strick

සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනය අද සිට දින දෙකක සංඛේත වැඩවර්ජනයක්

සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනය අද සිට දින දෙකක සංඛේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරනවා. ඒ, සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සේවාවන් සංවෘත සේවාවක් බවට පත් කිරීම, අතිකාල දීමනා, උසස්වීම් ඇතුලු සිය වෘත්තිය ගැටළු රැසකට විසදුම් ලබාදෙන ලෙස රජයට බල කරමින්. සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවී කුමුදේශ් පැවසුවේ හදිසි සහ අත්‍යවශ්‍ය සේවාවලට බාධාවක් නොව අයුරින් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බවයි.

train

ඉදිරිදින වලදී දුම්රිය ධාවනය එකවර ඇණහිටින්න තත්වයක්

රටේ උද්ගතව ඇති තෙල් අර්බුධය හමුවේ ඉදිරියේදී දුම්රිය ධාවනයේ යම්කිසි සීමා කිරීමක් සිදුවිය හැකි බව දුම්රිය ලොකොමොටිව් රියදුරන්ගේ සංගමය පවසයි. ඊයේ (01) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසුවේ ඉදිරි දින 03 සදහා ප්‍රමාණවත් ඉන්ධන තොග පමණක් මේ වනවිට දෙපාර්තමේන්තුව සතුව පවතින බවයි.

Taiwan fears war as China holds another military drill

චීනය තායිවානයට පහර දීමට යයි – බුද්ධි අංශ ප්‍රධානී

ඇමරිකාවේ ඔත්තු සේවා ජනපති බයිඩෙන් දැනුවත් කළ විශේෂ හෙළිදරව්වක් ගැන අද ‘නිව්යෝර්ක් පෝස්ට්’ පුවත්පත විශේෂ වාර්තාවක් මගින් හෙළිදරව් කර තිබේ. එයින් කියැවෙන්නේ කුමන්ත්‍රණකාරී ලෙස තායිවානයට පහර දීමට චීනය මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට යන බවයි. ෂී ජින්පිං ගේ කුමන්ත්‍රණය අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ට දන්වා ඇති බවත් අඟහරුවාදා ඔහු හදිසි රැස්වීමක් මේ ගැන පැවැත්වූ බවත් පුවත්පත වාර්තා…

බැරිම තැන රුසියාව කියුව් නගරයේ මර්මස්ථාන වෙත පහරදීම ආරම්භ කරයි
|

බැරිම තැන රුසියාව කියුව් නගරයේ මර්මස්ථාන වෙත පහරදීම ආරම්භ කරයි

යුක්‍රේනයේ කියුව් නගරයේ මර්මස්ථාන වෙත ඉදිරියේදී පහරදීමට කටයුතු කරන බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම තත්ත්වය හමුවේ යුක්‍රේනයේ වැසියන් ලක්ෂ 6කට වැඩි වැඩි පිරිසක් එරටින් පලාගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සදහන් කරයි.

diesel

ඩීසල් තියෙන්නේ තවත් දවස් 4කටයි

ඉන්ධන හිඟය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් අසල මහජනයා ඒකරාශිවීමෙන් ඇති වන කළහාකාරී සිදුවීම් වළක්වා ගැනීම සදහා පිරවුම් හල් අසල විශේෂ ආරක්ෂිත ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය තීරණය කර තිබේ. ඒ සම්බන්ධයෙන් පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා  විශේෂ චක්‍රලේඛයක් මගින් දැනුම් දුන් බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි. ඉන්ධන ලබා ගැනීම සදහා වාහන පෝලිම් පවතින අවස්ථාවල තදබදය අවම…

powerc-cut1

හෙට (02) දිනයේ දිවයින පුරා පැය 7යි විනාඩි 30ක විදුලි කප්පාදුවක්

හෙට (02) දිනයේ දිවයින පුරා පැය 7යි විනාඩි 30ක විදුලි කප්පාදුවක් සිදුකෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. එම කොමිසම සදහන් කළේ හෙට දහවල් කාලයේ පැය 5 ක කාලයක් හා රාත්‍රී කාලයේ පැය දෙකහාමාරක කාලයක් විදුලි කප්පාදුවක් සිදු කරන බවයි. ඒ අනුව උදෑසන 8.00 සිට දහවල් 1.00 දක්වා E,T,U,V,W යන කලාප සඳහා පැය 5 ක විදුලි…

ransomware

“ransomware” ප්‍රථම ප‍්‍රහාරය ජපානයට

සයිබර් ප‍්‍රහාරයක් හේතුවෙනන් ජපානයේ ටොයොටා මෝටර් රථ නිෂ්පාදනාගාරයේ නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇත. මෙම සයිබර් ප‍්‍රහාරය නිසා මෝටර් රථ නිෂ්පාදනයට යොදා ගන්නා ප්ලාස්ටික් කොටස් සහ ඉලෙක්ට්‍රොනික උපාංග සැපයුම නතර ඇතැයිද විදෙස් මාධ්‍ය පවසයි. මෙම සයිබර් ප්‍රහාරය රුසියානු හැකර්වරුන් විසින් සිදු කරන්නට ඇතැයි විශ්වාස කෙරෙන බවද විදෙස් මාධ්‍ය තව දුරටත් කියා සිටී. සබැඳි පුවත්   රුසියානුවන්…

Vacuum 'bombs

තවත් තහනම් බෝම්බ වර්ගයකින් රුසියානුවන් පහරදෙයි

රුසියාව යුක්රේනයට ‘රික්තක’ බෝම්බවලින් පහර දෙන බව ඇමෙරිකාවේ යුක්රේන තානාපති ඔක්සානා මර්කරෝවා පවසා ඇත. තානාපතිවරයා මෙසේ පවසා ඇත්තේ යුක්රේනයෙන් ලැබෙන හමුදා තොරතුරු පාදක කර ගනිමිනි. ‘රික්තක’ බෝම්බ, ‘තර්මෝබැරික්’ එසේත් නැතිනම් ‘උෂ්ණත්ව බෝම්බ’ ලෙස ද හැඳින්වෙයි. මේවා පුපුරා යන්නේ අවට ඇති ඔක්සිජන් උරා ගනිමිනි. එසේ උරා ගනිද්දී රික්තයක් නිර්මාණය වෙයි. ජිනීවා සම්මුතියට අනුව, මෙවැනි රික්තක බෝම්බ…

death

දරුවන්ගේ කුස ගින්න දරාගත නොහැකිව පියා සිය දිවි හානි කරගනී

දින තුනක් තිස්සේ ගෙදර කෑමට දෙයක් තිබුනේ නැහැ. සැමියා දරුවන්ට කෑමට දෙයක් ගන්න කීයක් හරී සොයාගෙන එන්නම් කියලා ගියා.එයා ගෙදර ආවේ නැති නිසා මම ගෙදර තිබුණු පුටු දෙකක් විකුණලා දරුවන්ට කන්න දෙයක් හදලා දුන්නා යැයි වැලිපැන්න ප්‍රදේශයේ ගෙල වැලලාගෙන මියගිය පුද්ගලයකුගේ මරණ පරීක්ෂණයේදී මියගිය අයගේ බිරිඳ වැලිපැන්න හදිසි මරණ පරීක්‍ෂක නිහාල් ජයනෙත්ති මහතා ඉදිරියේ සාක්ෂි…

power-cut

5 වැනි දායින් පසු විදුලි කප්පාදුව නතර වෙයි?

ලබන පස්වැනිදායින් පසුව විදුලිය කප්පාදුව නතර කිරීමට උත්සාහ ගනිමින් සිටින බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (28)රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත. ඒ සදහා විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන සපයා දීමට මේ වන විට කටයුතු කරමින් සිටින බවද ඇමතිවරයා සඳහන් කර ඇත.