චීන සංචාරකයන් මිලියනයක් ශ්‍රී ලංකාවට
චීන සංචාරක ක්‍රියාකරුවන් සහ රාජ්‍ය නොවන පාරිසරික සංවිධාන රැසක් සහභාගී වූ නගර නවීකරණ හා සංවර්ධන සමුළුව ඇමතූ තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා, අවම වශයෙන් චීන සංචාරකයන් මිලියනයක් හෝ ශ්‍රී ලංකාව වෙත යොමු කරන ලෙස ඉල්ලමින් චීන සංචාරක කණ්ඩායම් දිරිමත් කළේය. ශ්‍රී ලංකාව සතු විසල් වන වැස්ම, 7000 ක් පමණ වූ වන අලි ගහණය, ආසියාවේ ඉහළම…
සිසුන් 200ට අඩු පාසල් 3000ක් 21 දා ඇරඹෙයි
සිසුන් 200 ට අඩු පාසල් වල ප්‍රාථමික අංශ (1 – 5 ශ්‍රේණි) 2021 ඔක්තෝබර් මස 21 දින ආරම්භ කිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. මේ අනුව පළමු අදියර තුළ ආරම්භ කෙරෙන පාසල් සංඛ්‍යාව 3000 කි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය රෙගුලාසි හා පාසල් සෞඛ්‍ය මාර්ගෝපදේශ මත මෙම පාසල් ආරම්භ කිරීම සිදුවේ.
යෝහානි ගැන බ්‍රේකින් නිවුස් ඉන්දියාවෙන්
ඉන්දීය අගමැතිගේ සිට යෝහානිට ලැබුණු තෑගි එරට බ්‍රේකින් නිවුස් එකක් ද පුවත්පත් වල ප්‍රධාන පුවතක් වෙමින් ද නිතරම ඇය ගැන මාධ්‍ය වාර්තා පළවූ විය. ගෙවුණු සතියේදී ඉන්දියාවම පෙරළියක් ඇති කිරීමට යෝහානි සමත් වීය. තව ද තෙවන ප්‍රසංගය දා මැණිකේ මගේ ගීතය නැවත නැවත ගයන්න ඉල්ලමින් ජනප්‍රිය නළුවෙක් සංවිධායකවරුන් සමඟ ද ආරවුලක් ඇති කර ගෙන තිබු…
ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක්
ප්‍රථම වතාවට සම්පාදනය කරන ලද ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති ප්රකාශනය ලබන සතියේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය. කොළඹදී රැස්වූ ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති සම්පාදක මණ්ඩලය එම ප්රකාශනයේ සිංහල හා ඉංග්‍රීසි පිටපත් කෘෂිකර්ම අමාත්‍යවරයාට භාරදී තිබේ. යැපුම් ආර්ථිකය වෙනුවට නිෂ්පාදන ආර්ථිකයක් කරා රට මෙහෙයවීමේදී කෘෂිකර්ම අමාත්‍යාංශයට පුළුල් කාර්යභාරයක් පැවරෙන බව මෙහිදී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා…
අදුරු වලාවන් මැද රීදී රේඛාවන් සොයා යාම
ලෝක සිවිල් ව්‍යාපාරයට මෙන්ම, ලංකාවේ සිවිල් ව්‍යාපාරයට ඉතා විශාල ඉතිහාසයක් තිබේ. මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතාට අනුව 1912-1915 කාලයේ පැවති අමධ්‍යප ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ ඇරඹි පැරණිතම සිවිල් ව්‍යාපාරය ලෙස සදහන් කර තිබේ. ඉන් පසුව වෘත්තීය සමිති ව්‍යාපාරයත්, 1971 කැරැල්ලෙන් පසුව ඇති වූ සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයත්, ජාතීන් අතර යුක්තිය හා සාමය ඇති කිරීමේ ව්‍යාපාරය (MIRJE), ප්රජාතන්ත්රීය අයිතින්…
මෙරට මුහුදු ජලයෙන් පානීය ජලය
වසර ගණනාවක් පුරා උතුරේ ජනතාව මුහුණ දුන් පානීය ජල ගැටළුවට ස්ථිරසාර විසඳුමක් ලෙස මුහුදු ජලයෙන් පානීය ජලය ලබාගැනීමේ දැවැන්ත ව්‍යාපෘතිට එළඹෙන ඔක්තෝම්බර් 06 වන දා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා, උතුරුකරයේ ජීවත් වන අපගේ සහෝදර ජනතාව වසර ගණනාවක් පරම්පරා ගණනාවක් මුළුල්ලේ…
තලෙයිබාන් රජය මාධ්‍ය නිදහස සීමාකර ඇතැයි චෝදනා
ඇෆ්ගනිස්තානයේ නව තලෙයිබාන් රජය ජනමාධ්‍ය නිදහස සීමා කර ඇතැයි හියුමන් රයිට් වොච් සංවිධානයේ ආසියානු කළාප අධ්‍යක්ෂිකා පැටී්රෂියා ගොස්මන් මහත්මිය පවසයි. නව රජයේ තොරතුරු හා සංස්කෘතික ඇමැතිවරයා පනවා ඇති මාධ්‍ය නීති අනුව යම් පුවතක් පළ කළ හැක්කේ ආණ්ඩුව තහවුරු කළ පුවත් පමණි. මෙම මාධ්‍ය නියාමනයන් මානව හිමිකම් උල්ලංඝණයක් මෙන්ම ජනමාධ්‍ය නිදහස සීමා කිරීමක් බවද ඇය පවසයි.
ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන නෞකාව කොළඹ වරායට
ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන නෞකාව වන ‘එවර් ඒස්’ නෞකාව හෙට කොළඹ වරායට පැමිණේ. අඩි 20 ක දිගින් යුතු විශාල බහාලූම් 24000 ක් එවර් ඒස් නෞකාව තුළ එකවර ප්‍රවාහනය කිරීමේ හැකියාව තිබේ. කොරියානු රාජ්‍යයේ නිෂ්පාදනය කර ඇති එවර් ඒස් නෞකාව දිගින් මීටර් 400 ක් සහ පළලින් මීටර් 61.5 වශාලත්වයෙන් යුතු වේ.







