මෙරට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 3 ඉක්මවයි
මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 3 ඉක්මවා තිබේ. ඊයේ දිනයේ අලුතින් ආසාදිතයින් 1,380ක් වාර්තා වූ අතර ඒ සමග සමස්ත ආසාදිතයින් ගණන තුන්ලක්ෂ එක්දහස් දෙසිය හැත්තෑ දෙකක් දක්වා ඉහළ ගොස් ඇත. ඊයේ දිනයේ සුවය ලැබූ ආසාදිතයින් ගණන 1,499 කි.








