ශ්‍රී ලංකාවට පැන වූ ක්‍රිකට් තහනම තවදුරටත්

cricket

ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම තව දුරටත් පවත්වාගෙන යාමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. අහමදාබාද්හි අද (21) පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට ගත් තීරණය ඉවත් කළ නොහැකි බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඒකමතිකව තීරණය කර ඇති බව සඳහන්. ලබන වසරේ දී (2024) මෙරට දී පැවැත්වීමට නියමිත ව තිබූ 19 න් පහළ ලෝක කුසලානය පැවැත්වීමේ ස්ථානය වෙනස් කර තිබේ. මෙම වෙනස් කිරීමෙන් සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමි ව ඇති බවයි වාර්තා වෙයි.…

Read More

නව පොල් ත්‍රිකෝණයක්

dailyreporter

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පොල් පැළ ලක්ෂයක් රෝපණය කරමින් නව පොල් ත්‍රිකෝණයක් ස්ථාපිත කිරීමට පොල් සංවර්ධන මණ්ඩලය විසින් තීරණය කර තිබේ. ඒ අනුව රන්න, වීරකැටිය හා වළස්මුල්ල යන ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් මෙම නව පොල් ත්‍රිකෝණය ස්ථාපිත කිරීමේ කටයුතු මේ වනවිට සිදු කෙරේ. ඒ අනුව ගොවි ජනතාවට තම ගෙවතුවල පොල් පැළ රෝපණය සඳහා එක් නිවසකට පොල් පැළ 05ක් බැගින් ලබා දීමට කටයුතු යොදා ඇත. මෙම නව පොල් ත්‍රිකෝණය සඳහා ගොවින්ට පොල් පැළ බෙදා දීම පසුගිය දින දෙක තුළ කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. මෙරට පොල් වගාව…

Read More

පෙළඹවීම සඳහා Ethos, pathos සහ logos

Ethos, pathos සහ logos යනු ග්‍රාහකයන්ට පණිවුඩයක් ඒත්තු ගැන්වීමට භාවිතා කරන භාෂාත්මක ක්‍රම තුනකි. ඵලදායී සන්නිවේදනය සඳහා ඒවා වැදගත් මෙවලම් වේ. Ethos ප්‍රේක්ෂකයන්ගේ ආචාර ධර්ම හෝ සදාචාරය පිළිබඳ හැඟීමට ආයාචනා කරයි. එය කථිකයාගේ විශ්වසනීයත්වය හෝ අධිකාරිය මත පදනම් වේ. නිදසුනක් වශයෙන්, වෛද්‍යවරයෙකුට ඔවුන්ගේ වෛද්‍ය ප්‍රවීණත්වය උපුටා දක්වමින් යම් ඖෂධයක් ගැනීමට ප්‍රේක්ෂකයින් ඒත්තු ගැන්වීමට සදාචාරය භාවිතා කළ හැකිය. උදා: “මම වෛද්‍යවරයෙක්, මම වසර 20 ක් තිස්සේ වෛද්‍ය විද්‍යාවේ යෙදී ඉන්නවා. මෙම ඖෂධයේ ප්‍රතිලාභ මම හොඳින් දන්නවා, එය ඔබගේ තත්වය සඳහා හොඳම ප්‍රතිකාරය බව මම විශ්වාස කරනවා.” Pathos ප්‍රේක්ෂකයන්ගේ හැඟීම්වලට ආයාචනා කරයි.…

Read More

ලෝක ප්‍රකට Nas Daily ලංකාවට ඇවිත් කරන්න යන දේ

nas-daily

ෆේස්බුක්හි මිලියන 22ක පමණ ප්‍රේක්ෂක ප්‍රේක්ෂක පිරිසක් සිටින ව්ලොග් ශිල්පියෙකු වන නාස් ඩේලි (Nas Daily) සමග සංචාරක ප්‍රවර්ධන අධිකාරිය ගිවිසුමකට එළඹ ඇතැයි සංචාරක හා ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු පවසයි. සිය X ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත. එහි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, මෙරට සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන විශේෂ වීඩියෝ තුනක් නිෂ්පාදනය කිරීම සඳහා අදාළ ගිවිසුමට එළඹි බව ය. This Is Made Of POOP, My Biggest Money Mistake සහ The Keyboard Warrior ආදී වශයෙන් ඔහු මීට පෙර ශ්‍රී ලංකාව සම්බන්ධ වීඩියෝ කිහිපයක් ද නිර්මාණය කර තිබිණි. ඊට අමතරව 2020 වසරේදී නාස්…

Read More

වලේ වැටුන ආජන්ටිනාව ගොඩ එන්නට අළුත් ඉනිමගක් සොයාගනී

dailyreporter.lk

ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණදෙමින් සිටිනා ආර්ජන්ටිනාව ඊයේ නව ජනාධිපතිවරයෙක් බලයට පත්කර ගත්තේය.දකුණු ඇමරිකාවේ තුන්වන විශාලතම ආර්ථිකය ඇති ආර්ජන්ටිනාව බරපතල ආර්ථික අර්බුදයකට ලක්ව සිටිනා අතර, එරට උද්ධමනය 143% දක්වා ඉහළ ගොස් තිබේ. රූපවාහිනි ටෝක්ෂෝ ඉදිරිපත් කරන්නෙක් ලෙස තරුණ ප්‍රජාව අතර බෙහෙවින් ජනප්‍රිය අන්ත දක්ෂිනාංශිකයෙක් මත ධා‍රියෙක් වන ජේවියර් මිලෙයි එරට නව ජනාධිපතිවරයා ලෙස පත්ව ඇති අතර, ඔහු සමග තරග කළ ආර්ථික විද්‍යා අමාත්‍ය සර්ජියෝ මැසා මැතිවරණයේ දෙවෙනි වටයේදී සිය පරාජය පිළිගත් බව වාර්තා වෙයි. එරට මුදල් ඒකකය වන පෙසෝ වෙනුවට එක්සත් ජනපද ඩොලරය භාවිත කරනා බවත්, රජයේ වියදම් කප්පාදු කරනා…

Read More