oman
|

ඕමාන 20 යි විස්ස තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

ඕමානය සමග පැවැති තරග දෙකකින් සමන්විත 20 යි විස්ස ක්‍රිකට් තරගාවලිය දෙකට බින්දුවකින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ දෙවන සහ අවසන් 20 යි විස්ස තරගයෙන් කඩුලු පහක ජයක් අත් කර ගැනීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත් වීමත් සමගයි. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඕමාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී…

arrest search Arrest meaning Arrest synonym arrest records Arrest definition law arrest'' means in crpc Arrest examples how arrest is made police arrest

පොඩි පැටිව අල්ලයි

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින්ට වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් හිටපු සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මාකඳුරේ මධුෂ්ගේ ගෝලයෙකු වන සුජීව රුවන් කුමාර නොහොත් පොඩි පැටි අත්අඩංගුවට ගෙන තිබේ. කළුතර අපරාධ කොට්ඨාසය විසින් ඊයේ(09) අලුයම වැලිපැන්න ප්‍රදේශයේ දී සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත. ඔහුව මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර මේ මස 21වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.

jethawanaya

ඓතිහාසික ජේතවන පුදබිමත් බැකෝ කරයි

අනුරාධපුර ඓතිහාසික ජේතවන ස්තූප පුදබිමේ උතුරු දොරටුව ප්‍රදේශය  බැකෝ යන්ත්‍රයක් යොදා හාරා පස් ඉවත්කර බරපතළ හානියක් කර තිබේ. ස්තූපයේ උතුරු දොරටුව ආසන්නයේ අඩි දෙකහමාරක් තුනක් පමණ ගැඹුරට බැකෝ යන්ත්‍ර මගින් හෑරීම නිසා භූගත ස්මාරකවල කොටස් ගැලවී එම පැරණි ගඩොල් කැබලි මතු වී ඇති බව පුරාවිද්‍යා නිලධාරීහු පවසති. ගෞතම බුදුන් වහන්සේගේ පටී ධාතූන් වහන්සේ තැන්පත් කර…

mark
|

ෆේස්බුක් අධිපති මාර්ක් හඩාවැළපෙයි

සතියක් තුළ දෙවන වරටත් සිදු වූ සිය සමාජ මාධ්‍ය බිඳ වැටීම සම්බන්ධයෙන් ෆෙස්බුක් සමාගම සමාව අයැද සිටිනවා. මෙම සතිය මුලදී සිදු වූ බිඳ වැටීම මෙන් ඊයේ දිනයේදීද පැය දෙකක් ෆේස්බුක් බිඳ වැටුණු අතර අදාළ සිද්ධින් වලට හේතුවී ඇත්තේ එහි පද්ධති සැකසුම් දෝෂයක් බව සඳහන්. මෙවර එම බිඳ වැටීම ඉන්ස්ටග්‍රෑම්, මැසෙන්ජර් සහ වර්ක්ප්ලේස් යන ෆෙස්බුක් සමාගමට…

dumwati

දුම්වැටි සඳහා මිල සූත්‍රයක්

දුම්වැටි සඳහා මිල සූත්‍රයක් සකස් කර තිබෙන බව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පවසනවා. එම මිල සූත්‍රය සෞඛ්‍ය අමාත්‍යවරයාට ඉදිරිපත් කර සාකච්ජා කර දුම්වැටි බදු වැඩි කිරීමට ඉදිරි අයවැයට ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන බවයි ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පැවසුවේ. පසුගිය කාලය තුළ දුම්වැටියේ මිල වැඩි වුවත් අපේක්ෂිත…

milk

කිරිපිටි 355කින් සිමෙන්ති200කින් තිරිඟු පිටි 20කින්

කිරිපිටි, තිරිඟු පිටි, ගෑස් සහ සිමෙන්තිවල පාලන මිල ඉවත් කිරීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. තිරිඟු පිටි, කිරි පිටි, ගෑස් සහ සිමෙන්ති සඳහා මෙතෙක් පැවති පාලන මිල ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලය සහ ජනාධිපතිවරයා අතර ඊයේ පැවති විශේෂ රැස්වීමේදී තීරණය කෙරුණා. ඒ අනුව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය රාජ්‍ය අමාත්‍යවරයා සමඟ අද පෙරවරුවේ සිචුතඝ සාකච්ජාවේදී…

air

එන්නත නොගත් අයටත් ගුවනින් යන්න අවසර

කොවිඩ්-19 වයිරසය වැළැක්වීම සඳහා එන්නත් ලබා නොගත් මගීන් සඳහා ගුවන් යානාවලට පනවා තිබූ මගීන් රැගෙන යාමේ සීමාව ඉවත් කර තිබේ. ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ ප්‍රධානියකු සඳහන් කළේ එන්නත් නොගත් මගීන් රැගෙන යන ගුවන් යානා සඳහා පනවා තිබූ, මගීන් 75 සීමාව ඉවත් කරන ලද බවයි. ඒ අනුව ගුවන් සමාගම්වලට එන්නත් කර ඇති සහ එන්නත්…

samiya
|

ඇදුරා සමග බිරිඳ පැනයයි – සැමියාට රජ මඟුල්

අසනීපයට මතුරන්නට පැමිණි ඇදුරා සමග තම බිරිඳ පැනයාමෙන් සතුටට පත්වූ සැමියකු පිළිබඳව දකුණු පළාතේ පිටිසරබද ගමකින් පසුගියදා වාර්තා විය. වයස අවුරුදු 45ක් පමණ වුවත් එම කාන්තාව ඉතා පැහැපත් තැනැත්තියකි. මීට වසර 20කට පමණ පෙර විවාහ වී ඇති ඇයට ලොකු මහත්වූ දරුවන් තිදෙනකු සිටින අතර ඒ පිළිබඳව තැකීමක් නොකර ඇය තම රූ සපුව  රැක ගැනීම සඳහා…

cricket
|

ශ්‍රී ලංකා – ඕමාන් දෙවන විස්සයි 20 තරඟය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම අතර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන තරඟය අද (09) පැවැත්වීමට නියමිතය. තරඟය මෙරට වේලාවෙන් රාත්‍රී 8.00ට ආරම්භ වේ. දෙවන තරගය අද රාත්‍රී 8ට පැවැත්වීමට නියමිත අතර පළමු තරගයේදී ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් ආබාධයකට ලක්වුණි. ඒ හේතුවෙන් අද තරඟය සඳහා ඔහුගේ සහභාගීත්වය අවිනිශ්චිත බව වාර්තා…

corona crest connect

පළාත් අතර සංචරණය දීර්ඝ වෙයි

කොවිඩ් වසංගතය පාළනය කිරීම සඳහා දැනට ක්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා ඔක්තෝබර් මස 21 වනදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අද පෙරවරුවේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී මේ තීරණයට එළඹි බවයි. අවුරුදු 18 -19වයස් කාණ්ඩයේ පාසල් ළමුන් එන්නත් කිරීම ඔක්තෝම්බර් මස 21 වෙනිදා සිට ආරම්භ…