කටුනායකට පැය 24ම එන්නත්කරණ මධ්‍යස්ථානයක්
අද (07) සිට ක්‍රියාත්මක වන පරිදි කටුනායක ගුවන්තොටුපොළේ එන්නත්කරණ මධ්‍යස්ථානයක් පිහිටුවා ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි. ඒ අනුව විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන පළමු, දෙවන හෝ බූස්ටර් එන්නත් මාත්‍රා ලබා නොගත් ශ්‍රී ලාංකිකයන්ට එම ස්ථානයෙන් එන්නත ලබාගත හැකිය. එහිදී දෙනු ලබන්නේ ෆයිසර් එන්නත බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පැවසීය. එම එන්නත්කරණ මධ්‍යස්ථානය කටුනායක…









