Water_Cut

ප්‍රදේශ කිහිපයකට සෙනසුරාදා ජලය අත්හිටුවයි

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් සෙනසුරාදා (08) පෙරවරු අටේ සිට පැය 16ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. කොළඹ, දෙහිවල-ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල යන මහ නගර සභා බල ප්‍රදේශවලටත් මහරගම, බොරලැස්ගමුව සහ කොළොන්නාව යන නගර සභා බල ප්‍රදේශවලටත් කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයටත් ජල සැපයුම අත්හිටුවන බවයි…

corona-omicron
|

ඔමික්‍රෝන් ගැන WHO අනතුරු අඟවයි

ඔමික්‍රෝන් කොරෝනා ප්‍රභේදය සරල ලෙස නොතකන්නැයි, ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. එම සංවිධානය සඳහන් කළේ, ලොව පුරා ආසාදිතයින් වාර්තා වීම 71% කින් ඉහළ ගොස් ඇති බවයි. අමෙරිකාවේ ආසාදිතයින් වාර්තා වීම ඉහළ ගොස් ඇත්තේ 100%කිනි. මීට පෙර වාර්තා වූ ප්‍රභේද මෙන්ම ආසාදිතයින් රෝහල්ගත කිරීම් සහ මියයාම ඔමික්‍රෝන් ප්‍රභේදය හරහා ද සිදුවන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු…

viduli-sapauma sihina palapala sinhala

අදත් විවිධ ප්‍රදේශවලට විදුලිය විසන්ධි වීම්

අද (07) දිනයේත් විවිධ ප්‍රදේශවලට විදුලිය විසන්ධි විය හැකි බව, ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. ඒ, කැලණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රයක් ඊයේ (06) රාත්‍රියේ සිට අක්‍රිය වීම හේතුවෙනි. මේ හේතුවෙන් මෙගාවොට් 135 ක් ජාතික විදුලි පද්ධතියට අහිමිව ඇතැයි විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ආර්.එම්. රණතුංග මහතා ප්‍රකාශ කළේ ය. ඒ හේතුවෙන්, දෛනික විදුලි ඉල්ලුම වැඩිවීමත් සමග අද දිනයේත් විවිධ…

light-cut esanin puwath

විදුලි කප්පාදුවක් – විදුලි බල මණ්ඩල වෘත්තිය සමිති අනතුරු අඟවයි

යළිත් වරක් මෙරට තුළ විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව විදුලි බල මණ්ඩල වෘත්තිය සමිති අනතුරු අඟවයි. ඉන්ධන අර්බුදය මීට හේතුවිය හැකි බව ඔවුන් පෙන්වා දෙයි. ඩීසල් නොලැබීම හේතුවෙන් සපුගස්කන්ද තාප විදුලි බලාගාරය ද මේ වනවිට වසා දමා ඇත පිරිපහදු කළ ඉන්ධන මේ වනවිට භාවිතයට ගැනෙයි.පිරිපහදු කරන ලද ඉන්ධන රැගෙන ආ නෞකාවලින් ඉන්ධන ගොඩබෑම සඳහා ණයවර…

oil
|

ඉදිරි දින 8 තුළ ණයවර ලිපි විවෘත නොකළහොත් පෙට්ට්‍රල්, ඩීසල් හිඟයක්

නැව් දෙකක් වරායේ නවතාගෙන ණයවර ලිපි විවෘත නොකර සිටීම හේතුවෙන් පෙට්ට්‍රල් හා ඩීසල් බා ගැනීමට නොහැකි වී ඇති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි. ඔහු පැවසුවේ ඉදිරි දින 8 තුළ ණයවර ලිපි විවෘත කිරීමක් සිදුනොකළහොත් පෙට්ට්‍රල්, ඩීසල් හිඟයක් ඇතිවිය හැකි බවයි. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Update on Omicron

ජනතාව වගකීම් විරහිතව කටයුතු කිරීමෙන් රට භයානක තත්ත්වයකට

ඔමික්‍රොන් ප‍්‍රභේදය රටතුළ පැතිර යමින් තිබියදී ජනතාව එය පාලනය සඳහා සෞඛ්‍ය අංශ වෙත සහය ලබා නොදෙන්නේ නම් සමස්ත රටටම භයානක තත්ත්වයකට මුහුණ දීමට සිදුව නැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. මෙම තත්ත්වය දිගටම පැවතියහොත් අවසානයේ දී රට නැවතත් වසා දැමීමට සිදුවනු ඇතැයිද කී ඔහු එහිදී ඇතිවන ආර්ථික පරිහානිය නිසා…

badairigu
|

බඩ ඉරිඟු ඇට ආනයනයට බාධා

සත්ත්ව ආහාර සඳහා වසරකට බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 7000 ක අවශ්‍යතාවය පැවැතියත්, මෙට්‍රික් ටොන් 1500 ක් ආනයනය කිරීමට රජය අවසරය ලබාදී තිබෙන බවත්, ඩොලර් ගැටලුව නිසා බඩ ඉරිඟු ඇට ආනයනය කිරීමට ගැටලුවක් වී ඇතැයි ජාතික පශු සම්පත් මණ්ඩලය පවසයි. බඩඉරිඟු හිඟය උග්‍ර හේතුවෙන් සත්ත්ව ආහාර සඳහා හරිත පදාර්ථ ලෙස බඩඉරිඟු ගස් වැඩිවශයෙන් ගවයන්ට ලබාදෙන බව…

parippu

IMF ණය ගත්තොත් පරිප්පු රුපියල් 400ට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ණය ගතහොත් ඉන්ධන, විදුලිය, ජලය, අත්‍යවශ්‍ය ආහාර මිල සහ ගාස්තු ඉහළයාම මෙන්ම රාජ්‍ය සේවයේ සිදුවන කප්පාදු පිළිබඳව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඇමැති මණ්ඩලය දැනුවත් කර තිබේ. රුපියල නිදහසේ පා කිරීම මගින් රුපියල 15%කින් පමණ අවප්‍රමාණය විය හැකි බව මුදල් අමාත්‍යාංශයේ නිගමනයයි. එහිදී පරිප්පු කිලෝග්‍රෑමයක දැනට පවතින රුපියල් 280 මිල රුපියල් 400…

COVID-19-vaccine-card

එන්නත් කාඩ්පත (Vaccine card) තාක්ෂණ කිරීමේ කටයුතු ඇරැඹේ

පොදු ස්ථාන වලදී එන්නත් කාඩ්පත් (Vaccine cards) අනිවාර්ය කිරීමට අදාළ තාක්ෂණික කටයුතු ආරම්භ කළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය. ඒ අනුව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා කේතය(qr code) සහ යෙදුම(App) ලබාදීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය. එන්නත්කරණය අනිවාර්ය කළ නොහැකි වූවත් එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට හැකියාව ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා කීවේය.  

rajitha
|

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිතට කොවිඩ්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය හා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට කොවිඩ් ආසාදනය වී ඇතැයි වාර්තා වේ. ඒ අනුව මන්ත්‍රීවරයා මේ වනවිට නිවෙස් ප්‍රතිකාර සඳහා යොමුකර තිබේ. ජනවාරි මස 1 වනදා සිට මන්ත්‍රීවරයා ආශ්‍රය කළ සියලුදෙනා මේ වන විට නිරෝධායනයට ලක්කර ඇත.