gas

දින 12ක් මුහුදේ තිබූ ගෑස් නැවක් ගොඩබායි

කොළඹ වරාය ආසන්න මුහුදේ පුරා දින 12 ක් නවතා තිබෙන ගෑස් නෞකා දෙකෙන් පළමු නෞකාවේ ගෑස් ගොඩබෑම මේ වනවිට ආරම්භ කර තිබෙනවා. ඒ, අදාල සැපයුම් සමාගමට මුදල් ගෙවීමෙන් පසුවයි. නෞකා දෙකෙන් මෙරටට පළමුවෙන් ළගා වූ නෞකාවේ ඇති ගෑස් මෙට්ට්‍රික් ටොන් 3,500 ක ප්‍රමාණය පළමුව ගොඩබෑම සිදුවනවා. ඒ අනුව ගෑස් බෙදා හැරීමේ කටයුතු අද සිට යළි…

aresst

කැස්බෑව ඉන්ධන පිරවුම්හලේ බහින්බස්වූ තිදෙනකු අත්අඩංගුවට

කැස්බෑව බණ්ඩාරගම පාරේ ඉන්ධන පිරවුම්හලේ හිමිකරුවන් සහ පාරිභෝගිකයන් අතර ඇතිවූ බහින්බස් දුරදිග යාමෙන් පසු පුද්ගලයින් තිදෙනකු අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලීසිය කියයි. ඉන්ධන හලේ පොම්පකරුවන්ට හිමිකරුවන්ට සහ ගැටුමට සම්බන්ධ පිරිස තුවාල සිදු වුවත් කිසිදු අයෙක් එම අවස්ථාවේ ඉදිරිපත් වූයේ නැති බවද පොලීසිය සඳහන් කළේය. ඩීසල් ඉවර වී ඇති බවට ඉන්ධනහල් හිමිකරු සිටි පිරිසට දැනුම් දීමත්…

loans

ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක ණයක්

ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක ණය පහසුකම ලබා ගැනීම සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුමට අත්සන් තබා ඇති බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි. කෙටිකාලීන සහනදායි ණය මුදලක් වශයෙන් ඉන්දීය රාජ්‍ය බැංකුව මඟින් මේ ණය ප්‍රදානය කරන අතර, මෙරටට අවශ්‍ය තිරිඟු පිටි, සීනි, සහල් සහ අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම වෙනුවෙන් එම මුදල් වැය…

breaking news sri lanka tamil

ජනතාව පෝලිම්වල දුක් විදිද්දී රජය ලාභ උපයනවා

මහජනතාව පෝලිම් වල දුක් විදිද්දී පෙට්‍රල්, ඩීසල් වලින් රුපියල් 120 ට අධික ප්‍රමාණයක මුදල් බදු වලටත් අමතරව ලාභ හැටියට රජය උපයා ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කීවේය. වෙළෙඳපොලේ තෙල් මිල සීඝ්‍රයෙන් පහළ බසිමින් තිබෙන බවත් බොරතෙල් මිල ඩොලර් 98 දක්වා පහත බැස ඇතැයිද රණවක මහතා කීවේය. ආණ්ඩුවේ වැරදි මූල්‍ය කළමනාකරණය නිසා අද…

apanasala

අද සිට ආපනශාලාත් වැසෙයි

රට තුළ පවතින උග්‍ර ගෑස් හිගය හේතුවෙන් ආපනශාලා වල ආහාර සැපයුම අද (17) දිනයේ සිට සම්පූර්ණයෙන්ම නතර කිරීමට සිදුවනු ඇතැයි සමස්ත ලංකා ආපන ශාල හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති අසේල සම්පත් පැවසුවේ ගෑස් බෙදාහැරීම සම්පූර්ණයෙන් නතර කිරීමට ගෑස් සමාගම් ගත් තීරණයත් සමඟ ආපනශාලා මෙම අසීරු තත්ත්වයට මුහුණ දී සිටින බවයි. ආපන ශාලා වසා දැමීමෙන් ලක්ෂ…

ගොඩට එන්න ජාතියක් වශයෙන් එක් වෙමු
|

ගොඩට එන්න ජාතියක් වශයෙන් එක් වෙමු

විසඳුම් ක්‍රියාත්මක කිරීමේදී යම් කාලයක් අපට දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වන බව වටහා ගෙන අධෛර්යවත් නොවී මේ අර්බුදකාරි තත්ත්වයෙන් ගොඩ ඒමට ජාතියක් වශයෙන් සියලු දෙනා එක් වන්නැයි ඉල්ලා සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් ඊයේ (16) ප්‍රකාශ කළේය. ජාතිය අමතමින් ජනපතිවරයා මෙසේ ද කීය. ඔබගේ එදිනෙදා ජීවිතයට අත්‍යාවශ්‍ය භාණ්ඩවල හිඟයක් සහ මිල වැඩිවීම්…

putinoil
|

පුටින් ලංකාවටත් ජැක් එකක් ගසයි

ශී‍්‍ර ලංකාවට  ඉතා අඩු මිලකට බොරතෙල් ලබාදීමට පුටින්ගේ රජය තීරණය කර ඇත. රුසියාවට බටහිර රටවල් පනවා ඇති සම්බාධක ශී‍්‍ර ලංකාවට බලපාන්නේ නැති නිසා රුසියාවෙන් තෙල් ලබා ගැනීමට ශී‍්‍ර ලංකාවට හැකිවේ. රුසියාවෙන් අඩු මිලට තෙල් සැපයීමෙන් මෙරට තෙල් මිල ද අඩුකිරීමට රජයට හැකිවනු ඇත.

සෙලෙන්ස්කිගේ සහයට රටවල් කිහිපයක අගමැතිවරු කිව් අගනුවරට
|

සෙලෙන්ස්කිගේ සහයට රටවල් කිහිපයක අගමැතිවරු කිව් අගනුවරට

පෝලන්තය,චෙක් ජනරජය සහ ස්ලොවේකියා රාජ්‍යයන් හි අග‍්‍රාමාත්‍යවරු යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි හමුවීම සඳහා කිව් අගනුවර වෙත පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වෙයි. යුරෝපා සංගමයේ රටවල් යුක්රේනයට දක්වන සහයෝගය පෙන්වීම සඳහා අග‍්‍රාමාත්‍යවරු තිදෙනා  කිව් අගනුවර වෙත පැමිණ ජනාධිපති සෙලෙන්ස්කි හමුවීමට සුදානම්ව සිටී. යුරෝපා කවුන්සිලය නියෝජනය කරමින් අග‍්‍රාමාත්‍යවරු තිදෙනා කිව් අගනුවර වෙත පැමිණෙන බව විදෙස් මාධ්‍ය වාර්තා…

arrack1

මත්පැන් මිල ඉහළට

මත්පැන් නිෂ්පාදන සමාගම් විසින් මත්පැන් මිල ඉහළ දමා තිබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා ප්‍රකාශ කරයි. මත්පැන් නිෂ්පාදන සමාගම් මත්පැන් සහ බියර් වර්ග සියයට 15 සිට සියයට 40 දක්වා පරාසයකින් ඉහළ දමා තිබේ. මෙලෙස මිල ඉහළ දැමූ ලේඛණය පහතින් බලන්න.

elawalu

ලොරි රථ නොමැතිව එළවළු ‌ගොවීන් අමාරුවේ වැටෙයි

ආර්ථික මධ්‍යස්ථානවලට දෛනිකව පිට පළාත්වලින් පැමිණෙන ලොරි සංඛ්‍යාව විශාල ලෙස අඩුවීම හේතුවෙන් සිය එළවළු තොග විකුණාගත නොහැකිව ගොවීහු දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති. ඉන්ධන සපයා ගැනීමේ අපහසුතාව නිසා පිට පළාත් වලින් ලොරි ආර්ථික මධ්‍යස්ථාන වලට නොපැමිණෙන බව එම මධ්‍යස්ථානවල නිලධාරීහු පවසති.