ගුවනේ නියමු පියා ගුවනට සමු දෙයි
|

ගුවනේ නියමු පියා ගුවනට සමු දෙයි

වසර 40 කට අධික සේවා කාළයක් සම්පූර්ණ කළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨතම ගුවන් නියමුවෙකු වන උත්පල කුමාරසිංහ මහතා සිය අවසන් පියාසැරිය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් සිය සේවයෙන් සමු ගැනීමට (31) දින දහවල් පියවර ගෙන තිබුණි. ඔහු තම අවසන් පියාසැරිය සදහා තම පුත් රහල් කුමාරසිංහ මහතා සහායක ගුවන් නියමුවා ලෙස සහභාගී කර ගෙන තිබීම…

parli
|

ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත මේ මසදී මැති සබයට

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට අලුතින් සකස් කෙරෙන ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත මේ මස ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. මහජන සංවිධාන ඇතුළු අදාළ පාර්ශව සමඟ සාකච්ඡා කර එම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ.

චීනය, ඉන්දියාව හා ජපානය යන රටවල් වලින් මෙරටට දැවැන්ත ඉන්ධන පිරිපහදු දෙකක්

චීනය, ඉන්දියාව හා ජපානය යන රටවල් වලින් මෙරටට දැවැන්ත ඉන්ධන පිරිපහදු දෙකක්

චීනය, ඉන්දියාව හා ජපානය යන රටවල් ත්‍රිකුණාමලයේ හා හම්බන්තොට අලුතින් ඉන්ධන පිරිපහදු දෙකක් ආරම්භ කිරීමට තීරණය කර ඇත. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි හැට එක සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ එක් පියවරක් ලෙස ඉන්දියාව නව තෙල් පිරිපහදුවක් ආරම්භ කිරීමට තීරණය කර ඇති අතර සිංහල අලුත් අවුරුද්දෙන් පසුව ඇරඹෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ඉන්දීය සංචාරයේදී ඒ සම්බන්ධව වැදගත් තීරණ ගැනීමට…

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පැරදුණ විදිය හරිම වේදනාත්මකයි
|

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පැරදුණ විදිය හරිම වේදනාත්මකයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින තරගාවලි පරාජයේ වැඩි වගකීමක් පිතිකරුවන්ට බැර වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු නවීඩ් නවාස් පවසයි. නවසීලන්තය සමග පැවති එක්දින හා ටෙස්ට් තරගාවලිය පරාජය වීමට වඩා එම තරගාවලිය කණ්ඩායමක් වශයෙන් පරාජය වූ ආකාරය ඉතාමත් වේදනාත්මක බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු නවීඩ් නවාස් කියා සිටියි. නවසීලන්තය සමග පැවති දෙවැනි එක්දින තරගයෙන් ද…

nandalal
|

මහ බැංකුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම අරඹයි.!

එරට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම අනුමත වීමෙන් පසු ශ්‍රී ලංකාවේ වානිජ ණය හිමියන් යාවත්කාලීන කිරීමේ සැසියක් ඊයේ (30) දින පැවැත්විණ. දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය සඳහා අවශ්‍ය වැඩ කටයුතු එළඹෙන මාසයේ ආරම්භ කරන බවත් එය මැයි මාසය වන විට අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද මහ බැංකු සහ භාණ්ඩාගාර ප්‍රධානීන් ණය හිමියන් වෙත මහ බැංකු අධිපති…

තුන් වැනි චාල්ස් රජු ෆෙඩරල් පාර්ලිමේන්තුව අමතයි
|

තුන් වැනි චාල්ස් රජු ෆෙඩරල් පාර්ලිමේන්තුව අමතයි

තුන් වැනි චාල්ස් රජු ජර්මානු බුන්ඩස්ටැගය හෙවත් ෆෙඩරල් පාර්ලිමේන්තුව ඇමතූ අතර එවැන්නක් කළ පළමු බ්‍රිතාන්‍ය රජ බවට ඔහු පත් විය. රජු සිය කතාවේ දී පසුගිය සැප්තැම්බරයේ අභාවප්‍රාප්ත වූ තම මව් රාජිනිය ජර්මනිය කෙරෙහි දැක් වූ ආදරයත් ඇගේ අභාවය සමග ජර්මානු වැසියන්ගේ උපහාර ඇය වෙත ලැබුණු ආකාරය ද විස්තර කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ….

ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40000කගේ සබඳතා විසන්ධි කෙරේ

ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40000කගේ සබඳතා විසන්ධි කෙරේ

මාස කිහිපයක් ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40,000කගේ ජල සබඳතා විසන්ධි කිරීමට කටයුතු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. බිල්පත් නොගෙවූ පිරිස අතර මැති ඇමතිවරුන්,රාජ්‍ය ආයතන,ව්‍යාපාරික ස්ථාන හා ගෘහස්ථ පාරිභෝගිකයින්ගෙන් රජයට අයවිය යුතු මුදල රුපියල් මිලියන 1600ක් වන අතර බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින්ගෙන් 15000 කට එරෙහිව නඩු පැවරීමට ද ජල සම්පාදන මණ්ඩලය අපේක්ෂා කරයි….

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු කඩිනමින් විසඳීම රජයේ අපේක්ෂාවයි
|

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු කඩිනමින් විසඳීම රජයේ අපේක්ෂාවයි

රටේ මූල්‍ය තත්ත්වය යහපත් වීමත් සමඟ, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු සඳහා ද පියවරෙන් පියවර විසඳුම් ලබාදීමට කටයුතු කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ ඉදිකිරීම් ක්ෂේත්‍රය නඟා සිටුවීම සඳහා පොලී අනුපාත සහ බැංකු ප්‍රතිසාධන ක්‍රියාමාර්ග පිළිබඳ ක්‍රියාකාරී කමිටුව…

ඛනිජ තෙල් වෘත්තීය සමිති මානව හිමිකම් යයි

ඛනිජ තෙල් වෘත්තීය සමිති මානව හිමිකම් යයි

වර්ජනයක නිරත වූ ඛනිජ තෙල් වෘත්තීය සමිති නායකයින් අනිවාර්ය නිවාඩු යැවීමේ තීරණයට එරෙහිව අද (30) පස්වරුවේ මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසයි. ඔවුන් සඳහන් කළේ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ගෙන ඇති එම තීරණය ප්‍රජාතන්ත්‍ර විරෝධී බවයි. ඉන්ධන බෙදා හැරීමට බාධා කළ බවට චෝදනා කරමින් වෘත්තීය සමිති…

donal trump
|

රුසියානු යුක්රේන අර්බුදය පැය 24න් අවසන් කරන බවට ට්‍රම්ප් ගෙන් දැනුම්දීමක්

තමන්ට පැය 24ක් තුළ යුක්රේන රුසියා අර්බුදය අවසන් කළ හැකි බව ඇමරිකානු හිටපු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් පවසයි. සාම සාකච්ඡා මාර්ගයෙන් මෙම අර්බුදය අවසන් කරන බව ඔහු පැවසුවත් එය සිදු කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව, පැහැදිලි කිරිමක් සිදුකර නොමැති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. ලබන වසරේ ඇමරිකානු ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තෙක් දෙරට අතර යුද්ධය අවසන් නොවී…