accident

නිරෝධායන ඇඳීරි නීතියේදීත් රිය අනතුරු ඉහළට!

රට පුරා ව්‍යාප්තව පවතින මාරාන්තික වසංගතය පාලනය සදහා රටම අගුලා ලා තිබියදී මාර්ග අනතුරු වලින් හැටකට වැඩි පිරිසකට ජීවිතය අහිමිව ඇති බව හෙළි වී තිබේ. මාර්ගයේ ඇති නිදහස අයුතු ලෙස භාවිතා කරමින් අපරික්ෂාකාරී ලෙස මෝටර් රථ සහ යතුරු පැදි ධාවනය කිරීම හේතුවෙන් නිරෝධායන ඇඳිරි නීතිය ආරම්භ වූ පසුගිය අගෝස්තු මස 20 දා සිට සැප්තැම්බර් මස…

rice

හාල් හිඟයක්! නාමල්ගෙන් අනාවැකියක්

තව සති දෙකක් ඇතුළත රටේ හාල් හිඟයක් ඇතිවීම වැළැත්විය නොහැකි බව ජාතික ගොවි සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා පැවසීය. හාල් සහ වී අතර ආණ්ඩුව බරපතළ විකෘතියක් නිර්මාණය කොට ඇති බවත්, ඒ හේතුවෙන් මෙම ප්‍රතිපලය දකින්නට ලැබෙන බවත් ඒ මහතා කීය.

labunoruwa wewa
|

රොන්මඩ ඉවත් කිරීමට මුවා වී ලැබුනෝරුව වැවේ වැලි ජාවාරමක්!

රොන්මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘතියකට මුවාවි ලැබුනෝරුව වැව සීමාවක් නොමැතිව හාරමින් වැලි ගොඩදැමීමේ මහ පරිමාන ජාවාරමක් සිදුවන බව ලැබුනෝරුව ගොවි සමිතිය පවසයි. රජයේ ව්‍යාපෘතියක් වශයෙන් පසුගියදා ආරම්භවූ මහ වාරිමාර්ගයට අයත් ලැබුනෝරුව වැවෙහි රොන් මඩ ඉවත් කිරීමේ ක්‍රියාව පසෙක දමා කොන්ත්‍රාත්කරුවන් ඉවක් බවක් නොමැතිව වැව හාරමින් වැලි ඉවත් කිරිමේ කටයුත්තක නිරත වන බවත් මෙම ක්‍රියාවලිය නිසා වැව…

raja ram
|

බඩගින්නට පක්ෂ / දේශපාලනයක් නැහැ – හි. මධ්‍යම පළාත් සභා මන්ත්‍රී රාජා රාම්

බඩගින්නට  පක්ෂ දේශපාලනය, ජාති ආගම් භේද නැතැයි කඳුරට අයිතිවාසිකම් මුදවාගැනිමේ පදනමේ සභාපති හිටපු මධ්‍යම පලාත් සභා මංත්‍රි රාජා රාම් මහතා පවසයි. කොවිඩ් වසංගත මෙම කාලය තුලදි වීශේෂයෙන් මෙම කදුකරයේ ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත් වි සිටින හෙයින් කඳුරට අයිතිවාසිකම් මුදවා ගැනිමේ පදනම මෙම ප්‍රදේශයේ ජනතාවට යම් සහනයක් ලබා දිමට පියවර ගත් බවද ඒ මහතා පවසයි. මේ…

protect
|

ගෘහ සේවිකාවන් වෙනුවෙන් ප්‍රොටෙක්ට් පෙරට!

කොවිඩ් වසංගය හේතුවෙන් රජය විසින් පනවා ඇති නිරෝ‍ධායන  ඇදිරි නිතිය හේතුවෙන් අසරන තත්වයන්ට පත්ව ඇති ගෘහ සේවයේ යෙදි සිටින කාන්තාවන් හැට දෙනකු සදහා රුපියල් 2500 වටිනා මුදල් වවුචර ලබා දිමට ප්‍රොටෙක්ට් සංගමය මගින් පියවර ගෙන ඇත. මේ පිලිබදව අදහස් දැක්වු එම සංගමයේ උප සභාපතිනි හා නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායිකා කරුපයියා මෛයිදිලි මහත්මිය පවසන ලද්දේ කොවිඩ් වසංගත…

kandy
|

මහනුවර තරුණ තරුණියන් සඳහා එන්නත් ලබාදීම අද සිට

මහනුවර නාගරික බල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20 – 29 අතර පිරිස් සඳහා කොරෝනා ප්‍රතිශක්තිකරණ පළමු මාත්‍රාව ලබා දීම අද (15) සිට මධ්‍යස්ථාන දෙකක් තුළ ක්‍රියාත්මක කෙරේ. අද සිට මෙම මස 17 දින දක්වා මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයේදී සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි පිරිමි විද්‍යාලයේ දී එන්නත්කරණය සිදු කෙරේ. අනිවත්ත බටහිර, අනිවත්ත නැගෙනහිර, කටුකැලේ බටහිර, මුල්ගම්පොල,…

lohan

ලොහාන් රත්වත්තේ ඉල්ලා අස් වෙයි!

බීමතින් සුරූපිනියන් සමග වැලිකඩ හා අනුරාධපුර බන්ධනාගාරවලට කඩා පැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ සිය ඇමැතිධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ලොහාන් රත්වත්තේ සිය ඉල්ලා අද (15)  අස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමු කර ඇති අතර එම ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් පිළිගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි. ලොහාන් රත්වත්තේ ඇතුළු කණ්ඩායමක්, කොට කලිසම් හැද…

e news paper
|

තොරතුරු දැනගැනීමේ පනත නිසා ජයග්‍රහණය කල ඓතිහාසික නඩු තීන්දුව

ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයට ඓතිහාසික පරිච්ඡේදයක් එක් කරමින් මොණරාගල මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා සුවිශේෂී නඩු තීන්දුවක් ලබා දෙනු ලැබුවා. ඒ පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මොණරාගල දිස්ත්‍රික්කයේ එක් පළාත් පාලන ආයතනයක අපේක්ෂකයෙකු මැතිවරණ කාලසීමාව තුළ ඡන්දදායකයන්ට විවිධ අල්ලස් ලබාදීම සම්බන්ධයෙන් පැෆ්රල් සංවිධානය මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේද සහාය ඇතිව ගොනු කරනු ලැබූ නඩුකරයට අදාල තීන්දුව…

dammika
|

අභ්‍යාසලාභී උපාධිධාරී පුහුණුව තවදුරටත් දීර්ඝ කරනු එපා!

වසරක පුහුණුවකින් පසු ස්ථිර කිරීමේ පදනමින් බදවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන්ගේ පුහුණුව තවදුරටත් දීර්ඝ කිරීමට  රජයේ උත්සාහ කරන බවට ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය චෝදනා කරයි. නිවේදනයක් නිකුත් කරමින් එම මධ්‍යස්ථානය පවසන්නේ රජය විසින් බදවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන්ගේ පුහුණුකාලය තවත් මාස හයකින් දීර්ඝ කිරීමේ  උත්සාහයක් පවතින බවයි. “අප දිගින් දිගටම ඉල්ලා සිටියේ මෙම අභ්‍යාසලාභී 2021 සැප්තැම්බර් 3 දිනට වන…

mp rohana bandara
| |

අනුරපුර බන්ධනාගාරයට කඩා වැදුනු රාජ්‍ය ඇමති ගැන වහා විමර්ශනයක් කරන්න !

ජාත්‍යන්තර සිරකරුවන්ගේ දිනයේ රජයේ රාජ්‍ය අමාත්‍යවරයෙකු ස්වයං ක්‍රීය ගිනි අවියක් රැගෙන අනුරාධපුර බන්ධනාගාරයට ගොස් යකා නැටීම සම්බන්ධයෙන් සිය විරෝධය පල කරන බවත්, ඒ පිළිබදව වහාම පරික්ෂණයක් පැවත්විය යුතු බවත්  අනුරාධපුර දිස්ත්‍රික් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පැවසුවේය. ඒ මහතා මේ බව කියා සිටියේ පසුගිය (12දා) ජාත්‍යන්තර සිරකරු දිනය පැවති දිනයේ රාජ්‍ය අමාත්‍ය ලොහාන්…