tamildhool vijay tv
|

මත්පැන් නිෂ්පාදනය ගැන නිවේදනයක්

ඉන්ධන හිඟය සහ විදුලිය කප්පාදුව හේතුවෙන් එතනෝල් නිෂ්පාදනයට බාධා පැමිණීම නිසා මත්පැන් නිෂ්පාදනයට ප්‍රමාණවත් එතනෝල් නොලැබෙන බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ. සෙවණගල, පැල්වත්ත සහ ගල්ඔය සීනි කර්මාන්ත ශාලා එතනෝල් දේශීයව නිෂ්පාදනය කරන්නේ උක්ගස් භාවිත කරමිනි. තවත් සමාගමක් බඩ ඉරිඟු භාවිත කරමින් එතනෝල් නිෂ්පාදනය කරයි. කෙසේ වෙතත් ආණ්ඩුව 2020 ජනවාරි මස සිට එතනෝල්…

gazet

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ නම් කරමින් භාණ්ඩ ලැයිස්තුවක් අද(07) කැබිනට්ටුවට

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ නම් කරමින් භාණ්ඩ ලැයිස්තුවක් අද (07) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි. මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර් ආටිගල මහතා සඳහන් කළේ, කැබිනට් නිර්දේශය ලැබුණු පසු ඊට අදාළ ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කරන බවයි.

nadun

“නැදුන්ගමුවේ රාජා” දැයෙන් සමුගනියි

මහනුවර දළදා පෙරහරේ සධාතුක කරඩුව වැඩමවීම සිදු කළ නැදුන්ගමුවේ රාජා හස්තියා අද ( 7) අලුයම 5.30 පමණ මියගොස් ඇත. මිය යනවිට 69 ක් වයසැතිව සිටි රාජා හස්තියා දළදා පෙරහරේ 13 වතාවක් සධාතුක කරඩුව වැඩමවීම සිදු කොට ඇති අතර අවසන් වරට පසුගිය වසරේද කරඩුව වැඩමවීම සිදු කළේය. අවුරුදු පහක් තරම් වූ කුඩා වයසේදී ශ්‍රී ලංකාවට රැගෙන…

usa-soldjer
|

ඇමරිකානුවන් 3,000ක් රුසියානු හමුදා සමඟ සටන් වැදීමට සැරසෙයි

යුක්රේන ජනාධිපති වොල්ඩමියර් සෙලෙන්ස්කි විසින් කළ ඉල්ලීමකට අනුව රුසියානු හමුදා සමඟ සටන් වැදීම සඳහා ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වීමට ඇමරිකානුවන් 3,000ක් පමණ ප්‍රතිචාර දක්වා ඇති බව වාර්තාවෙයි. වොෂින්ටනයේ යුක්රේන තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු ඇමරිකානු හඬ ගුවන් විදුලිය වෙත පවසා ඇත්තේ ඒ සඳහා ඇමරිකානුවන් 3,000 ක් පමණ කැමැත්ත පළ කළ ඇති බවයි.

diesel

ඩිසල් හිගය හේතුවෙන් රථ වාහන පොලිමේ

ඩිසල් හිගය හේතුවෙන් බොහෝ රථ වාහන හිමියන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් මත ඩිසල් ලබා ගැනිම සදහා රථ වාහන පොලිමේ රැදි සිටින අතර පවතින මෙම ඩිසල් හිගය හේතුවෙන් මෙම ප්‍රදේශයේ පුද්ගලික බස් රථ ධාවනයටද විවිධ බලපැම් එල්ලවි ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන රථ වාහන හිමියන් පවසනුයේ පවතින ඩිසල් හිගය හේතුවෙන් තමන් විවිධ දුෂ්කරතාවයන්ට…

lanka gossip

බේකරි දහසකට අධික සංඛ්‍යාවක් වැසේ

පවතින අර්බුදකාරි තත්වය හමුවේ ඉදිරියේදී පාන් ගෙඩියක මිල රුපියල් 100 ඉක්මවනු ඇති බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් සමස්ථ ලංකා බේකිරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන මහතා කියා සිටියේ ගෑස් හිගය සහ භාණ්ඩ මිල ඉහළ යාම හේතුවෙන් එවැනි තත්වයක් හටගෙන ඇති බවයි. ගෑස් හිඟය හේතුවෙන්, අද වනවිට…

eggs

බිත්තරයක් රුපියල් 29ත් 31ක් අතර මිල ඉහළට

බිත්තර මිල මේවිට දැඩි ඉහල යාමත් සමග  පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ පිලිබදව අදහස් ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසනුයේ මේ වන විට බිත්තරයක මිල රුපියල් 29ත් 31ක් අතර මිලකට අලෙවි වන බවත්ය. බිත්තර මිල  මෙසේ ඉහල යාමත් සමග බිත්තර ආහාරයට ගැනිමට තමන්ට නොහැකි තත්වයක් උදාවි ඇති බවද එම පිරිස් පවසති. මෙම තත්වයන් පිලිබදව කරන…

putin
|

ගුවන් තහංචි දැම්මොත් බලාගෙනයි

යුක්රේන ජනාධිපතිවරයාගේ කීමට හිස නමා, යුක්රේනයට ඉහළ අහස රුසියන් ගුවන් යානාවලට තහනම් කළොත්, බටහිර රටවලට වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු අඟවා තිබේ. රුසියාවට ගුවන් තහංචි පනවන සෑම රටක්ම පවතින යුද ගැටුමට සම්බන්ධ රටවල් සේ සලකා ක්‍රියා කරන බව ද රුසියන් ජනාධිපතිවරයා අවධාරණය කළේය. මේ වනවිට රුසියාව යුක්රේනයේ නගර එකිනෙක වටලා පහර…

nato

නේටෝ යුක්රේනය මඟ හරියි

යුක්රේනයේ නගරවලට රුසියාව එල්ල කරන ගුවන් ප්‍රහාර නැවැත්වීමේ අරමුණින්, යුක්රේනයට ඉහළ අහස රුසියාවට තහනම් කරන්නැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී නේටෝ සාමාජික රටවලින් ඉල්ලා සිටි නමුත්, නේටෝ නායකයෝ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළහ. නේටෝ නායකයන් ගත් එම තීරණය යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කීගේ දැඩි අප්‍රසාදයටත් හේතුවක් විය. නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය ඇමෙරිකාව, කැනඩාව සහ යුරෝපා රටවල් එක්…

politics
|

මැති ඇමැති පිරිසක් ලංකාව හැර යයි

ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පිරිසක් රටට ඉදිරියේදී අත්වීමට නියමිත බරපතල ආර්ථික අර්බුද හා විවිධ හේතු මත රට හැර යෑමේ සූදානමක පසුවන බව වාර්තා වේ. යම් යම් හේතු මත කලකිරුණු කිහිපදෙනෙකුද ඒ අතර සිටින බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.