gas

ගෑස් නිකුත් කිරීමත් නවතයි

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් දැනුම්දීමක් ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් කිරීම අද (16) සිට නතර කිරීමට සිදුවන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. ලිට්‍රෝ ගෑස් සමාගමේ කෙරවලපිටියේ අංගණයේ තිබූ ගෑස් තොග ඊයේ (15) පස්වරුව වන විට අවසන් වී ඇත. මේ වන විට ජාත්‍යන්තර මුහුදු සීමාවේ ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් රැගෙන ආ නෞකාවක් නතර කර තිබෙනවා. ගෑස් නැව…

oil

ඛනිජ තෙල් ප්‍රවාහනය නවතී

ඊයේ(15) මධ්‍යම රාත්‍රියේ සිට ඛනිජ තෙල් ප්‍රවාහන කටයුතු වලින් ඉවත් වන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසයි. මෙරට ඛනිජ තෙල් ප්‍රවාහනයේ 80% ක පමණ භාරයක් දරනු ලබන්නේ පෞද්ගලික ටැංකි රථ හිමියන් විසින්. කෙසේ වෙතත් එම ඉල්ලීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අනුකූලතාවක් දක්වා නැහැ. ලංකා ඛනිජ තෙල් සංස්ථාව යටතේ ඇති ඇතැම්…

benthara

බෙන්තොට නගර අලංකරණයට කෝටි 1 ක් වියදම් කරයි

නගර අලංකරණ ව්‍යාපෘතිය යටතේ දකුණු පළාතට පිවිසෙන බෙන්තර ගඟ අසබඩ පාලම් ද්විත්වයට මැදිව ඇති කුඩා බිම් කඩෙහි නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ඉදි කොට ඇති නිර්මාණය ප්‍රමිතියකට නිම කොට නැතැයි බෙන්තොට ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමට එදින සහභාගි වූ සියලුම දෙනා ඒකමතිකව විරෝධය පෑම නිසා ඊයේ(15) දිනට යොදා ගෙන තිබූ විවෘත කිරීමේ කටයුතු කල් දැමීමට සිදු වී…

Elon-Musk-to-Putin

ඇමෙරිකන් බිලියනපති ව්‍යාපාරික ඉලොන් මස්ක් පුටින්ට අභියෝග කරයි

යුක්රේනයේ නිදහස වෙනුවෙන්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ ද්වන්ධ සටනකට තමන් සූදානම් යැයි ඇමෙරිකන් බිලියනපති ව්‍යාපාරික ඉලොන් මස්ක් පවසයි. ඇමෙරිකන් බිලියනපතියා මෙසේ පවසා ඇත්තේ සටනට එන්නැයි රුසියන් ජනාධිපති පුටින්ට ප්‍රසිද්ධියේ අභියෝග කරමිණි. උපතින් දකුණු අප්‍රිකානුවකු වන 50 හැවිරිදි මස්ක් ඇමෙරිකන් පුරවැසියකු වන අතර ඔහු අද ලොව ධනවත්ම පුද්ගලයා ද වෙයි. ‘යුක්රේන යුද්ධය ඉක්මනින් අවසන් කිරීමට,…

slcric
|

ටෙස්ට් තරග දෙකම දින තුනෙන් අවසන් කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ටෙස්ට් තරග 2 කින් යුත් තරඟාවලිය අවසන් වූනේ ඉන්දියාවට එම තරග 2 ම ජය ගනිමින්. එම ටෙස්ට් තරගාවලියේ දක්නට ලැබුණු සුවිශේෂී කරුණක් ලෙස දින පහක් පැවැත්වෙන ඒ ටෙස්ට් තරග දෙකේදිම දින තුනක් ඇතුළත ශ්‍රී ලංකා කණ්ඩායම විසින් අවසන් වීමයි. ශ්‍රී ලංකාව සතු අති දක්ෂම පිතිකරුවන් ක්‍රීඩා කරන කණ්ඩායමේ අවසන් ටෙස්ට්…

bus
|

බස් ගාස්තු සියයට 15 කින් ඉහළට

අද සිට ලංගම සහ පෞද්ගලික බස් ගාස්තු ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවීමත් සමගම ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) නව බස් ගාස්තු ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව අවම ගාස්තුව රු. 20ක් ලෙස දැක්වෙයි. සෙසු ගාස්තු වැඩි වන්නේ සියයට 15 කින්. ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේ මෙතෙක් උපරිම බස් ගාස්තුව වූ රුපියල් 1,303, රුපියල් 1,498…

basil-rajapaksha

අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ ලබා ගැනීමට බැසිල් නවදිල්ලියට

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (15) පස්වරුවේ ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව යෑමට නියමිතව ඇත. ශ‍්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ ඉන්දියාවෙන් ලබා ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියනයක මූල්‍ය පහසුකමක් ලබා දීමට ඉන්දියානු රජය එකඟතාව පළකර තිබේ.

strick

ජනතාව දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන අද කොළඹට

ජනතාවට සහන ඉල්ලා සමගි ජනබලවේගය කොළඹට අද පැමිණෙනවා. ඒ, කොල්ලුපිටිය ප්‍රදේශයේදී පැවැත්වෙන විරෝධතා ව්‍යාපාරයක්ද සංවිධානය කරමින්. සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ ජනතාව පත්ව ඇති දුෂ්කර තත්ත්වය ආණඩුවට පෙන්වා දීමට මෙම විරෝධතාවය සංවිධානය කරන බවයි. මෙම විරෝධතාව සඳහා එක්වන ලෙස දේශපාලන පක්ෂවලට හා සිවිල් සංවිධානවලට ද ආරාධනා කර ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන්…

thapa

කැළණිතිස්සට තාප බලාගාරයක්

කැළණිතිස්ස බලාගාර පරිශ්‍රයේ තවත් මෙගාවොට් 105ක තාප බලාගාරයක් ඉදිකිරීමට කඩිනමින් පියවර ගන්නා බව විදුලිබල ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. දෛනික විදුලි ඉල්ලුම හමුවේ රට මේ වනවිට මුහුණ දී තිබෙන අභියෝගාත්මක වාතාවරණය ලිහිල් කිරීම වෙනුවෙන් කොළඹ අවට ස්ථාපිත කොට ඇති විදුලිබලාගාරයන්හි වර්තමාන තත්ත්වය නිරීක්ෂණය කිරීම සදහා විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන්  පැවති විශේෂ නිරීක්ෂණ චාරිකාවකදී…

law
|

පාපැදියෙන් අධිකරණයට ආ නීතිඥයා

ජනතාවට තවදුරටත් ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම්වල රැඳී සිටීමට සිදුව ඇති මොහොතක ඇඹිලිපිටිය, අධිකරණ සංකීර්ණය භූමියෙන්  අපූරු පුවතක් වාර්තා විය. නීතිඥ විජිත පුංචිහේවා මහතා සිය රාජකාරි කටයුතු සඳහා පාපැදියෙන් පැමිණීම බොහෝදෙනෙකුගේ කතා බහට ලක්වුණි.