මන්ත‍්‍රී සුමන්තිරන් කුඹුරු හායි

manthree

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පසුගියදා කිලිනොච්චිය කණ්ඩාවලෙයි ප්‍රදේශයේ කුඹුරක සාම්ප්‍රදායික ගොවිතැන් සිහිගැන්වෙන අයුරින් ගොවිතැන් කටයුතු වල නිරත වී ඇත. සුමන්තිරන් මන්ත්‍රීවරයා විසින් මන්ත්‍රීවරයාගේ ඥාතියෙකුට අයත් කුඹුරක පෙර ගොවීන් සාම්ප්‍රදායිකව සිදුකෙරෙන ගවයින් යොදා සී සෑම , තල්කොලේ ආහාර ගැනීම, කුඹුරේ කිරි උතුරා කිරිබත් පිසීම, සාම්ප්‍රදායික් ගොවීන් හමු වී ඔවුන් සමග තල්පතේ ආහාර ගැනීම ආදිය ඇතුලත් ඡායාරූප සමාජ මාධ්‍යන්හි සංසරණය වෙයි. එම අවස්ථාවට සහභාගී වෙමින් මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසා ඇත්තේ, ‘මේ වන විට රට පුරා සිටින ගොවීන් පොහොර සම්බන්ධයෙන් ගැටලුවකට මුහුණ පා සිටින අවස්ථාවේදී මහකන්නයේ ගොවිතැන් ආරම්භ…

Read More

අනුරාධපුරයේ අක්කර 12500ක් විදෙස් ව්‍යාපාරිකයකුට

komararika

කෝමාරිකා වගාවකට යැයි පවසමින් අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ අක්කර එක් ලක්‍ෂ විසිපන් දහසක භූමි ප‍්‍රමාණයක් කැබිනට් අනුමැතිය ද ඇතිව විදේශීය ව්‍යාපාරිකයකුට පවරා දී ඇතැයි ‘‘සුරකිමු ශ‍්‍රී ලංකා’’ සංවිධානයේ සභාපති පාහියංගල ආනන්ද සාගර හිමියෝ ඊයේ (13දා) පැවසූහ. අදාළ ඉඩම් පවරා දීම සිදුකර ඇත්තේ ඉඩම් හඳුනා ගැනීමකින් තොරව සහ ඉඩම් පටිපාටිය ද උල්ලංඝනය කරමින් මෙරට නීතිය ද අබිබවා යමින් බවද උන්වහන්සේ සඳහන් කළහ. කෝමාරිකා වගාවට යැයි පවසමින් රජයේ ප‍්‍රබල ඇමැතිවරුන් කිහිපදෙනෙකුගේ මැදිහත් වීම මත මෙම ඉඩම් පවරා දීම සඳහා 2021.08.31 දා පැවැති කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇතැයි ද ආනන්ද සාගර හිමියෝ පැවසූහ. අනුරාධපුර…

Read More

ඩිජිටල් අත්සන පිළිගන්නා පළමු බැංකුව කොමර්ෂල්

commecial-bank

ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනතට අනුකූල වන මෙරට තිබෙන එකම වාණිජමය මෙහෙයුම් සහතිකකරණ අධිකාරිය වන ලංකා ක්ලියර් ආයතනය විසින් මෙහෙයවන LankaSign භාවිත කරන ව්‍යාපාරික ගනුදෙනුකරුවන්ගෙන් ඩිජිටල් ආකාරයෙන් අත්සන් කළ ලේඛන පිළිගන්නා බව කොමර්ෂල් බැංකුව නිවේදනය කර තිබේ. මේ අනුව ඩිජිටල් අත්සන් පිළිගැනීමේ පළමු පියවර ලෙස බැංකුව පසුගියදා මෙයට අදාළ වන අවබෝධතා ගිවිසුම ලංකා ක්ලියර් ආයතනය සමඟ අත්සන් කරන ලදි. ලේඛන අත්සන් කිරීම සඳහා LankaSign පිළිගන්නා ශ‍්‍රී ලංකාවේ පළමු මූල්‍ය ආයතනය බවට කොමර්ෂල් බැංකුව මේ සමඟ පත්වන බව බැංකුව සඳහන් කරයි. මේ වැඩසටහනේ පළමු පියවර ලෙස බැංකුව විසින් සිය ආයතනික ගනුදෙනුකරුවන්ව තමන්ගේ අන්තර්ජාල…

Read More

එල්පීඑල් තරග 20ක් කොළඹදී

lpl

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දෙවැනි වරට සංවිධාන කරන ලංකා ප්‍රිමියර් ලීග් (එල්පීඑල්) ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ඊයේ ප්‍රකාශයට පත් කළේය. එළැඹෙන දෙසැම්බර් මස 5 වැනිදා ආරම්භ වන මේ තරගාවලිය 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර, මෙවර තරගාවලියේ මූලික වටයේ තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීත්, අවසන් වටයේ තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදීත් පැවැත්වීමට කටයුතු යොදා තිබීම විශේෂත්වයකි. මූලික වටයට තරග 20ක් ඇතුළත් වන අතර, අවසන් වටයේ වෙනසක් සිදු කරමින් තරග 4ක් පැවැත්වීමට කටයුතු යොදා තිබීම ද කැපී පෙනේ. පසුගිය වසරේ තරගාවලියේදී අවසන් පූර්ව තරග 2ක් සහ අවසන් මහා තරගය පැවැති…

Read More

වැඩිමහල් සහෝදරයා විසින් බාල සහෝදරයා ඝාතනය කරයි

Murder

වැඩිමහල් සහෝදරයා විසින් බාල සහෝදරයා තිබුණු ආයුධයකින් පහරදී ඝාතනය කල සිදුවීමක් මාතලේ , කලුදෑවලදී ප්‍රදේශයන් වාර්තා වනවා. පොලීසිය සඳහන් කළේ, පවුල් ආරවුලක් දුරදිගයාමෙන් ඝාතනය සිදුව ඇති බවයි. පහර දීමෙන් ඝාතනයට ලක්ව ඇත්තේ 31 හැවිරිදි කලුදෑවල පදිංචිකරුවෙක් වන අතර ඝාතනය සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම , සැකකටයුතු ලෙස මියගිය පුද්ගල මළ සිරුරක් වරකාපොළ ප්‍රදේශයේදී සොයාගෙන තිබේ. ඒ (13) දහවල් වරකාපොල තුල්හිරිය ප්‍රදේශයේ මාඔය ඉවුරේ තිබියදීය. පොලීසිය සඳහන් කළේ මියගොස් ඇති පුද්ගලයාගේ මුඛය ප්ලාස්ටරයක් අලවා ආවරණය කරතිබූ බවය. ඒ ආසන්නයේ තිබී ජාතික හැඳුනුම්පතක් ද හමුවී ඇති අතර ඒ ඔස්සේ සිදුකළ විමර්ශන…

Read More

දේශීය දියර කිරි හා බිත්තර අද හෙටම ඉහළට

eggs

අද හෙටම වැඩිම වන තවත් දේවල් මෙන්න දේශීය දියර කිරි මිල ගණන් ද අද හෙටම ඉහළ යනු ඇතැයි පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමැති ඩී.බී.හේරත් පැවසුවේය. දියර කිරි මිල ඉහළ දමන ලෙස කිරි ගොවි සංගම් කීපයක් ඉල්ලීම් කර ඇතැයි ද ඇමැතිවරයා කියයි. ඒ පිළිබඳව සලකා බලන බවත් වෙ‍ළෙඳපොළේ කිරි මිලත් සමග දියර කිරි මිලද සංසන්දනය කිරීමට සිදුවන බැවින් දේශීය කිරි ගොවියාට වැඩි මිලක් ලබා දීමට සිදුවන බවත් ඇමැතිවරයා සඳහන් කළේය. තරගකාරී පසුබිම මත දේශීය දියර කිරි මිල රජය මගින් ඉහළ දැමීමේ අවශ්‍යතාවක් පැන නොනගින…

Read More

ලොවක් හඬවමින් ලෝක ශූරියක් ඝාතනය කෙරේ

lokasuri

කෙන්යානු ජාතික දිගු දුර ධාවන ධාවන ලෝක ශූරිය Agnes Tirop ගේ සිරුර ඇයගේ නිවසේ තිබී සොයාගෙන තිබෙනවා. ඇය පිහි ඇනුමකින් ඝාතනය වී ඇති බවටයි සැකපළ කරන්නේ. ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ඇයගේ සැමියා සොයා මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Read More

මධ්‍යම කඳුකරයේ දිය ඇලි සක්‍රීය වෙයි.

water falls

මධ්‍යම කදුකරයට මෙම දිනවල ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කදුකරයේ දිය ඇලි සක්‍රීය  තත්වයන්ට පත්ව ඇත. එම තත්වයන් මත ඩෙවන්, දියගල, ශා/කේලායාර් යන ප්‍රධාන දිය ඇලි ඇතුළු තවත් දිය ඇලි කිපයක් සක්‍රීය  තත්වයන්ට පත්ව හැඩවි ඇද හැලෙන අයුරු දැක ගත හැකිය . මනුර සුදත් සෙල්ලහේවා හැටන්  

Read More

online ටියුෂන් වලට අධික මුදල් අය කිරිමෙන් දෙමාපියන් අසීරුවට.

online class

ඔන් ලයින් ඔස්සේ අමතර පංති පවත්වනු ලබන සමහර ගුරුවරුන් මෙම දිනවලදි අධික මුදලක් අය කිරිමත් සමග තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව දෙමාපියන් පවසති. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම දෙමාපියන් පවසනුයේ පාසල් වසා දමා ඇති මෙම කාලයේ ගුරු විදුහල්පති වෘත්තිය ක්‍රියා මාර්ග හේතුවෙන් ගුරුවරුන් විසින් සිදු කරන ලද ඔන් ලයින් ඉගැන්විම් නතර කලද සමහර ගුරුවරුන් අධික මුදලක් අය කරමින් අමතර පංති පවත්වන බවත්ය. මෙසේ අමතර පංති පවත්වන සමහර ගුරුවරුන් ශීෂ්‍යත්ව පංති හා සාමාන්‍ය පෙළ පංති පවත්වන බවත් එම සමහර ගුරුවරුන් ශිෂ්‍යත්වය සදහා එක් විෂයකට රුපියල් 750ත් 1000ත්…

Read More

පොහොර නැතුව වතුර එපා!

elahera

මෙවර මහ කන්නයේ වගා කිරීමට ඇළහැර ව්‍යාපාරයට පොහොර නොමැතිව මොරගහකන්ද ජලාශයෙන් ජලය නිකුත් නොකරන්නැයි ආණ්ඩුවට බල කරමින් ඇළහැර ව්‍යාපාරයේ ගොවි  එකමුතුව  ඊයේ (13) බකමුණ නගරයේ දී දැවැන්ත විරෝධතාවයක් පැවැත්වූහ. බකමූණ දඹුල්ල ප්‍රධාන  මාර්ගයේ වටරවුම අසලින් මෙම විරෝධතාවය ආරම්භ කර බකමූණ නගරය මධ්‍යයේ විරෝධතා පෙළපාලියකින් විරෝධතා පුවරු ද සහිතව මිනී පෙට්ටියක්  රැගෙන යමින් ගොවීන් මෙම විරෝධතාව පැවැත්වූහ.සිය විරෝධයට අදාළ කරුණු සහිත සන්දේශයක් මොරගහකන්ද නේවාසික ව්‍යාපාර කළමනාකරණ කාර් යාලයට භාර දීමට ද විරෝධතාකරුවෝ කටයුතු කළ හ. ඇළහැර ව්‍යාපාරය ගොවි සංවිධාන හතලිහකට අයත් ගොවීන් පන්සියයකට වැඩි පිරිසක් මෙම විරෝධතාවයට එක්ව සිටි අතර පැය…

Read More