putinoil
|

පුටින් ලංකාවටත් ජැක් එකක් ගසයි

ශී‍්‍ර ලංකාවට  ඉතා අඩු මිලකට බොරතෙල් ලබාදීමට පුටින්ගේ රජය තීරණය කර ඇත. රුසියාවට බටහිර රටවල් පනවා ඇති සම්බාධක ශී‍්‍ර ලංකාවට බලපාන්නේ නැති නිසා රුසියාවෙන් තෙල් ලබා ගැනීමට ශී‍්‍ර ලංකාවට හැකිවේ. රුසියාවෙන් අඩු මිලට තෙල් සැපයීමෙන් මෙරට තෙල් මිල ද අඩුකිරීමට රජයට හැකිවනු ඇත.

සෙලෙන්ස්කිගේ සහයට රටවල් කිහිපයක අගමැතිවරු කිව් අගනුවරට
|

සෙලෙන්ස්කිගේ සහයට රටවල් කිහිපයක අගමැතිවරු කිව් අගනුවරට

පෝලන්තය,චෙක් ජනරජය සහ ස්ලොවේකියා රාජ්‍යයන් හි අග‍්‍රාමාත්‍යවරු යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි හමුවීම සඳහා කිව් අගනුවර වෙත පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වෙයි. යුරෝපා සංගමයේ රටවල් යුක්රේනයට දක්වන සහයෝගය පෙන්වීම සඳහා අග‍්‍රාමාත්‍යවරු තිදෙනා  කිව් අගනුවර වෙත පැමිණ ජනාධිපති සෙලෙන්ස්කි හමුවීමට සුදානම්ව සිටී. යුරෝපා කවුන්සිලය නියෝජනය කරමින් අග‍්‍රාමාත්‍යවරු තිදෙනා කිව් අගනුවර වෙත පැමිණෙන බව විදෙස් මාධ්‍ය වාර්තා…

arrack1

මත්පැන් මිල ඉහළට

මත්පැන් නිෂ්පාදන සමාගම් විසින් මත්පැන් මිල ඉහළ දමා තිබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා ප්‍රකාශ කරයි. මත්පැන් නිෂ්පාදන සමාගම් මත්පැන් සහ බියර් වර්ග සියයට 15 සිට සියයට 40 දක්වා පරාසයකින් ඉහළ දමා තිබේ. මෙලෙස මිල ඉහළ දැමූ ලේඛණය පහතින් බලන්න.

elawalu

ලොරි රථ නොමැතිව එළවළු ‌ගොවීන් අමාරුවේ වැටෙයි

ආර්ථික මධ්‍යස්ථානවලට දෛනිකව පිට පළාත්වලින් පැමිණෙන ලොරි සංඛ්‍යාව විශාල ලෙස අඩුවීම හේතුවෙන් සිය එළවළු තොග විකුණාගත නොහැකිව ගොවීහු දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති. ඉන්ධන සපයා ගැනීමේ අපහසුතාව නිසා පිට පළාත් වලින් ලොරි ආර්ථික මධ්‍යස්ථාන වලට නොපැමිණෙන බව එම මධ්‍යස්ථානවල නිලධාරීහු පවසති.

gas

ගෑස් නිකුත් කිරීමත් නවතයි

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් දැනුම්දීමක් ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් කිරීම අද (16) සිට නතර කිරීමට සිදුවන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. ලිට්‍රෝ ගෑස් සමාගමේ කෙරවලපිටියේ අංගණයේ තිබූ ගෑස් තොග ඊයේ (15) පස්වරුව වන විට අවසන් වී ඇත. මේ වන විට ජාත්‍යන්තර මුහුදු සීමාවේ ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් රැගෙන ආ නෞකාවක් නතර කර තිබෙනවා. ගෑස් නැව…

oil

ඛනිජ තෙල් ප්‍රවාහනය නවතී

ඊයේ(15) මධ්‍යම රාත්‍රියේ සිට ඛනිජ තෙල් ප්‍රවාහන කටයුතු වලින් ඉවත් වන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසයි. මෙරට ඛනිජ තෙල් ප්‍රවාහනයේ 80% ක පමණ භාරයක් දරනු ලබන්නේ පෞද්ගලික ටැංකි රථ හිමියන් විසින්. කෙසේ වෙතත් එම ඉල්ලීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අනුකූලතාවක් දක්වා නැහැ. ලංකා ඛනිජ තෙල් සංස්ථාව යටතේ ඇති ඇතැම්…

benthara

බෙන්තොට නගර අලංකරණයට කෝටි 1 ක් වියදම් කරයි

නගර අලංකරණ ව්‍යාපෘතිය යටතේ දකුණු පළාතට පිවිසෙන බෙන්තර ගඟ අසබඩ පාලම් ද්විත්වයට මැදිව ඇති කුඩා බිම් කඩෙහි නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ඉදි කොට ඇති නිර්මාණය ප්‍රමිතියකට නිම කොට නැතැයි බෙන්තොට ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමට එදින සහභාගි වූ සියලුම දෙනා ඒකමතිකව විරෝධය පෑම නිසා ඊයේ(15) දිනට යොදා ගෙන තිබූ විවෘත කිරීමේ කටයුතු කල් දැමීමට සිදු වී…

Elon-Musk-to-Putin

ඇමෙරිකන් බිලියනපති ව්‍යාපාරික ඉලොන් මස්ක් පුටින්ට අභියෝග කරයි

යුක්රේනයේ නිදහස වෙනුවෙන්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ ද්වන්ධ සටනකට තමන් සූදානම් යැයි ඇමෙරිකන් බිලියනපති ව්‍යාපාරික ඉලොන් මස්ක් පවසයි. ඇමෙරිකන් බිලියනපතියා මෙසේ පවසා ඇත්තේ සටනට එන්නැයි රුසියන් ජනාධිපති පුටින්ට ප්‍රසිද්ධියේ අභියෝග කරමිණි. උපතින් දකුණු අප්‍රිකානුවකු වන 50 හැවිරිදි මස්ක් ඇමෙරිකන් පුරවැසියකු වන අතර ඔහු අද ලොව ධනවත්ම පුද්ගලයා ද වෙයි. ‘යුක්රේන යුද්ධය ඉක්මනින් අවසන් කිරීමට,…

slcric
|

ටෙස්ට් තරග දෙකම දින තුනෙන් අවසන් කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ටෙස්ට් තරග 2 කින් යුත් තරඟාවලිය අවසන් වූනේ ඉන්දියාවට එම තරග 2 ම ජය ගනිමින්. එම ටෙස්ට් තරගාවලියේ දක්නට ලැබුණු සුවිශේෂී කරුණක් ලෙස දින පහක් පැවැත්වෙන ඒ ටෙස්ට් තරග දෙකේදිම දින තුනක් ඇතුළත ශ්‍රී ලංකා කණ්ඩායම විසින් අවසන් වීමයි. ශ්‍රී ලංකාව සතු අති දක්ෂම පිතිකරුවන් ක්‍රීඩා කරන කණ්ඩායමේ අවසන් ටෙස්ට්…

bus
|

බස් ගාස්තු සියයට 15 කින් ඉහළට

අද සිට ලංගම සහ පෞද්ගලික බස් ගාස්තු ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවීමත් සමගම ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) නව බස් ගාස්තු ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව අවම ගාස්තුව රු. 20ක් ලෙස දැක්වෙයි. සෙසු ගාස්තු වැඩි වන්නේ සියයට 15 කින්. ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේ මෙතෙක් උපරිම බස් ගාස්තුව වූ රුපියල් 1,303, රුපියල් 1,498…