එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගය අද
|

එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගය අද

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (19) පැවැත්වීමට නියමිතයි.ඒ, සත්කාරක ඉන්දීය කණ්ඩායම සහ ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමගයි. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 2.00ට ආරම්භවීමට නියමිතව තිබේ.තරගය අහමඩාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදි පැවැත්වීමට නියමිතයි.අවසන් මහා තරගය ආරම්භයට පෙර ඉන්දීය ගුවන් හමුදාවේ සූර්ය කිරන් කණ්ඩායම වීසින් ගුවන් සංදර්ශනයක් පැවැත්වීමට සැළසුම් කර තිබේ.

ඕස්ට්‍රේලියාව ඉන්දියාව සමග අවසන් මහා තරගයට

ඕස්ට්‍රේලියාව ඉන්දියාව සමග අවසන් මහා තරගයට

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාව අතර කොල්කටා ඊඩ්න් ගාඩ්න් හිදී  පැවති තරගය කඩුලු 03කින් ජයගැනීමට ඔස්ට්‍රේලියාව සමත්විය. කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකාව මුලින්ම පන්දුවට පහරදුන් අතර ඔවුන් පන්දුවාර 49යි පන්දු 4කදී සියලුදෙනා දැවී ලකුණු 212ක් රැස්කරගත්තේය. ජයග්‍රාහී ලකුණු 213ක ඉලක්කය හඹා ගිය ඔස්ට්‍රේලියාව පන්දුවාර 47යි පන්දු 02ක්…

ශ්‍රී ලංකා ක්‍රිකට් කඩාවැටීම පිටුපස කුමන්ත්‍රණය මෙන්න
| |

ශ්‍රී ලංකා ක්‍රිකට් කඩාවැටීම පිටුපස කුමන්ත්‍රණය මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දෙමින් සිටින ඛේදවාචකය දීර්ඝ කාලයක් විවිධ මට්ටමින් ක්‍රියාත්මක වූ බහුවිධ කුමන්ත්‍රනකාරී වැඩපිළිවෙලක ප්‍රතිඵලයක් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයෙකු ලෙස පසුගිය වසර දෙක හමාරක කාලය තුළ කටයුතු කිරීමේදී අවබෝධ වූ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ක්‍රිකට් තහනමේ තිරය පිටුපස කතාව
|

ක්‍රිකට් තහනමේ තිරය පිටුපස කතාව

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට්හි සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉල්ලීම මත සිදු කළ බව ‘ක්‍රික්ඉන්ෆෝ’ වෙබ් අඩවිය වාර්තා කරයි. මේ වන විටත් ඉන්දියාවට ගොස් ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා මෙම තීරණය ගැනීම සඳහා රැස්වූ කමිටු රැස්වීමට සහභාගී කරවාගෙන ඇති බව ද ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය…

ක්‍රිකට් කණ්ඩායම කටුනායකට
|

ක්‍රිකට් කණ්ඩායම කටුනායකට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කීප දෙනකු ඔවුන් පිළිගැනීම සදහා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්,පුහුණුකරුවන් , භෞතචිකිත්සකයන් ඇතුළු නිලධාරීන් සියලුම දෙනා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ . ඔවුන් වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටව යාම සදහා…

ක්‍රිකට් ආයතනයේ දූෂිත හොරු රැලට ජනාධිපතිතුමාට ළංවීමට ඉඩ නොදිය යුතුයි
| |

ක්‍රිකට් ආයතනයේ දූෂිත හොරු රැලට ජනාධිපතිතුමාට ළංවීමට ඉඩ නොදිය යුතුයි

කවුරුන් හෝ ජනාධිපතිතුමා විනාශ කිරීමට උත්සාහ දරමින් සිටින්නේ යැයි තමාට පෙනෙන බවත් ක්‍රිකට් ආයතනයේ දූෂිත හොරු රැලට ජනාධිපතිතුමාට ළංවීමට ඉඩ නොදිය යුතු බවත් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය. ජනාධිපති කාර්ය මණ්ඩලය ඇතුළෙත් නොයෙකුත් දේවල් සිදුවන බව පැවසූ අමාත්‍යවරයා ඒ ගැන විමර්ශන කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ප්‍රකාශ කළේය. මේ රටේ අමාත්‍යවරයෙකුට…

දිනවන්න හදනවා බැරිනම් යනවා – අර්ජුන
|

දිනවන්න හදනවා බැරිනම් යනවා – අර්ජුන

ශ්‍රී ලංකා ක්‍රිකට් අගාධයට ඇද දමමින් විවිධ වංචා අක්‍රමිකතා සිදුකළ බවට චෝදනා එල්ල වී ඇති ශම්මි ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් වර්තමාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හරිනු ලැබූ ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා, අර්ජුන රණතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් අන්තර් පාලක මණ්ඩලයක් පත්කිරීමට කටයුතු කළේය. ඒ අනුව ෂම්මි ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් පාලක මණ්ඩලය…

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන විමර්ශනයක්
|

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන විමර්ශනයක්

ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව හමුවේ ලද පරාජය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පුහුණුකරුවන්ගෙන් සහ තේරීම් කමිටුවෙන් කරුණු විමසීමට තීරණය කර තිබේ. ඒ ඊයේ නිමාවට පත් වූ එක්දින ක්‍රිකට් ලෝක කුසලානය යටතේ පැවැත්වුණ 33 වැනි තරගය ශ්‍රී ලංකා කණ්ඩායම  පරාජයට පත් වීම හේතුවෙන්. මේ නිසා ඉන්දියාව හමුවේ ලද පරාජය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පුහුණුකරුවන්ගෙන් සහ…

ලෝක කුසලානයේ ශ්‍රී ලංකා – එංගලන්ත තරගය අද
|

ලෝක කුසලානයේ ශ්‍රී ලංකා – එංගලන්ත තරගය අද

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර තරගය බැංගලෝර් එම්. චින්නස්වාමි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (26) පස්වරු 2ට ආරම්භ වේ. එක්දින ලෝක කුසලාන තරගාවලියේ වත්මන් ශූර එංගලන්ත කණ්ඩායම මේ වන විට දරුණු පසු බැසීමකට ලක්ව සිටියදී ශ්‍රී ලංකාවට හමුවන හෙයින් ශ්‍රී ලංකාව සිය දෙවැනි ජයග්‍රහණය අපේක්ෂාවෙන් තරග බිමට පිවිසේ. එමෙන්ම එංගලන්තයද ශ්‍රී ලංකා පිලෙන්…

2023 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව පළමු ජය වාර්තා කරයි
|

2023 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව පළමු ජය වාර්තා කරයි

2023 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර පැවති තරගයෙන් කඩුලු 5ක ජයක් අත් කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 49 පන්දු 4ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 262ක් රැස් කළේය. Sybrand Engelbrecht ලකුණු 70ක් සහ Logan van Beek ලකුණු 59ක් ලබා ගත්තා. ලකුණු 263ක ඉලක්කයක් හඹා ගිය…