ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා වෘත්තීය සමිති අද රැස්වෙයි

ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා වෘත්තීය සමිති අද රැස්වෙයි

වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සහ සියලු අංශ නියෝජිතයින්ගේ විශේෂ රැස්වීමක් අද (03) පැවැත්වෙයි. අද පස්වරු 3ට මෙම සාකච්ඡාව පැවැත්වෙන අතර ඊට වෘත්තීයවේදීන්ගේ සංගමය නියෝජනය කරන සියලු පාර්ශව සහභාගී වීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව රජයේ නව බදු ප්‍රතිසංස්කරණවලට එරෙහිව ගෙන ඇති වෘත්තීය ක්‍රියාමාර්ග සහ යෝජිත නව ත්‍රස්ත මර්දන පනත සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව…

රජයේ සේවකයන්ට සුබ ආරංචියක්.. මාසික වැටුප සහ අමතරව දීමනාවක්

රජයේ සේවකයන්ට සුබ ආරංචියක්.. මාසික වැටුප සහ අමතරව දීමනාවක්

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කෑගල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රජයේ සේවකයන්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් කරුණු දැක්වූවා. රජයේ මුදල් ප්‍රවාහයේ බර නොතකා රජයේ සේවකයන්ට අප්‍රේල් 10 වැනිදා වන විට වැටුප් ගෙවන බවත් වසර අවසන් වන විට රජයේ සේවකයන්ට විශේෂ දීමනා ලබාදෙන බවත් රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මෙසේද…

ගුවනේ නියමු පියා ගුවනට සමු දෙයි
|

ගුවනේ නියමු පියා ගුවනට සමු දෙයි

වසර 40 කට අධික සේවා කාළයක් සම්පූර්ණ කළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨතම ගුවන් නියමුවෙකු වන උත්පල කුමාරසිංහ මහතා සිය අවසන් පියාසැරිය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් සිය සේවයෙන් සමු ගැනීමට (31) දින දහවල් පියවර ගෙන තිබුණි. ඔහු තම අවසන් පියාසැරිය සදහා තම පුත් රහල් කුමාරසිංහ මහතා සහායක ගුවන් නියමුවා ලෙස සහභාගී කර ගෙන තිබීම…

parli
|

ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත මේ මසදී මැති සබයට

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට අලුතින් සකස් කෙරෙන ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත මේ මස ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. මහජන සංවිධාන ඇතුළු අදාළ පාර්ශව සමඟ සාකච්ඡා කර එම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ.

චීනය, ඉන්දියාව හා ජපානය යන රටවල් වලින් මෙරටට දැවැන්ත ඉන්ධන පිරිපහදු දෙකක්

චීනය, ඉන්දියාව හා ජපානය යන රටවල් වලින් මෙරටට දැවැන්ත ඉන්ධන පිරිපහදු දෙකක්

චීනය, ඉන්දියාව හා ජපානය යන රටවල් ත්‍රිකුණාමලයේ හා හම්බන්තොට අලුතින් ඉන්ධන පිරිපහදු දෙකක් ආරම්භ කිරීමට තීරණය කර ඇත. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි හැට එක සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ එක් පියවරක් ලෙස ඉන්දියාව නව තෙල් පිරිපහදුවක් ආරම්භ කිරීමට තීරණය කර ඇති අතර සිංහල අලුත් අවුරුද්දෙන් පසුව ඇරඹෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ඉන්දීය සංචාරයේදී ඒ සම්බන්ධව වැදගත් තීරණ ගැනීමට…

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පැරදුණ විදිය හරිම වේදනාත්මකයි
|

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පැරදුණ විදිය හරිම වේදනාත්මකයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින තරගාවලි පරාජයේ වැඩි වගකීමක් පිතිකරුවන්ට බැර වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු නවීඩ් නවාස් පවසයි. නවසීලන්තය සමග පැවති එක්දින හා ටෙස්ට් තරගාවලිය පරාජය වීමට වඩා එම තරගාවලිය කණ්ඩායමක් වශයෙන් පරාජය වූ ආකාරය ඉතාමත් වේදනාත්මක බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු නවීඩ් නවාස් කියා සිටියි. නවසීලන්තය සමග පැවති දෙවැනි එක්දින තරගයෙන් ද…

nandalal
|

මහ බැංකුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම අරඹයි.!

එරට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම අනුමත වීමෙන් පසු ශ්‍රී ලංකාවේ වානිජ ණය හිමියන් යාවත්කාලීන කිරීමේ සැසියක් ඊයේ (30) දින පැවැත්විණ. දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය සඳහා අවශ්‍ය වැඩ කටයුතු එළඹෙන මාසයේ ආරම්භ කරන බවත් එය මැයි මාසය වන විට අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද මහ බැංකු සහ භාණ්ඩාගාර ප්‍රධානීන් ණය හිමියන් වෙත මහ බැංකු අධිපති…

food

ආර්ථික අර්බුදයෙන් රටේ 86% කගේ ආහාර රටාව බිඳ වැටේ

2022 ආර්ථික අර්බුදය උත්සන්න වීමත් සමඟ රටේ ජනගහනයෙන් සියයට 86 ක් ආහාර සඳහා යොදා ගන්නා අයිතමයන්ගේ ප්‍රමාණය අඩු කර ඇතැයි නවතම සමීක්ෂණයකින් අනාවරණ වී තිබේ. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනය මෑතකදී සිදුකළ පර්යේෂණ කිහිපයක වාර්තා එළි දක්වමිනුයි මෙම කරුණු අනාවරණ කර ඇත්තේ. එම පර්යේෂණ වාර්තාවට අනුව රටේ ජනගහනයෙන් තවත් සියයට 75 ක්…

තුන් වැනි චාල්ස් රජු ෆෙඩරල් පාර්ලිමේන්තුව අමතයි
|

තුන් වැනි චාල්ස් රජු ෆෙඩරල් පාර්ලිමේන්තුව අමතයි

තුන් වැනි චාල්ස් රජු ජර්මානු බුන්ඩස්ටැගය හෙවත් ෆෙඩරල් පාර්ලිමේන්තුව ඇමතූ අතර එවැන්නක් කළ පළමු බ්‍රිතාන්‍ය රජ බවට ඔහු පත් විය. රජු සිය කතාවේ දී පසුගිය සැප්තැම්බරයේ අභාවප්‍රාප්ත වූ තම මව් රාජිනිය ජර්මනිය කෙරෙහි දැක් වූ ආදරයත් ඇගේ අභාවය සමග ජර්මානු වැසියන්ගේ උපහාර ඇය වෙත ලැබුණු ආකාරය ද විස්තර කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ….

ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40000කගේ සබඳතා විසන්ධි කෙරේ

ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40000කගේ සබඳතා විසන්ධි කෙරේ

මාස කිහිපයක් ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40,000කගේ ජල සබඳතා විසන්ධි කිරීමට කටයුතු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. බිල්පත් නොගෙවූ පිරිස අතර මැති ඇමතිවරුන්,රාජ්‍ය ආයතන,ව්‍යාපාරික ස්ථාන හා ගෘහස්ථ පාරිභෝගිකයින්ගෙන් රජයට අයවිය යුතු මුදල රුපියල් මිලියන 1600ක් වන අතර බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින්ගෙන් 15000 කට එරෙහිව නඩු පැවරීමට ද ජල සම්පාදන මණ්ඩලය අපේක්ෂා කරයි….