ඉන්දුනීසියාව ආසන්නයේ භූ චලනයක්
ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා දූපත් ආසන්නයේ රික්ටර් මාපාංක 6.2ක ප්‍රබලත්වයකින් යුත් භූ චලනයක් සිදුව ඇත. මෙම භූ කම්පනය අද උදෑසන සිදුව ඇති අතර ඉන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා දූපත් ආසන්නයේ රික්ටර් මාපාංක 6.2ක ප්‍රබලත්වයකින් යුත් භූ චලනයක් සිදුව ඇත. මෙම භූ කම්පනය අද උදෑසන සිදුව ඇති අතර ඉන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

උතුරෙන්, දකුණෙන් සහ නැගෙනහිරෙන් යුක්‍රේනයට ප්‍රහාර එල්ල කරන රුසියානු පාබල හමුදා කාණ්ඩ කිහිපයක් Kyiv අගනුවර ආසන්නයට පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වෙයි. යුක්‍රේනයේ චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයේ පාලනය ද රුසියානු හමුදා වෙත පත්ව ඇති බව යුක්‍රේන බලධාරීන් ප්‍රකාශ කර තිබේ. 1986 වසරේ දි පිපිරීමට ලක්වූ එම බලාගාරය හේතුවෙන් සිදුවු ව්‍යසනය මානව ඉතිහාසයේ දරුණුතම න්‍යෂ්ටික විනාශය බවට…

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු පන්දුවාර විස්ස තරගයේදි ලකුණු 63 කින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් කරමින් පහසු ජයක් හිමිකර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ඉන්දීය කණ්ඩායම කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 199ක් රැස්කර ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා පිලට කඩුළු 6ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 137 ක් පමණියි. ශ්‍රී ලංකා…

අද දිනයේදීත් පැය 04 යි විනාඩි 40 කට වැඩි විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය දී තිබේ. ඒ අනුව හෙට (25) දිනයේ A, B, සහ C යන කළාපවලට පැය 4 යි විනාඩි 40 ක් ද, සෙසු කළාපවලට පැය 5 යි විනාඩි 15 ක් ද, විදුලිය විසන්ධි කරන බව මහජන උපයෝගිතා…

රුසියාවේ භාණ්ඩ ප්‍රවාහන නෞකා දෙකකට යුක්රේන හමුදා විසින් එල්ල කළ මිසයිල ප්‍රහාරය හේතුවෙන් එක් නැවියකු අනතුරට ලක් ව නැවක් ගිනි ගෙන ඇති බව වාර්තාවේ. යුක්රේන ගුවන් හමුදාවේ ගුවන් යානයක් කඩා වැටීමෙන් ගුවන් භටයින් 5 දෙනෙක් මරණයට පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

යුක්රේන හමුදාවට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙසත් හැකියාව ඇති සියලු දෙනාම තුවක්කුවක් රැගෙන සටනට සුදානම් වන ලෙසත් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි ජනතාව අමතා ප්‍රකාශ කළේය. රුසියානු ප්‍රහාරය අතීතයේ නාසි ආක්‍රමණයට සමාන බවත් ජනාධිපති සෙලෙන්ස්කි පවසයි.

යුක්‍රේනය සිය ගුවන් කලාපය වසා දැමීමට පියවර ගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගුවන් ගමන්වල ආරක්ෂාව තහවුරු කිරීමට නොහැකි වීම හමුවේ මෙම පියවර ගෙන ඇති බවයි. සිවිල් ගුවන් මගින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බව එරට බලධාරිහු පවසති. මේ අතර රුසියානු හමුදාව යුක්‍රේනයට එල්ල කළ බෝම්බ ප්‍රහාරවලින් පුද්ගලයින් 7 දෙනෙකු මිය ගොස් තවත්…

යුක්රේනයේ නැගෙනහිර වාරය නගරයක් වන මරියපෝල්, කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා, කියෙව්, කර්කොව්, ක‍්‍රමටොස්ක් සහ බර්ඞ්යාන්ස්ක් නගරවලෙ පිපිරීම් සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රුසියානු ආරක්ෂක අමාත්‍යංශය රුසියානු හමුදා විසින් පහර දෙන ඉලක්ක ප‍්‍රකාශයට පත් කර ඇති අතර යුක්රේන හමුදා කඳවුරු, මිසයිල ආරක්ෂණ පද්ධති,ගුවන් හමුදා කඳවුරවලට රුසියානු හමුදාවේ ඉලක්කය නොවරදින ආයුද මගින්…

රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවලින් විදුලිය සැපයීම වෙනුවෙන් රුපියල් කෝටි 460ක (රු.බි. 4.6) මුදලක් ලංකා විදුලිබල මණ්ඩලයට බිල්පත් ලෙස අය වීමට තිබෙන බව වාර්තා වේ. රාජ්‍ය ආයතනවලින් කෝටි 360ක් ද (රු.බි. 3.6) අර්ධ රාජ්‍ය ආයතනවලට කෝටි 100ක් ද (රු.බි. 1) මෙසේ අය විය යුතුව ඇත. ඊට අමතරව පෞද්ගලික ආයතනවලින් කෝටි 1,180ක් ද (රු.බි. 11.8) විදුලිබල…

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා අභාවප්‍රාප්ත විය. කලක් රෝගාතුරව සිටි පද්මකුමාර මහතා අභාවප්‍රාප්ත වන විට වයස අවුරුදු 71කි. ඔහු ජනතාව අතර වඩාත් ජනප්‍රිය වූයේ මුල්පිටුව වැඩසටහන තුළිනි. ලේක්හවුස් ආයතනයේ සභාපතිධූරය ඇතුළු මාධ්‍ය ආයතන ගණනාවක තනතුරු හෙබවීය.