කොවිඩ් ආසාදිත ලැයිස්තුවේ තෙවන තැන ඉන්දියාවට
ඉන්දියාව කොවිඩ් නයින්ටීන් ආසාදිත ලැයිස්තුවේ තෙවන ස්ථානයට පත්ව ඇත. ඒ රුසියාව අභිබවා ගොසින්ය. ඊයේ (05) ආසාදිතයන් 24,000කට ආසන්න සංඛ්‍යාවක් ඉන්දියාවෙන් හඳුනා ගෙන තිබෙන බව විදෙස් වාර්තා පවසයි. ඒ අනුව සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ ගණන හත් ලක්ෂයකට ආසන්න වී ඇති බව සඳහන්. ඉන්දියාව තුළ අද වන විට සිදුව ඇති සමස්ත මරණ ගණන 19,700කි.









