අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කරන්නේ නැහැ – ජනපති
|

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කරන්නේ නැහැ – ජනපති

කලාපයේ කිසිදු රටක සිදු නොකළ ලෙස සාපරාධී අපහාස නීතිය ඉවත් කළ තමා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කිරීමට කිසිවිටෙක කටයුතු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. යෝජිත විද්‍යුත් විකාශන නියාමන කොමිෂන් සභා පනත මගින් සිදු වන්නේ විද්‍යුත් මාධ්‍යයක් මගින් කිසියම් පාර්ශ්වයකට අගතියක් සිදු වහොත්, එම අගතියට පත් පාර්ශවයට සහනයක් ලබාගැනීම සඳහා අවස්ථාව සැලසීම…

සබරගමුව ආණ්ඩුකාර ධුරය නවීන් දිසානායකට

සබරගමුව ආණ්ඩුකාර ධුරය නවීන් දිසානායකට

2019 සැප්තැම්බර් මස 21 වන දින සිට පසුගිය 8 වන දින දක්වා සබරගමුව පළාත් ආණ්ඩුකාර ධුරයේ කටයුතු කළ ටිකිරි කොබ්බෑකඩුව මහතා සිය තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය ඉකුත් 8 වන දින ජනාධිපතිවරයා වෙත යොමු කළ අතර, ඉන් පුරප්පාඩු වූ සබරගමුව පළාත් ආණ්ඩුකාර ධුරයට හිටපු අමාත්‍යවරයෙකු වන එක්සත් ජාතික පක්ෂයේ ඉදිරිපෙළ නායකයෙකු වන නවීන් දිසානායක මහතා පත්කිරීමට…

දේශපාලකයන්ට බදු ෆයිල් අනිවාර්යය කරයි
|

දේශපාලකයන්ට බදු ෆයිල් අනිවාර්යය කරයි

රටේ දේශපාලනයට එන සියලුම දෙනාට බදු ගොනුවක් විවෘත කිරීම අනිවාර්ය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් කරයි. එය ආරම්භ කිරීම පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාර ගැනීමේ දී සිදු කරන බවත් අමාත්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන්ට බදු ගොනුවක් විවෘත කිරීම අනිවාර්ය කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි. දේශීය ආදායම්…

පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාව කාර්යක්ෂම නැතැයි ජනාධිපතිට පැමිණිලි
|

පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාව කාර්යක්ෂම නැතැයි ජනාධිපතිට පැමිණිලි

පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාව කාර්යක්ෂම නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පැමිණිලි ලැබී තිබේ. 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමෙන් පසු ස්වාධීන කොමිෂන් සභා අලුතින් පිහිටුවිය යුතු වුවත් තවමත් මානව හිමිකම් කොමිෂන් සභාවට නව නිලධාරීන් පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාව අපොහොත්වී ඇතැයි ජනාධිපතිවරයා වෙත ලැබුණු පැමිණිලි වල සඳහන් වන බව වාර්තා විය. මානව හිමිකම් කොමිසමට පත් කිරීම…

වසර 3කින් රට ගොඩනගන සැලසුම පාඨලී කියයි
|

වසර 3කින් රට ගොඩනගන සැලසුම පාඨලී කියයි

43 සේනාංක නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා (15) මහනුවර දී මාධ්‍යවේදීන් විසින් නගන ලද ප්‍රශ්නවලට ලබා දුන් පිළිතුරු මෙසේ ය. ප්‍රශ්නය: ඔබ අද දිනයේ මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැකීම සඳහා ගියේ කුමන කරුණක් නිසා ද? පිළිතුර: අපි ලබන සඳුදා, එනම් මැයි 22 සඳුදා ‘ජනරජ දිනයේ දී’, නව දේශපාලන පෙරමුණක් දියත් කරනවා. එක්සත් ජනරජ…

රජය මට බලතල දුන්නොත් ඩෙංගු නවත්තල පෙන්නන්නම්
|

රජය මට බලතල දුන්නොත් ඩෙංගු නවත්තල පෙන්නන්නම්

රජය අවස්ථාවක් ලබා දෙන්නේ නම් සතියක් ඇතුළත ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම අහිතකර වීමට ඉඩ නොදී පාලනය කරන බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි. තමා බලයේ සිටියහොත් ඩෙංගු මර්දන ඒකකයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සමඟ කතා කරන බවද ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කරයි. ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක් වූ මර්වින් සිල්වා මහතා… “දැන් වෙලා…

පළාත් පාලන මැතිවරණය ගැන තේරිම් බාර නිලධාරීන්ගෙන් ගැසට්ටුවක්
|

පළාත් පාලන මැතිවරණය ගැන තේරිම් බාර නිලධාරීන්ගෙන් ගැසට්ටුවක්

පළාත් පාලන මැතිවරණය මේ මස 25 වැනි දා නොපැවැත්වෙන අතර එම මැතිවරණය භාණ්ඩාගාරයෙන් මුදල් නිකුත් කරන දිනක පවත්වන බව සඳහන් කරමින් දිස්ත්‍රික් තේරීම්බාර නිළධාරීන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය මුදල් මහා භාණ්ඩාගාරය විසින් නිකුත් කරනු ලබන බවට නිශ්චිත වශයෙන් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දෙන දිනය හෝ දැනටමත් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ…

25 වෙනිදා ජනපති විශේෂ දෙයක් කරන්න යයි
|

25 වෙනිදා ජනපති විශේෂ දෙයක් කරන්න යයි

පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරාධනාවක් කරනු ඇති බවට දේශපාලන ආරංචි මාර්ග පවසයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල පහසුකම පිළිබඳ විවාදය එළඹෙන 25 වනදා ආරම්භ කරමින් ඔහු මෙම ආරාධනාව කිරීමට නියමිතව ඇති බවයි පැවසෙන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා සඳහන් කළේ, ජත්‍යන්තර මූල්‍ය අරමුදල සමග යන වැඩපිළිවෙලට සහාය…

IMF ණය ගැන පාර්ලිමේන්තු විවාදය 25 සිට
|

IMF ණය ගැන පාර්ලිමේන්තු විවාදය 25 සිට

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම පිළිබඳ විවාදය අප්‍රේල් 25 වනදා සිට පැවැත්වීමට තීරණය කර තිබේ. ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක පැවසුවේ එහිදී දේශපාලන පක්ෂ සදහා තම රටට සහය දෙනවාද නැද්ද යන්න තීරණය කිරීමට අවස්ථාව සැලසෙන බවයි. ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී…

දියාරු දේශපාලන තත්ත්වය රටේ ආර්ථිකයේ අවිනිශ්චිතතාවයක් ඇතිකළා – ලෝක බැංකුව
| |

දියාරු දේශපාලන තත්ත්වය රටේ ආර්ථිකයේ අවිනිශ්චිතතාවයක් ඇතිකළා – ලෝක බැංකුව

ශ්‍රී ලංකාවේ ඉහළ ගිය මූල්‍ය අංශයේ අසමතුලිතතාවයන් සහ එහි දියාරු දේශපාලන තත්ත්වය රටේ ආර්ථික දැක්ම සඳහා සැලකිය යුතු අවිනිශ්චිතතාවයක් ඇති කර ඇති බව ලෝක බැංකුව පවසයි. එහි නවතම වාර්තාව පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ අනාගත අර්බුද වළක්වා ගැනීම සඳහා ශක්තිමත් සහ ඔරොත්තු දෙන ආර්ථිකයක් ගොඩනැගීම අතවශ්‍ය බවයි. ලෝක බැංකුව නිකුත් කළ Sri Lanka Development Update (SLDU),…