bandanagara
|

බන්ධනාගාර රෝහලේ තදබදය ඉහළට

බන්ධනාගාර රෝහලේ තදබදය තවදුරටත් ඉහළ ගොස් ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේය. එකසිය අසූවකට පමණක් ප්‍රතිකාර ලබා දිය හැකි රෝහලේ රෝගී රඳවියන් 380ක් සිටින බවද එම ආරංචි මාර්ග පැවසීය. මේ හේතුවෙන් එක ඇඳක රෝගීන් දෙදෙනකු බැගින් රැඳවීමට සිදුව ඇතැයි පැවසේ.

derana news today
|

අස්වැසුම අයැදුම්පත්‍ ඉදිරිපත් කිරීමේදී හැඳුනුම්පත අනිවාර්යයි

අස්වැසුම දෙවැනි අදියර සඳහා අයැදුම්පත්‍ර ඉදිරිපත් කිරීමේදි හැඳුනුම්පත අනිවාර්ය කර ඇතැයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. එහි සභාපති ජයන්ත විජේරත්න මහතා පැවසුවේ, එකම පුද්ගලයා අයැදුම්පත්‍ර කිහිපයක් ඉදිරිපත් කිරිම වැළැක්වීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බවයි. පළමු අදියර යටතේ හැඳුනුම්පත අනිවාර්ය කර නොතිබූ බවද ඔහු සඳහන් කළේ ය. අස්වැසුම දෙවැනි අදියර සඳහා ලබන මස 15 වැනිදා දක්වා…

dailyreporter
|

පාතාලයන් අල්ලන්න රතු නිවේදන 42ක්

රටින් පළා ගොස් සිටින අපරාධකරුවන් 42ක් අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදන 42ක් නිකුත් කර ඇති බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කියයි. මෙම 42 දෙනා අන්තර්ජාතික පොලිසියේ සහය ඇතිව මෙරටට ගෙන්වා ගැනීමට සමීපව කටයුතු කරමින් සිටින බව ද හෙතෙම කියයි. ඩුබායි රාජ්‍යයේ සිට ඊයේ මෙරටට ගෙන්වාගත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කුඩු සළිඳුගේ ප්‍රධාන…

පාසල් උපකරණ මිල දෙගුණයකින් ඉහළට
|

පාසල් උපකරණ මිල දෙගුණයකින් ඉහළට

රජය මගින් පසුගිය ජනවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 18ක් දක්වා ඉහළ නැංවූ එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් හේතුවෙන් භාණ්ඩ රැසක මිල ගණන් ඉහළ යන ලදි. ඒ අතරට පාසල් උපකරණද අයත් වූ අතර පෙර වසරට සාපේක්ෂව මිල දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇතැයි ජනතාව පවසයි. එලෙස මිල ගණන් ඉහළ යාමත් සමග මේ…

dailyreporter
| |

කාන්තාවන්ට හිංසා කල ජැක්සන්කෙනෙක් අල්ලයි

හැටන් සාමිමලේ බස් නැවතුම්පලේදි කාන්තාවන්ට හිංසාවන අකාරයෙන් හැසිරුන පුද්ගලයකු කාන්තා පොලිස් නිලධාරි උපාය දුතයකු ලෙස යොමු කර අත් අඩංගුවට ගැනිමට හැටන් පොලිසියේ නිලධාරින් පියවර ගෙන ඇත. හැටන් සාමිමලේ බස් නැවතුම් පලේ රැදි සිටින පාසල් සිසුවියන්ට හා කාන්තාවන්ට හිංසාවන අකාරයෙන් පුද්ගලයකු හැසිරෙන බවට ලද තොරතුරක් මත එය සනාත කර ගැනිම සදහා කාන්තා පොලිස් නිලධාරියක් උපාය දුතයකු…

වතු කම්කරුවන්ගේ අයිතින් පිලිබදව දැනුවත් කිරිමේ වැඩ සටහනක් සිටික් ආයතනය විසින් පවත්වන ලදි
|

වතු කම්කරුවන්ගේ අයිතින් පිලිබදව දැනුවත් කිරිමේ වැඩ සටහනක් සිටික් ආයතනය විසින් පවත්වන ලදි

වතු කම්කරුවන්ගේ අයිතින් පිලිබදව වතුකරයේ තරුණ පිරිස දැනුවත් කිරිමේ වැඩ සටහනක් හැටන් සිටික් ආයතනයේදි 14වන දින පවත්වන ලදි. මෙහිදි අදහස් දැක්වු සිටික් ආයතනයේ නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකාරක එස්. නිකලස් මහතා පවසන ලද්දේ වතුකරයේ ජනතාවගේ අස්ථාන ගතවන මෙන්ම අලුතින් ලබා ගත යුතු උප්පැන්න සහතික, මරණ සහතික, ජාතික හැදුම්පත්, මෙන්ම ඊ. ටි. එෆ්. හා ඊ. පි. එෆ්. අරමුදල්…

ළමා අපයෝජන පැමිණිලි 10,000ක්
|

ළමා අපයෝජන පැමිණිලි 10,000ක්

ළමා අපයෝජන සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිලි 10,000කට ආසන්න සංඛ්‍යාවක් පසුගිය වසරේ දී ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ලැබී තිබේ. එහි සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා පැවසුවේ, පසුගිය වසරේ ජනවාරි පළමු දින සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ ළමා ආරක්ෂක අධිකාරිය වෙත පැමිණිලි 9,434ක් ලැබී ඇති බවය. ළමයින් ක්‍රෑරත්වයට භාජනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 2,242, ලිංගික…

රට ගොඩනැගිය හැකි එකම පුද්ගලයා රනිල් වික්‍රමසිංහයි
|

රට ගොඩනැගිය හැකි එකම පුද්ගලයා රනිල් වික්‍රමසිංහයි

පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා හැකියාව ඇති එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බැවින් ඉදිරි ජනපතිවරණයේ දී තම සහය ඒ මහතා ට ලබාදෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි. පක්ෂයක් ලෙස ගන්නා තීරණය දෙවැනි තැනට දමා රට ගැන හිතා තමන් ඉදිරි ජනපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතා දිනවීමට කටයුතු…

ආර්ථික වශයෙන් අසීරු අවස්ථාවක වැඩ වර්ජන සිදු නොකළ යුතුයි
|

ආර්ථික වශයෙන් අසීරු අවස්ථාවක වැඩ වර්ජන සිදු නොකළ යුතුයි

රට පවතිනුයේ වැඩවර්ජන ක්‍රියාත්මක කිරීමට සුදුසු අවස්ථාවක නොවන බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අප රට මුහුණදී ඇති ආර්ථික සහ රාජ්‍ය මූල්‍ය අර්බුදය තුළ රජයකට ජනතාවට සහන වශයෙන් කළ හැකි සියලු දේ කරමින් අයවැය ලේඛණය ඉදිරිපත් කර ඇතැයිද, අමූලික අසත්‍ය රට තුළ පතුරවාහරින පිරිස් හැර අනෙක් බුද්ධිමත් සියලු ජනතාව එය මේ…

loan
| |

ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය නිසා ලක්ෂ 28ක් අගතියට

ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය හේතුවෙන් අගතියට පත් පාර්ශ්ව සම්බන්ධයෙන් ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධානය යොමු විය. මේ පිළිබඳ අවධානය යොමු වූයේ ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේදීය. මෙම කාරක සභාව සඳහා ක්ෂුද්‍ර මූල්‍ය ණය…