badweather
|

ඉදිරි පැය කිහිපය සම්බන්ධව විශේෂ දැනුම්දීමක්

දිස්ත්‍රික්ක 13ක් සඳහා බලපැවැත්වෙන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නවතම නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ අද (11) පස්වරුවේ හෝ රාත්‍රී කාලයේ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් ඇති බවයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ වයඹ යන පළාත්වලට හා ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලට බලපැවැත්වෙන පරිදි මෙම අනතුරු ඇඟවීම සිදුකරන බවයි. කාලගුණ බලධාරීන් ජනතාවගෙන් ඉල්ලීමක්…

derana news today
|

අස්වැසුමට තව පවුල් 182,140ක් සුදුසුකම් ලබති

අභියාචනා සහ විරෝධතා සලකා බැලීමෙන් පසු අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා තවත් පවුල් 182,140ක් සුදුසුකම් ලබා තිබෙන බව මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා පවසයි. ඔවුන්ට අදාළ හිඟ මුදල් ඇතුළු සියලු ගෙවීම් මේ මස 18 වැනිදා වන විට ගිණුම්ගත කිරීමට කටයුතු කරන බව පවසන ඒ මහතා ඒ අනුව දැනට 1,854,000ක් අස්වැසුම…

ප්‍රංශයේ දී පදක්කම් ලැබූ ඩිලන්ත මාළගමුව දිවයිනට
|

ප්‍රංශයේ දී පදක්කම් ලැබූ ඩිලන්ත මාළගමුව දිවයිනට

ප්‍රංශයේ පෝල් රිකාට් ධාවන පථයේ පැවති යුරෝපියානු ජී.ටී.- 4 මෝටර් රථ ධාවන ශූරතා තරගාවලියට සහභාගී වී , එයින් දෙවන ස්ථානය දිනා ගත් ශ්‍රී ලාංකික මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාළගමුව මහතා ඊයේ(10) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය. මෙම තරගය ඉකුත් 05 , 06, සහ 07 යන දින වල ලෝකයේ රටවල් 40 ක මෝටර්…

Ranil
|

මුස්ලිම් ජනතාව මාසයක් පුරා උපවාස කරන්නේ තමාටත් අනුන්ටත් යහපත උදාකිරීමටයි – ජනපති

ශ්‍රී ලාංකේය මුස්ලිම් ජනතාව ගෙවුණු දුෂ්කර අවස්ථාවන්හි මෙන්ම රට යහපත් මට්ටමට ළඟා වෙමින් තිබෙන මේ අවස්ථාවේ පවා උපවාසයේ යෙදෙමින් සමාජයට යහපත ප්‍රාර්ථනා කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය රාමසාන් දින පණිවිඩයෙන් කියා සිටියි. ජනාධිපතිවරයාගේ රාමසාන් පණිවිඩයේ මෙසේ ද සඳහන් වේ. ලොව වෙසෙන ඉස්ලාම් භක්තිකයන් මාසයක් පුරා උපවාස කරනුයේ තමන් වෙතද, අනුන් වෙත ද යහපත…

කල්පනී ගොඩබිමට
|

කල්පනී ගොඩබිමට

කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් මුහුදේදී ආපදාවට පත්ව පා වෙමින් තිබියදී ඉන්දියානු වෙරළ ආරක්ෂක අංශයෙන් සොයා ගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් ධීවරයන් ද සමඟ ගොඩබිමට රැගෙනවිත් තිබේ. පේදුරුතුඩුවේ සිට කිලෝමීටර් 91ක් පමණ දුරින් වූ උතුරු මුහුදේදී එන්ජින් යන්ත්‍ර අක්‍රීයවීමෙන් ආපදාවට පත්ව ඉන්දීය මුහුදු තීරය දෙසට පාවෙමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් කොළඹ සමුද්‍රීය…

අලුත් අවුරුදු සමය තුලදි වීශේෂ ආරක්ෂක සැලැස්මක්
|

අලුත් අවුරුදු සමය තුලදි වීශේෂ ආරක්ෂක සැලැස්මක්

සිංහල හින්දු අලුත් අවුරුදු සමය තුලදි හැටන් පොලිස් කොට්ඨාශයේ පොලිස් ස්ථාන නවයම ආවරණය වන පරිදි වීශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කිරිමට පියවර ගෙන ඇති බව හැටන් පොලිස් අධිකාරි නිපුන දෙහිගම මහතා පවසයි. මේ පිලිබදව කරන ලද විමසිමකදි වැඩි දුරටත් අදහස් දැක්වු නිපුන දෙහිගම පවසන ලද්දේ සිංහල හිංදු අලුත් අවුරුදු සමය තුලදි තමන්ට අවශ්‍ය බඩු භාන්ඩ ලබා…

Journalists for Rights press Balance public interests and rights when bringing new laws, Journalists for Rights say
|

නව නීති ගෙන ඒමේ ක්‍රමවේදය ප්‍රජාතාන්ත්‍රික විය යුතුයි – අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ

රජය විසින් නව නීති ගණනාවක් මෑතදී සම්මත කර තිබෙන අතර මහජනතාවට හිතකර නීති මෙන්ම ජනතාවගේ අයිතීන් සීමා කරන අහිතකර නීති ද ඒ අතර තිබෙන බව අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානයේ ලේකම් නීතීඥ දුලාන් දසනායක මහතා 2024 අප්‍රේල් 8වැනි දින කොළඹදී පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය. එහිදී ඔහු වැඩිදුරටත් මෙසේ ද පැවසීය: “ලංකාවේ ඉතිහාසයේ පළමු වතාවටයි, මෙවැනි…

dailyreporter
|

ගසා කෑමට ලක්ව ඇති පාරිභෝගිකයන්ට සාධාරණය ඉල්ලා සිවිල් සංවිධාන එකමුතුව විරෝධතාවකෙ

පාර්ලිමේන්තු ක්‍රම සහ විධි කාරක සභාව විසින් පසුගිය දින නිකුත් කළ වාර්තාව මගින් ජාවාරම්කාර ව්‍යාපාරිකයන් පිරිසක් පාරිභෝගික ජනතාවගෙන් ගසා කා ඇති බව හෙළිවීමත් සමඟ සිවිල් සංවිධාන එකමුතුව විසින් ඊයේ (08) දින පාරිභෝගික සේවා අධිකාරිය මේ පිළිබඳව ක්‍රියාමාර්ග ගතයුතු බව පවසමින් අධිකාරිය ඉදිරිපිට විරෝධතාවයක් සංවිධානය කර තිබිණි. ඉන් අනතුරුව අමාත්‍යවරයා හමුවීමට වෙළඳ අමාත්‍යංශය වෙත ගිය සිවිල්…

dailyreporter
|

සූරියපුර ශෝකාන්තය

සූරියපුර කියන්නෙ කන්තලේ හා සේරුවිල මාර්ගයේ ඇති කැලයෙන් වටවූ ජනපදයකි. මෙම ජනපදයට දැනට දශක හයකට ආසන්න කාලයක් ගතවී ඇති අතර පදිංචිව සිටින්නේ වැඩිපුරම කන්තලේ ප්‍රදේශයෙන් ගිය ගොවීන් හා ඔවුන් ගේ තරුණ දූ පුතුන් ය. අති දුෂ්කර කටුක දිවි පෙවෙතක් ගෙවන මෙම ජනපදය අඩුම තරමින් මාසයකට එක වරක් හෝ වන අලින් ගේ පහර දීමක් හෝ වෙඩි…

elawalu digital backpack vegetables name vegetables price in sri lanka pictures of vegetables english name of vegetables vegetables price list today vegetables price today vegetables images
|

එළවලු මිල පහළට

පසු ගිය දිනවල  දැඩි ලෙස ඉහල ගොස් තිබු එළවලු මිල මේ වන විට දැඩි ලෙස පහළට බසිමින් පවති. මේ වන විට මෙම ප්‍රදේශයන් තුල බෝංචි, ලික්ස් ක්‍රිලෝව රුපියල් 160ත් 200ත්, තක්කාලි ක්‍රිලෝව රුපියල් 180ත් 200ත්, බණ්ඩක්කා ක්‍රිලෝව රුපියල් 100ත් 120ත්, කැරට් ක්‍රිලෝව රුපියල් 300ත් 350ත් අතර මිලකට අලෙවි වනු ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන…