බලශක්ති අර්බුදය කළමනාකරණය ගැනීමට යෝජනාවලියක්
|

බලශක්ති අර්බුදය කළමනාකරණය ගැනීමට යෝජනාවලියක්

පවතින ලෝක බලශක්ති අර්බුදය කළමනාකරණය ගැනීම සඳහා තාවකාලික විසඳුම් අඩංගු යෝජනාවලියක් ජාත්‍යන්තර බලශක්තිය ආයතන විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එම යෝජනාවලිය මෙසේය. අධිවේගී මාර්ගවල වේග සීමා අවම වශයෙන් පැයට කිලෝමීටර 10 කින් අඩු කරන්න. හැකි සෑම විටම සතියේ දින තුනක් දක්වා නිවසේ සිට වැඩ කරන්න. ඉරිදා දිනය නගර වාහනවලින් තොර කරන්න. පොදු ප්‍රවාහනය භාවිතා කිරීම…

srilanka

රටවල් රැසකින් ශ්‍රී ලංකාවෙන් සහාය ඉල්ලයි

යුක්‍රේනය වෙනුවෙන් හඩ නැගීමට සහාය වන ලෙස බටහිර රටවල් 14ක් මෙරට රජයෙන් ඉල්ලීමක් කර තිබේ. ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් එම රටවල රාජ්‍ය තාන්ත්‍රිකයින් මේ බව අවධාරණය කර ඇති බව සඳහන්ය. එබැවින් යුක්‍රේනය සහ ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාව සඳහා සහාය වන්නැයි රටවල් රැසක තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

දින තුනකට පසුව ඩීසල් ලැබෙයි

දින තුනකට පසුව ඩීසල් ලැබෙයි

හැටන් ඉන්දන හලකට දින තුනකට පසුව ඩීසල් ලැබිමත් සමග ඩිසල් ලබා ගැනිම සදහා රථ වාහන විශාල ප්‍රමාණයක් පොලිමේ රැදි සිටින අයුරු දක්නට හැක. හැටන් නගරයේ පවතින මෙම ඉන්දන හලට ලැබුන ඩීසල් ලබා ගැනිම සදහා රථ වාහන හා බූලී රැගත් පිරිස් පොලිමේ රැදි සිටින අයුරු මෙම ඡායාරුපවලින් දැක්වේ. ඩිසල් හිගය හේතුවෙන් හැටන් සිට ධාවනය වන පුද්ගලික…

Water_Cut

වියළි කාලගුණය නිසා ජලය බේදාහරින්නේ දින දෙකයි

මධ්‍යම කදුකරය තුල පවතින වියළි කාලගුණික තත්වයන් හේතුවෙන් ජල මණ්ඩලය මගින් බේදාහරින ජලය දින දෙකකට වරක් ලබා දිමට ජල මණ්ඩලයේ හැටන් පාරිභෝගි මධ්‍යස්ථානය විසින් පියවර ගෙන ඇත. මෙම තත්වයන් පිලිබදව ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරිම සදහා හැටන් ජල පාරිභෝගික මධ්‍යස්ථානය ශබ්ද විකාශන යනුත්‍ර මගින් ප්‍රචාරටන් සිදු කරන අතර එම ප්‍රචාරයන් මගින් ඔවුන් පවසනුයේ හැටන් දික්ඔය ප්‍රදේශයන්ට…

china-omicron
|

නව ඔමික්‍රොන් ප්‍රභේදයක් නිසා චීනයේ ප්‍රාන්ත 13ක් යළි ලොක්ඩවුන්

බී.ඒ2 වර්ගයේ ඔමික්‍රෝන් වයිරසයේ අනු ප්‍රභේදයක් හඳුනා ගැනීමත් සමඟ මිලියන 50ක ජනතාවක් සිටින ප්‍රාන්ත 13ක් යළි වසා දැමීමට චීන බලධාරීන් කටයුතු කර තිබේ. නව කොරෝනා වයිරසය ශීඝ්‍රයෙන් පැතිර යෑමේ අවදානමක් පවතින බව විශේෂඥයන් අනතුරු අගවා තිබේ. වයිරසය පැතිරීම වේගවත් විය හැකි බවත් ඔවුහු කියා සිටිති.

viduli-bila

විදුලි බිලත් ඉහළට

විදුලි බිල වැඩි කරමින් රුපියල් කෝටි දහහතර දාහක අමතර ආදායමක් ලබාගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර ඇත. ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කළ විදුලි බිල වැඩි කිරීමේ යෝජනාවලිය ලැබුණු බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක කියා සිටියේය. එම යෝජනාවලිය අධ්‍යයනය කර සංශෝධන සහිතව අනුමැතිය ලබාදෙන බව සභාපතිවරයා කීවේය.

milk

කිරිපිටි මිල යළි ඉහළට

ආනයනික කිරිපිටි කිලෝවක් රුපියල් 1345 සිට 1945 දක්වා වැඩි කිරීමටත්, ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 540 සිට 800 දක්වා වැඩි කිරීමට ආනයනකරුවෝ තීරණය කරයි. කිරිපිටි ආනයනයකරුවන් පැවසුවේ ලෝක වෙළෙදපොළේ කිරිපිටි කිලෝවක මිල ඩොලර් 2.80 සිට ඩොලර් 5.30 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

රුසියාවට එරෙහිව නියෝගයක්
|

රුසියාවට එරෙහිව නියෝගයක්

රුසියාව යුක්රේනයට එරෙහිව ආරම්භ කර ඇති යුද ක‍්‍රියාමාර්ගය වහාම නතර කළ යුතු බව ජාත්‍යන්තර අධිකරණය නියෝග කළේය. රුසියාව යුක්රේනයේ ඩොන්බාස් පළාත තුළ ජන සංහාරයක් සිදු වූ වා යැයි කියමින් ආරම්භ කළ යුද මෙහෙයුමට විරුද්ධව යුක්රේනය විසින් එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අධිකරණයේ ගොනු කර තිබූ නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් ජාත්‍යන්තර අධිකරණය මෙසේ රුසියාවට නියෝග කළේය.

tax
|

කිරි ආහාර වලට රුපියල් 1,000 ක් දක්වා බදු

කිරි ආශ්‍රිත නිෂ්පාදන සහ පළතුරු ඇතුළු ආහාර 9ක බදු තව දුරටත් ඉහළ නැංවීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඒ, ආනයන සීමා කිරීම සඳහා රජය පැනවූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ධ යටතේයි. ඒ අනුව යෝගට්, වෙඩරු ඇතුළු කිරි ආහාර 5ක, කිලෝවක් සඳහා බද්ද රුපියල් 1,000 ක් දක්වා ඉහළ නංවා ඇත.  

weather

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරු 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීද වැසි ඇතිවන බවය. මේ අතර සබරගමුව, මධ්‍යම, දකුණු, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තරමක තද…