ඉතිහාසයේ පළමුවරට සෞඛ්‍ය අංශයට විශාල මුදලක් වෙන් කරයි.
|

ඉතිහාසයේ පළමුවරට සෞඛ්‍ය අංශයට විශාල මුදලක් වෙන් කරයි.

සෞඛ්‍ය සේවාව සඳහා මෙරට ඉතිහාසයේ පළමුවරට අය – වැය මගින් රුපියල් මිලියන පන්සියඅසූවක මුදලක් වෙන් කොට ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. පවතින වසංගත තත්ත්වයෙන් රට මුදා ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත්වීම මත මෙම මුදල් වෙන්කිරීම සිදුවන බව අය වැය පිළිබදව දැනුවත් කිරීම සඳහා මහනුවර කුණ්ඩසාලේ දී පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව…

තද වැසි නිසා කළුතර මාර්ග රැසක් ජලයෙන් යටවේ.
|

තද වැසි නිසා කළුතර මාර්ග රැසක් ජලයෙන් යටවේ.

ඇදහැලෙන  ධාරානිපාත වර්ෂාවත් සමග කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයක මාර්ග සහ අතුරු මාර්ග කීපයක් අද (05) දහවල් වනවිට ජලයෙන් යටව ගමනා ගමනයට බාධා එල්ලවි තිබණි. මතුගම  – ,වළල්ලාවිට මාර්ගයේ වෙදවත්ත  ප්‍රදේශය ජලයෙන් යටව ගමනා ගමනයට බාධා එල්ලවි තිබිණි. පාලින්දනුවර,  අගලවත්ත  වළල්ලාවිට  සහ බුලත්සිංහල ඇතුළු ප්‍රදේශ කීපයක පහත් බිම් ජලයෙන් යටව තිබිණි. කළුතර දිස්ත්‍රික්කයේ ගංගා රැසක ජල…

ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක්

ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක්

ප්‍රථම වතාවට සම්පාදනය කරන ලද ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ලබන සතියේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය. කොළඹදී රැස්වූ ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති සම්පාදක මණ්ඩලය එම ප්‍රකාශනයේ සිංහල හා ඉංග්‍රීසි පිටපත් කෘෂිකර්ම අමාත්‍යවරයාට භාරදී තිබේ. යැපුම් ආර්ථිකය වෙනුවට නිෂ්පාදන ආර්ථිකයක් කරා රට මෙහෙයවීමේදී කෘෂිකර්ම අමාත්‍යාංශයට පුළුල් කාර්යභාරයක් පැවරෙන බව මෙහිදී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා…

අදුරු වලාවන් මැද රීදී රේඛාවන් සොයා යාම
| |

අදුරු වලාවන් මැද රීදී රේඛාවන් සොයා යාම

ලෝක සිවිල් ව්‍යාපාරයට මෙන්ම, ලංකාවේ සිවිල් ව්‍යාපාරයට ඉතා විශාල ඉතිහාසයක් තිබේ. මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතාට අනුව 1912-1915 කාලයේ පැවති අමධ්‍යප ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ ඇරඹි පැරණිතම සිවිල් ව්‍යාපාරය ලෙස සදහන් කර තිබේ. ඉන් පසුව වෘත්තීය සමිති ව්‍යාපාරයත්, 1971 කැරැල්ලෙන් පසුව ඇති වූ සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයත්, ජාතීන් අතර යුක්තිය හා සාමය ඇති කිරීමේ ව්‍යාපාරය (MIRJE), ප්‍රජාතන්ත්‍රීය අයිතින්…

මෙරට මුහුදු ජලයෙන් පානීය ජලය
|

මෙරට මුහුදු ජලයෙන් පානීය ජලය

වසර ගණනාවක් පුරා උතුරේ ජනතාව මුහුණ දුන් පානීය ජල ගැටළුවට ස්ථිරසාර විසඳුමක් ලෙස මුහුදු ජලයෙන් පානීය ජලය ලබාගැනීමේ දැවැන්ත ව්‍යාපෘතිට එළඹෙන ඔක්තෝම්බර් 06 වන දා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා, උතුරුකරයේ ජීවත් වන අපගේ සහෝදර ජනතාව වසර ගණනාවක් පරම්පරා ගණනාවක් මුළුල්ලේ…

තලෙයිබාන් රජය මාධ්‍ය නිදහස සීමාකර ඇතැයි චෝදනා

තලෙයිබාන් රජය මාධ්‍ය නිදහස සීමාකර ඇතැයි චෝදනා

ඇෆ්ගනිස්තානයේ නව තලෙයිබාන් රජය ජනමාධ්‍ය නිදහස සීමා කර ඇතැයි හියුමන් රයිට් වොච් සංවිධානයේ ආසියානු කළාප අධ්‍යක්ෂිකා පැටී‍්‍රෂියා ගොස්මන් මහත්මිය පවසයි. නව රජයේ තොරතුරු හා සංස්කෘතික ඇමැතිවරයා පනවා ඇති මාධ්‍ය නීති අනුව යම් පුවතක් පළ කළ හැක්කේ ආණ්ඩුව තහවුරු කළ පුවත් පමණි. මෙම මාධ්‍ය නියාමනයන් මානව හිමිකම් උල්ලංඝණයක් මෙන්ම ජනමාධ්‍ය නිදහස සීමා කිරීමක් බවද ඇය පවසයි.

ලොව විශාලතම භාණ්ඩ ප‍්‍රවාහන නෞකාව කොළඹ වරායට
| |

ලොව විශාලතම භාණ්ඩ ප‍්‍රවාහන නෞකාව කොළඹ වරායට

ලොව විශාලතම භාණ්ඩ ප‍්‍රවාහන නෞකාව වන ‘එවර් ඒස්’ නෞකාව හෙට කොළඹ වරායට පැමිණේ. අඩි 20 ක දිගින් යුතු විශාල බහාලූම් 24000 ක් එවර් ඒස් නෞකාව තුළ එකවර ප‍්‍රවාහනය කිරීමේ හැකියාව තිබේ. කොරියානු රාජ්‍යයේ නිෂ්පාදනය කර ඇති එවර් ඒස් නෞකාව දිගින් මීටර් 400 ක් සහ පළලින් මීටර් 61.5 වශාලත්වයෙන් යුතු වේ.

වතුකරයට ඉන්දියාවෙන් නිවාස 1235 ක්!
|

වතුකරයට ඉන්දියාවෙන් නිවාස 1235 ක්!

ඉංදියානු රජයේ මුල්‍ය ආධාර මත වතු කරයේ වතු කම්කරුවන් සදහා ඉදිකරන ලද නව නිවාස 1235ක් අදාල ප්‍රතිලාභින්ට නිල වශයෙන් ලබා දිම ඊයේ ( 04)  විඩියෝ තාක්ෂනය ඔස්සේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්  සිදු කරන ලදි. පසු ගිය පාලන සමයේ මෙම නිවාස ඉදි කිරිම් ආරම්භ කලද සමහර නිවසවල වැඩ කටයුතු නිසි ලෙස නිම නොවිමත් සමග එම…

ද්විත්ව දුම්රිය මාර්ග කිහිපයක් මෙම වසරේදී

ද්විත්ව දුම්රිය මාර්ග කිහිපයක් මෙම වසරේදී

ද්විත්ව දුම්රිය මාර්ග කිහිපයක් මෙම වර්ෂය නිමවීමට පෙර ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. ඒ අනුව සරසවි උයන සිට මහනුවර දක්වා ද්විත්ව දුම්රිය මාර්ගයක් ඉදිකරන බවත් එහි ඉදිකිරීම් මෙම වර්ෂය නිමවීමට පෙර ආරම්භ කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. එම වැඩපිළිවෙල තුළින්  වාහන තදබදයකින් තොරව දුම්රිය ඔස්සේ මහනුවරට ප්‍රවේශ විය…

ATM කඩා පොලිස් දැලේ
|

ATM කඩා පොලිස් දැලේ

රාජ්‍ය හා පෞද්ගලික බැංකු වල ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ගෑස් කටරයක් භාවිතා කර බිදිමින් මුදල් සොරා ගැනීමේ නිරතවූ දිවයිනේ ප්‍රසිද්ධ පෞද්ගලික සමාගමක රියදුරෙකු පොලොන්නරුව මින්නේරියේ සිදුකළ ලක්ෂ හැත්තෑවක සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව මේ මස (18දා)දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනා ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා (04දා)නියෝග කළේය….