මාර්තු 11 වන දින සිට මාර්තු 18 දක්වා කාළය තුළ කොරෝනා වෛරසය ආසාදනය වු රෝගීන් 43ක් ශ්‍රී ලංකාව තුළින් වාර්තා වීමත් සමගම මෙම නව කොරෝනා වෛරසය වේගයෙන් පැතිරෙමින් පවතින රටක් බවට ශ්‍රී ලංකාව ද පත් විය.

මෙම තත්ත්වයට මුහුණ දීම සදහා රජය විසින් පසුගිය සදුදා රාජ්‍ය හා පෞද්ගලික අංශ සදහා නිවාඩු ලබා දුන් අතර, ඉන් පසුව ඒය ලිහිල් කරමින් අගහාරැවාදා සිට බ්‍රහස්පතින්දා දක්වා අත්‍යවශ්‍ය සේවා හැරෙන්න අන් රාජ්‍ය අංශයන් වෙතත් නිවාඩු ලබා දෙන ලදී. පුද්ගලික අංශයටත් ඒසේ නිවාඩු ලබා දෙන ලෙස ඉල්ලා සිටිනු ලැබීය.

නමුත් මෙම රෝගය රැගෙන ඒන ප්‍රධාන මාර්ගය වන ගුවන්තොටුපල තවමත් සම්පුර්ණයෙන් වසා දමා නැති නමුත්, අද (18) මධ්‍යම රාත්‍රීයේ සිට සති දෙකක කාලයක් ගුවන් යානා ගොඩ බැස්සීම සම්පුර්ණයෙන් නතර කිරීමට රජය පියවරගෙන තිබේ. ප්‍රමාද වී හෝ ඒම පියවර ගැනීම පිළිබද අප සතුටු විය යුතුය.

මේ සම්බන්ධව නිසි කියා මාර්ග නිසි කල රජය විසින් ලබා නොගත් බවට චෝදනා කරන විපක්ෂය මෙය සුලුකොට නොගෙන මෙම ව්‍යසනයෙන් මීදීම සදහා සමූහිකව කටයුතු කළ යුතු බව ප්‍රකාශ කරයි.  මේ සම්බන්ධව අදහස් දක්වන රජයට හිතවත් සංගමයක් වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) අවධාරණය කරන්නේ, අවම වශයෙන් රටේ සංචරණයන් සතියකට හෝ සීමා කළ යුතු බවය.

මෙම රෝගය විශාල වශයෙන් ව්‍යාපත් වූ චීනය, ඉතාලිය, ස්පාඥ්ඥය ඇතුළු ලෝකයේ බොහෝ රටවල් මෙම තත්ත්වය පාලන කිරීම සදහා ගනු ලැබූ විශේෂ පියවරක් වුයේ ඒම රට දින කිහිපයකට සම්පුර්ණයෙන් වසා දැමීමට ( LOCKDOWN)  කටයුතු කිරීමයි.  ඒ් තුළින් මෙම මාරාන්තික  වෛරසය ඒම රට තුළ පැතිරීම විශාල වශයෙන් පාලනය විය. ඒ් අතර රජය විසින් පුරවැසියන් සවයං නොරෝධායනයට ලක්කිරීමත් ඒම ක්‍රියාවලිය ඉතා සූක්ෂමව අධීක්ෂණය කිරීමත් ඒම රටවලින් සිදු කරනු ලැබීය. මහජන ගැවසෙන ස්ථානයන් විශබීජ හරනයත් මෙම කාලය තුළ ඉතා සාර්ථකව සිදු විය. ඒමගින් චීනය මේ වන විට මෙම වෛරසයට සාර්ථකව මුහුණ දුන් රටක් ලෙස ඉදිරියෙන් ම සිටී.

මෙම ආදර්ශය මත ලංකාවද කෙටි කාලයකට ලොක්ඩවුන් කළ යුතු බවට ඉදිරිපත් වී ඇති අදහස ගැන මේ වන විට සමාජයේ වැඩි අවධානයක් යොමුව ඇති බව පෙනෙන්නට තිබේ. නමුත් ඒය කළ යුත්තේ මෙම රෝගය තව දුරටත් ව්‍යාප්තවීමට පෙරය ය. GMOA ඇතුලු බොහෝ දෙනෙක් පවසන්නේ දැනටමත් ඒ සදහා අප ප්‍රමාද වී ඇති බවයි.

එහෙත් “රට ලොක්ඩවුන් කිරීමට යෝජනා කරන්නේ සමස්ත ආර්ථික ක්‍රියාවලිය ගැන අවබෝධයක් නොමැති අය” බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියේය. ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටියේ පරිභෝජනය නැතිව මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි බවත්, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බොහොමයක් පිටරටින් ගෙන ආ යුතු බවත් වරාය වැහුවොත් අපිට කන්න නැති වෙන බවත්ය, සංවර්ධිත රටවල් කරන සියලු ක්‍රියා අපිට කරන්න බැරි බවත් ඔහු පැවසීය.

මේ අතර ඊයේ ජනාධිපතිතුමාගේ ජාතිය අමතා සිදු කළ කාතාවෙන්ද පෙනී යන්නේ මෙම රෝගයේ ඇති බැරැරෑම් කම පිළිබදව තවතමත් බොහෝ අය ඒතරම් අවබෝධයෙන් කටයුතු නොකරන බවයි. සමහරැ මෙය නිවාඩු කාලයක් ලෙස සලකා වන්දනාවේ යන්න පටන් අරගෙන ඇති බවත් ඔහු පැවසීය.

ඔහු පවසන පරිදි තවමත් අප පුරවැසියන් බොහොමයක් මෙම තත්ත්වය බැරෑරැම්ව පිළිගෙන නොමැති නිසා, රට තුළ සිදුවන සියලුම සංචරනයන් දින කිහිපයකට හෝ රජ්‍ය බලය යොදා හෝ පාලනය කරමින් මෙම වෛරසය තව දුරටත් පැතිරීම පාලන කිරීමට වහා කටයුතු කළ යුතුය. ඒ් සදහා ටික කලකට රට තුළ සිදුවන අතවශ්‍ය සේවා හැර අනෙකුත් සියලුම සංචරනයන් නතර කර සියලුම පුරවැසියන් ඒකවර නිරෝධායනට ලක් කිරීම සිදු කළ යුතුය. ඒමෙන්ම, මෙම කාලය තුළ සියලුම පොදු ස්ථානයන් විශබීජ හරනය කිරීමත් රජය විසින් ඒකවර සිදු කළ යුතුව ඇත.

 

 

Similar Posts