්‍රදේශවල කුඹුරුවැඩ කරමින් සිටින අතර තුර ක්ලාන්තවීම්, හෘදයාබාධ වැනි අසනීප තත්වයන් නිසා ගොවි මහතුන් කීප දෙනෙක්ම ප්‍රතිකාරලබා දීමට රෝහල් ගත…

රණවිරු සැමරුම් කොඩිය ජනපතිට
|

රණවිරු සැමරුම් කොඩිය ජනපතිට

රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කරමින් ප්‍රථම රණවිරු කොඩිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැළඳවීම ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නිශාන්ත මානගේ මහතා විසින් රණවිරු කොඩිය ජනාධිපතිවරයා වෙත පළඳවනු ලැබීය. දශක තුනක පමණ කාලයක් පැවති යුද්ධයේදී රටේ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් අනුස්මරණය කිරීම වෙනුවෙන් සෑම වසරකම මැයි…