cb

ඡන්ද දායකයින් බඩ ගැන නොව රට ගැන සිතිය යුතුයි

බඩ ගැන හිතා පමණක් නොව රට ගැන හිතා රටේ ජනතාව කටයුතු කල යුතු බව වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍ය සි.බි.රත්නායක මහතා පැවසිය. සි.බි රත්නායක අමාත්‍යවරයා ඒ බැව් (24) දින පැවසුවේ නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ඉඩම් ඔප්පු ලබාදිමේ වැඩසටහනකට සහභාගි විමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්මිණි. මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු අමාත්‍ය සි.බි.රත්නායක මහතා කියා…

shooting

පොලිස් නිලධාරියෙකු කළ වෙඩි තැබීමකින් තිදෙනෙක් මරුට

තිරුක්කෝවිල් පොලිසියට අනියුක්ත පොලිස් සැරයන්වරයෙකු සිදුකළ වෙඩි තැබීමකින් එම පොලිස් ස්ථානයේ රාජකාරී කළ පොලිස් නිලධාරීන් තිදෙකෙු මිය ගොස් තිබෙනවා. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ තිරුක්කෝවිල් පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු තවත් නිලධාරීන් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා අක්කරෙපත්තුව රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ. සැකකාර පොලිස් සැරයන්වරයා ඊයේ රාත්‍රීයේ එම වෙඩි තැබීම සිදු කිරීමෙන් පසු…

Update on Omicron
|

ඉන්දියාවේ ඔමික්‍රෝන් රැල්ලක්

ඉන්දියාවෙන්  ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිත ආසාදිතයින් 415 දෙනෙකු වාර්තා වී ඇති බව ඉන්දීය සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි. ආසාදිතයින්ගෙන් 91%ක්ම පූර්ණ එන්නත්කරණයට ලක්වුවන් වන අතර 27% ක් කිසිදු විදෙස් සංචාරයක නිරත නොවූ පුද්ගලයින් බව සඳහන් වෙයි. ඉන්දියාව තුළ  බූස්ටර් මාත්‍රාව ලබාදීමට අදාළ කටයුතු ආරම්භ නොකිරීම සම්බන්ධයෙන් පාර්ශව රැසක් දැඩි කනස්සල්ල පළ කරති.  

train

නොමිලේ දුම්රියෙන් යන්න අද අවස්ථාවක්

දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමෙන් ඉවත් වුණා. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පැවසුවේ සිය සාමාජිකයන්ට මෙන්ම මගීන්ට බලපාන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් බලධාරීන් නිසි අවධානය යොමු නොකිරීම හේතුවෙන් එම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළැඹි බවයි.

nuwaraeliya
|

නුවරඑළියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 5 දක්වා පහළට

නුවරඑලිය නගර සභා සිමාවේ ස්ථාන කිහිපයකටම අද අලුයම මල්තුහින පතිත වී තිබෙනවා. ඒ, නුවරඑලිය තුරග තරග පිටිය , ගොල්ෆ් ක්‍රීඩාංගණය සහ නුවරඑලිය අවට තේ වතු සහ එලවළු වගා ගොවිපලවල් ආශ්‍රිතවයි. අද උදැසන කාලයේ නුවරඑලිය ප්‍රදේශය ආශ්‍රිතව පැවතියේ දැඩි ශීත කාලගුණයක්. මේ අතර නුවරඑලියේ නගර සභා සිමාව තුල අද අලුයම් කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශය 5 දක්වා…

GMOA – Government Medical Officers' Association

GMOA වර්ජනය නංගී පෙන්නලා, අක්කා දෙනවා වගේ වැඩක්!

වෛද්‍ය සංගමය “ජාතික වැටුප් ප්‍රතිපත්තිය උල්ලංඝනය කිරීම” මැයෙන් ගුරු අරගලය සහ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ අරගලය ආපස්සට හැරවීමට උත්සාහ දරමින් සිටිනවා. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 6/2006 මගින් තහවුරු කරන්නට යන වැටුප් ප්‍රතිපත්තිය, වෛද්‍ය සංගමය “ජාතික” කරගත්තාට, එය ‍රාජ්‍ය සේවකයින් ලක්ෂ 15ක අභිමානය නැති කල “අවජාතක” වැටුප් ප්‍රතිපත්තියකි. බමුණු කුලයක් නිර්මාණය කර, රාජ්‍ය සේවයේ කාර්‍යක්ෂමතාවය විනාශ කල එම වැටුප්…

lpl-campion
|

LPL කුසලානය ජැෆ්නා කිංග්ස් දෙවැනිවරටත් දිනා ගනී

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය ජයගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඊයේ (23) සමත් වුණා. ඒ, ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජයට පත් කරමිනි. අවසන් මහ තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ නායක තිසර පෙරේරා සමත් වූ අතර එහිදී ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටය. ඒ අනුව පිටියට පිවිසි ජැෆ්නා කිංග්ස් නියමිත පන්දුවාර…

Chairman of the Information Commission
|

තොරතුරු කොමිසමේ සභාපති පත් කිරීම පිළිබඳ  සිවිල් සංවිධානවල දැඩි අවධානය!

තොරතුරු දැනගැනීමේ කොමිසමේ සභාපති පත් කිරීම පිළිබඳ  සිවිල් සමාජ සංවිධානවල දැඩි අවධානය යන මැයෙන් නිකුත් වූ මාධ්‍ය නිවේදනය හා බැඳේ – වසර 2021 දෙසැම්බර් මස 22 වැනිදින කොළඹදී දිගුකලෙක පටන් ශ්‍රී ලාංකේය පුරවැසි සමාජය ඉමහත් අපේක්ෂාසහගතව  පසුවූ  සමාජ හා දේශපාලන ප්‍රතිසංස්කරණයක් වූයේ තොරතුරු දැනගැනීමේ පනතක් මෙරටේ නීතිගත වීමයි. එවැන්නක් මෙරටෙහි සම්මත වීම   නිසැකවම අප රටෙහි…

dayasiri
|

ශ්‍රීලනිප ය – ජවිපෙ දීගයකට අතවනයි

ජනතා විමුක්ති පෙරමුණ වැනි දූෂණයෙන් තොර පක්ෂයක් සමග තම පක්ෂයට එක්ව කටයුතු කළ හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි. කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය.

train2 sri lanka railway time table 2021

අද මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම නවතී

අද මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමෙන් ඉවත්වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පැවසුවේ සාමාන්‍ය දුම්රිය ප්‍රමාණය දෛනිකව ධාවනය කරන ලෙස ඉල්ලා සිටියද බලධාරීන් එය මෙතෙක් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කරන බවයි. ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට පාර්සල් බාර ගැනීමේ රාජකාරි කටයුතුවලින් ද සිය සමාජිකයින් ඉවත්…