මහ බැංකුව වැඩ අල්ලයි
|

මහ බැංකුව වැඩ අල්ලයි

කෝවිඞ්-19 වසංගත තත්ත්වය සමග මතුවිය හැකි අර්බුදකාරී තත්ත්වයන් හමුවේ ආර්ථිකය නගා සිටුවීම සඳහා රජයේ ප‍්‍රයත්නයන්ට සහාය දීමක් ලෙස, නව ණය වැඩසටහන් හඳුන්වා දීමට ශී‍්‍ර ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා. ඒ අනුව, 2020 මාර්තු මස 27 වන දින හඳුන්වා දුන් ප‍්‍රතිමූල්‍යකරණ යෝජනා ක‍්‍රමය යටතේ දැනටමත් ලබා දී ඇති රුපියල් බිලියන 27. 5 ට අමතරව ශ‍්‍රී…

විනය ගරුක, ගුණ ගරුක රට ගොඩ නගන්නේ මිලිටිරි කාර්ය සාධක බලකා මගින්ද?

විනය ගරුක, ගුණ ගරුක රට ගොඩ නගන්නේ මිලිටිරි කාර්ය සාධක බලකා මගින්ද?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය ජූනි 02 දින අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් සුවිශේෂී කාර්ය සාධක බලකායක් පිහිටුවා ඇත. අති විශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ විනය ගරුක  පරිදි එය සුරක්ෂිත රටක්, විනය ගරුක, ගුණ ගරුක හා නීති ගරුක සමාජයක් ගොඩ නැගීම සඳහා කාර්ය සාධක බලකායක් පිහිටුවන බවයි. ගැසට් නිවේදනයේ දැක්වෙන පරිදි ජනාධිපතිවරයා මෙම කාර්ය සාධක බලකාය පිහිටුවා ඇත්තේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවෙන්…

mathiwarana-komition-sabawa

මැතිවරණ කොමිසම ජනපති හමුවට

අද  (17) ජනාධිපතිවරයා සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී සාකච්ජාවක් පැවැත්වීමට නියමිතයි. මහ මැතිවරණය සහ එහි කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

චින හමුදාව සමඟ ඉන්දීය හමුදා ගැටෙති

චින හමුදාව සමඟ ඉන්දීය හමුදා ගැටෙති

ඉන්දු – චීන , හිමාල දේශසීමාවේදි  චින හමුදාව සමඟ ඉන්දීය හමුදා අතර වසර 45කට පසු සිදු වූ දරුණුතම ගැටුමක් ඇති වී ඇත. සිදු වූ ගැටුමින් මිය ගිය ඉන්දීය හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 20 දෙනෙකු දක්වා ඉහලගොස් තිබේ. තවත් පිරිසක් තුවාල  ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණි.  

පාලන මිලට වඩා වැඩි මිලට කුකුල් මස් අලෙවි කරන වෙළඳුන් වටලයි

පාලන මිලට වඩා වැඩි මිලට කුකුල් මස් අලෙවි කරන වෙළඳුන් වටලයි

පාලන මිලට වඩා වැඩි මිලට කුකුල් මස් අලෙවි කරන වෙළඳුන් සම්බන්ධයෙන් වන වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි. සම සහිත කුකුල් මස් සඳහා රුපියල් 430 ක් සහ සම රහිත කුකුල් මස් සදහා රුපියල් 500 ක් ලෙස පාලන මිල නියම කරමින් පසුගියදා ගැසට් පත්‍රයක් නිකුත් කළේය. වැඩි මිලට මස් අලෙවි කරන වෙළදුන් සම්බන්ධයෙන් පැමිණිලි…

පොදු ජන පෙරමුණ නුවරඑළියෙන් විශිෂ්ඨ ලෙස ජය ගන්නා බව සදාසිවම් පවසයි

පොදු ජන පෙරමුණ නුවරඑළියෙන් විශිෂ්ඨ ලෙස ජය ගන්නා බව සදාසිවම් පවසයි

මෙවර පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිවරණයේදි ශ්‍රිලංකා පොදු ජන පෙරමුණ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් විශිෂ්ඨ ලෙස ජය ගන්නා බව එම පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක එස්. සදාසිවම් මහතා පවසයි. ඒ මහතාගේ නුවරඑළිය කාර්යාලයේදි මාධ්‍ය හමුවකදි මේ බව ප්‍රකාශ කල සදාසිවම් මහතා වැඩි දුරටත් මෙසේ පවසන ලදි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාව මේ වන විට පොහෝට්ටුවට ඡන්දය ලබා දෙන්න තිරණය කරලා ඉවරයි අද…

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් චීනයට අනතුරු අගවයි

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් චීනයට අනතුරු අගවයි

චීනයේ බීජිං නුවරින් නැවත වරක් කොරෝනා ආසාදිතයින් වාර්තාවීමත් සමඟ කොරෝනා වෛරස ව්‍යාප්තිය පිළිබඳව චීනය වඩාත් සැලකිලිමත් විය යුතු බවලෝක සෞඛ්‍ය සංවිධානය විසින්  අනතුරු ඇඟවීමක් සිදුකර ඇති බව වාර්තා වෙයි. ගත වු දින පහක කාලය තුළ බීජිං නගරයෙන් කොවිඩ් ආසාදිතයින් 106 දෙනෙකු හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි. මේ අතර බීජිං නුවර ප්‍රදේශ කිහිපයක සංචරණ කටයුතු සීමා…

කොරෝනා වැළඳී සුවය ලැබූ වෙකුට යළිත් රෝගය වැළදෙයි

කොරෝනා වැළඳී සුවය ලැබූ වෙකුට යළිත් රෝගය වැළදෙයි

කුවේට්හි සිට පැමිණෙන විට කොවිඩ් නයින්ටීන් රෝගියෙකුව සිට මෙහිදී රෝහල් ගතව සුවය ලැබූ කාන්තාවකට යළිත් වරක් කොවිඩ් නයින්ටීන් රෝගය වැළදී තිබේ. අනුරාධපුර කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිව සිටින 36 හැවිරිදි කාන්තාවකට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. පී.සී.ආර්.පරීක්ෂණයකදී කොවිඩ් නයින්ටීන් රෝගය වැළදී ඇති බවට තහවුරු වී ඇත.

භෝග වනසන පළගැටියන් මර්ධනය සාර්ථකයි

භෝග වනසන පළගැටියන් මර්ධනය සාර්ථකයි

දිවයිනේ ප‍්‍රදේශ රැසකින් වාර්තා වූ බෝග වනසන පළගැටියා මේ වනවිට සාර්ථකව මර්දනය කරමින් ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. ඉතා කෙටි කාලයක් තුළ පළගැටියන් සීග‍්‍ර වශයෙන් වැඩිවීමට බලපෑ හේතු කිහිපයක් මේ සම්බන්ධයෙන් සිදුකළ පරීක්‍ෂණවලදි අනාවරණ වූ බව සදහන් කරයි. ඇතැම් ප‍්‍රදේශවලින් තවදුරටත් මෙම පළගැටියන් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වුවහොත් කඩිනමින් ඒ සම්බන්ධයෙන් දැනුවත් කළයුතු බවයි මෙහිදී අවධාරණය කරයි.

gotabahaya

බතික් රෙදි පිළි ආනයනය නතර කිරීමට යයි

අත්යන්ත්‍ර සහ බතික් රෙදිපිළි ආනයනය නතර කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කරයි. මේ කර්මාන්තවල නිරත නිෂ්පාදකයන් නගා සිටුවමින් තවත් නිෂ්පාදකයන් ඊට ආකර්ශණය කර ගැනීම ඉන් අපේක්ෂා කෙරේ. ආනයනික රෙදි භාවිතයෙන්, නිපැයෙන ඇඟළුම් වෙනුවට දේශීය රෙදි නිෂ්පාදන ආශ්‍රිත නිමි ඇඳුම් සඳහා වැඩි වෙළෙඳ පොළ අවස්ථාවක් ලබාදීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා විය. රෙදිපිළී සහ ඇගළුම් කර්මාන්තයේ…